ගැබිණි කාන්තාවන් වෙනුවෙන් පැවැත්වෙන පුහුණු පන්තිවලට මම සහභාගී වුනෙමි. මව්කිරි දෙන කාලයට අඳින තනපට කිහිපයක් මිලදී ගත්තෙමි. මා දැන් දරුවාට කිරි දෙන මවක් වීමට සුදානම් ය.
නමුත්, දරුවා ඉපිද දින දෙකකට පසුවත් මව්කිරි වෑහෙන්න ගත්තේ බිංදු කිහිපයක් පමණි. මම සම්බාහනය කර උත්සාහ කලෙමි. මේදය අධික ආහාර අධික ලෙස ගිල දැමුවෙමි. එළකිරි ගැලුම් ගණන් පානය කලෙමි.
තුන්වැනි දිනයේ දී පවුල් සෞඛ්‍ය සේවිකාව පැමිණියාය. වහාම රෝහල් ගත වන ලෙස ඇය මට නියෝග කළාය. මගේ පුංචි පැටියා හාමත් වී සිටියාය.
“දරා ගන්න අමාරුයි”
රෝහලට ගිය පසු මව්කිරි දොවන කුඩා පොම්පයක් යොදා ගනිමින් කිරි ලබා ගැනීමට උත්සාහ කළ ද කිරි වෙනුවට රුධිරය වෑහෙන්නට පටන් ගත්තේය.
“මට මොනවා වෙලාද? මගේ පියයුරු මව් පදවිය ප්‍රතික්‍ෂේප කරනවද?” මට සිතුණි. මාගේ කුඩා බිළිඳා කිරි පොදක් බීමට තන පුඩුව තදින් උරන්නට වීම නිසා එය තුවාල විය.
මවකට කිරි එරීම සවභාවිකව ම සිදු නොවන බව මම කල්තියා දැන සිටියානම් කෙතරම් අගනේ ද?
එය පිරික්සුම් හා වැරදීම් න්‍යාය ( trial and error) මත පවත්නා ක්‍රියාවලියකි.
පුහුණුවීම තුළින් තත්වය යහපත් අතට හරවා ගත හැකිය. ඒ සඳහා අත්හදා බැලිය හැකි උපායන් එමටය. නමුත් එය එතරම් පහසු නොවේ. විටෙක ඉතා වේදනාකාරීය.
තනි වීම
යතාර්ථයට මුහුණ දුන් දරුවා මව්කිරි බීම ක්‍රමයෙන් ආරම්භ කළේය. දැන් උවමනාවටත් වඩා මව්කිරි වෑහෙන්නට විය. මට සුව පහසු නින්දක් ලබන්නට කාලයක් නොමැත. තනිව නිදහසේ දිය නෑමට අවස්ථාවක් නැත. කැඩපත ඉදිරියට ගිය මොහොතක් මතක නැත.
නිවසෙන් පිටවී ගමනක් යාමට හිතෙන්නෙම නැති තරම්ය. ” මාව දැක්කොත් අසල්වැසියෝ මොනවා හිතයිද? මගේ මිතුරියන්ට මොනවා හිතෙයිද?”
මම ගැවසෙන්නට කැමතිම තැන්, දැන් පය ගසන්නට අකමැති ම තැන් බවට පත් වී තිබේ. ප්‍රසිද්ධ ස්ථානවල දී දරුවාට මව්කිරි ලබා දීමේදී මට අපහසුතාවයක් දැනේ.
රෑ මැදියමේ මම නින්දෙන් අවදි වෙමි. දරුවා සමඟ තනි වෙමි. පිටස්තර ලෝකයෙන් ම තනි වී ඇති බවක් දැනේ. පශ්චාත් ප්‍රසව විශාදය මා වෙලා ගැනීමට ආසන්න ය.
තමන්ව රැක බලා ගැනීම දරුවා රැක බලා ගැනීම තරම්ම – ඇතැම් විට ඊටත් වඩා – වැදගත් බව මම මීට පෙර දැන සිටියානම් කෙතරම් හොඳදැයි මට සිතේ.
කාංසාවෙන් පෙළෙන, විෂාදයට ලක් වී බිඳ වැටුණු මවකට වඩා නිසි විවේකය ලද නිරෝගී මව යහපත් ය.
වරදක් කළැයි දැනෙන හැඟීම පහව නොයයි
රෝහලේ දී ළදරු කිරිපිටි ලබා දුන් පසු දරුවා පැය කිහිපයක් නින්දට වැටුණි. මට නින්දක් අවැසිව සිටි සෑම මොහොතකම මව් කිරි ලබා දීමට උත්සහ කරමින් සිටිනවා වෙනුවට ළදරු පිටිකිරි දරුවාට ලබා දිය හැකිව තිබුනා නොවේදැයි මට පසක් විය.
වරදක් කළ බවට දැනෙන හැඟීම මා වෙලා ගන්නට එතරම් කාලයක් ගත නොවීය. එය නොතකා සිටිය නොහැකි තරම් බලවත් වූ හැඟීමක් විය. ළදරු කිරිපිටි දීමෙන් පසු දරුවාගේ දිවේ සුදු පැහැති අවශේෂයක් ඉතිරිව තිබිණ.
එය පිළිකුලක් දනවන දුර්ගන්ධයකින් යුක්ත විය. අස්වාභාවික දර්ශනයක් සේ දැනුණි. රසවත්, පෝෂ්‍යදායී මව්කිරි වෙනුවට ‘බාල ආහාරයක්’ මා දරුවාට ලබා දෙනවා නොවේදැයි යන හැඟීම මට ඇති විය.
මා වරදක් කළැයි දැනෙන හැඟීම වරින් වර මතුවෙයි: “මට තව තවත් උත්සාහ කරන්න තිබුනා. මට වැඩිපුර පැයක් නිදා නොගෙන ඉන්න තිබුනා.”
මෙම හැඟීම කිසිදා පහව නොයන එකක් බව කල් තියා දැනගෙන සිටියානම් කෙතරම් හොඳදැයි මට සිතේ. නමුත් එය ද සාධාරණ නොවේ. තමන්ට ගැලපෙන දේ තෝරා ගැනීමට හැම දෙනාම පෙළඹේ.
කෙසේ හෝ තමන් වරදක් කළැයි දැනෙන හැඟීම ඉස්මතු වීම වළක්වාලිය නොහැකිය. එය වගකීම් සහගත මවකගේ අවලාදයක් විනා අයහපත් මවකගේ අවලාදයක් නොවේ.
සහාය පතන්න
බිලියන ගණනක් වටිනා වෙළඳපොළක් සහ කර්මාන්තයක් මව්කිරි දීම ආශ්‍රිතව පවතී. නොගැනිය හැකි තරම් කුඩා ගැටලුවක දී පවා ඔබට සහනයක් ලබා දීම සඳහා ඉතා පිළිවෙළට ඇසුරූ විසඳුමක්, ඔබේ මුදල් ලබා ගැනීමට සුදානමින් පවතී.
සුපිරි වෙළඳසල් තුළ මේ සඳහා ම වෙන් වූ රාක්කයක් පිරී තිබේ. තන පුඩුවට ආලේප කරන ක්‍රීම් වර්ගවල සිට පියයුරු උණුසුම්ව තබා ගැනීම සඳහා නිෂ්පාදිත ආවරණ දක්වා වූ භාණ්ඩ සහ අත් බෙහෙත් එහි නොඅඩුව පවතී.
නමුත් මට සහනයක් ගෙන දුන් වැදගත් ම ‘අත් බෙහෙත’ වූයේ මව්කිරි දීම සම්බන්ධයෙන් පැවැත්වුණු වැඩමුළුවලට සහභාගී වීම ය. එහි දී හමු වූ, මව්කිරි දීම සම්බන්ධයෙන් වැඩි අත්දැකීම් සහිත උදවියගෙන් සහ විශේෂඥ දැනුම ඇති අයගෙන් ලබා ගත් උපදෙස් ය.
නිසි පරිදි දරුවාට මව්කිරි දීමට නොහැකිව අරගලයක යෙදෙන එකම මව මා නොවන බව කලින් දැන සිටියේනම් කෙතරම් අගනේ ද? සහන සහ උපදේශන සේවා එමටය. ඔබ අසීරුතාවයකට පත් වූ විට කළ යුතු හොඳම දේ සහනයක් ඉල්ලා සිටීමය.
තම දරුවාට මව්කිරි ලබා දීම හෝ නොදීම තමන් ගේ තේරීමයි. එය තීරණය කිරීමට සෑම මවකට ම අයිතියක් ඇති බව මම සිතමි. කෙසේ නමුත් මව්කිරි ලබා දීමට අසමත් වීම හෝ මව්කිරි ලබා නොදීමට තීරණය කිරීම මගින් ඔබ අයහපත් මවක් නොවනු ඇත.
Text By – bbc sandesaya