මධුරි ඩික්සිත් වාගේ අදින්න කැමැතිද ? එහෙනම් මධුරිගේ සාරි විලාසිතා 20ක් බලමු ?

Spread the love

ධුරි ඩික්සිත්, යුගයක් ඒකාලෝක කළ කියා නිම කළ නොහැකි සුන්දරත්වයක් ඇති නිළි රැජිණ. බොලිවුඩයේ පමණක් නොව ලංකාවේත් අතිෂය ජනප්‍රියයි. මධුරිගේ ප්‍රේමණීය රංගනය පමණක් නොව ඇයගේ අති සුන්දර විලාසිතා, විශේෂයෙන් සාරි විලාසිතාත් ඉන්දීය කතුන් අතර සේම අපේ ලංකාවේ කතුන් අතරත් අතිෂය ජනප්‍රියයි. බොලිවුුඩ් විචාරකයින් කියන්නේ මධුරි ‘සැබෑ නිල් ඉන්දියානු සුන්දරත්වය (true blue Indian beauty) ඉස්මතු කළ බවයි.

ඉතිං මධුරි ගැන අප තුළ තිබෙන ඒ අසීමිත ආදරණය නිසාම අප තීරණය කළ මධුරි ගැන පසුගිය ෆිල්ම් ෆෙයාර් සගරාවේ පළ වෙලා තිබුණ නවතම තොරතුරු අපේ පාඨකයින් වෙත ගෙන එන්න. ඒත් මෙහි විශේෂත්වයක් තිබෙනවා. ඒ තමයි අපි ඉදිරිපත් කරන්නේ මධුරිගේ සාරි විලාසිතා 20ක් වීම.

ධක්-ඩක් දැරිය, නැටුම් රැජින, නියම ඩිවා… (Dhak-Dhak girl, dancing queen, the real diva) මධුරි ඩික්සිත්ට ඇගේ නමට මාතෘකා රාශියක් තිබෙනවා. ඇය බොලිවුඩයේ ෙවඩාත්ම කීර්තිමත් රංගන ශිල්පිනියක් වන අතර ඇය සුන්දරත්වය, කරුණාව සහ අලංකාරයේ එකතුවක් ලෙස සැලකෙනවා. 

මධුරි 1984 දී අබොද් Abodh චිත්‍රපයට සමඟ සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ අතර ඉන්දියානු සිනමාව නව පරපුරේ වීරවරියක් ලෙස අවධානයට ලක් වුණා. මේ යුගයේ බොලිවුඩයේ ආධිපත්‍ය දරමින් සිටි සුරූපී නිළි ශ්‍රී දේවි හට  තරඟයක් ලබා දුන් එකම නිළිය ඇය බවයි විචාරකයින් කියන්නේ.

ඊට පසු ආපසු හැරීමක් සිදු වුණේම නැහැ. 90 දශකය තුළ මධුරි ප්‍රමුඛ නිළිය ලෙස බොලිවුඩය තුළ තම ආධිපත්‍ය පැතිරූ අතර සෑම නව නිළියකටම ඇගේ පසු පසට යාමට සිදු වුණා.

මේ සමග ඇය ක්‍රමයෙන් බොලිවුඩයේ දක්ෂතම නර්තන ශිල්පිනිය බවට පත්වූ අතර රිදී තිරය මත සහ සැබෑ ජීවිතය තුළ සුපිරි විලාසිතා අනුගමනය කරන නිරූපිකාවක් ලෙස කිරුළු පැළැන්දා.

දේව්දාස් චිත්‍රපටයෙන් පසු මධුරි රිදී තිරයෙන් වසර පහක කාලයක් ඈත්ව සිටියා. ඊට පසුව 2007 දී ආජා නැච්ල් Aaja Nachle සමඟ ආපසු බොලිවුඩය ආක්‍රමණය කළා. ඊට පසු මාධුරි නැවතත් චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වුණා. ඒ අතර දේද් ඉෂ්කියා Dedh Ishqiya, ගුලාබි කල්ලිය Gulabi Gang සහ කලන්ක් Kalank වැනි චිත්‍රපටවල පෙනී සිටි අතර ඇය තමා තව දුරටත් බොලිවුඩයේ රැජිණ බව ඔප්පු කළා.

මේ අතර මධුරි සුපුරුදු ලෙස විලාසිතා ලෝකය තුළ ද අඛණ්ඩව ක්‍රියාකාරී වුණා. ප්‍රකට විලාසිතා සන්නාම රැසක නියෝජිතවරියක් බවට පත් වුණා.

ඔබ දන්නවාද අද (මැයි 15) මධුරිගේ උපන් දිනයයි. ඇය අද දින 53 වැනි වියට පා තබනවා. ඇය වයසින් වියපත් වුණත් ඇය දකින ඕනෑම අයෙක් 80 දශකයේ මධුරිව සිහිපත් වීම වළක්වන්න බැහැ.

ඉතිං, මධුරිට සුභ උපන්දිනයක් පතන ගමන් අපි ඔබව මධුරි ඩික්සිත්ගේ පින්තූර 20 ක් සමග ඇගේ සුපිරි සාරි විලාසිතා 20ක්ම ඔබ වෙත ගෙන එනවා.

මධුරි ඩික්සිත් නෙනේ
මධුරි ඩික්සිත් නෙනේ
මධුරි ඩික්සිත් නෙනේ
මධුරි ඩික්සිත් නෙනේ
මධුරි ඩික්සිත් නෙනේ
මධුරි ඩික්සිත් නෙනේ
මධුරි ඩික්සිත් නෙනේ
මධුරි ඩික්සිත් නෙනේ
මධුරි ඩික්සිත් නෙනේ
මධුරි ඩික්සිත් නෙනේ
මධුරි ඩික්සිත් නෙනේ
මධුරි ඩික්සිත් නෙනේ
මධුරි ඩික්සිත් නෙනේ
මධුරි ඩික්සිත් නෙනේ
මධුරි ඩික්සිත් නෙනේ
මධුරි ඩික්සිත් නෙනේ
මධුරි ඩික්සිත් නෙනේ
මධුරි ඩික්සිත් නෙනේ
මධුරි ඩික්සිත් නෙනේ
මධුරි ඩික්සිත් නෙනේ

Text &pic @ filmfare – by Thushadhavi

RSL

Related Posts