කොවිඩ් -19 වසංගතය මධ්‍යයේ, ගෙවතු වගාවට ද මීට සමාන ආයාචනයක් ඇත: එය අපේ නිවසේ පුද්ගලික ආහාර සුරක්ෂිතතාවයට තිරසාර විසඳුමක් ලබා දෙනවා පමණක් නොව, අපගේ අසල්වැසියන් ද රැකබලා ගැනීමට ඉඩ සලසයි. අවිනිශ්චිතතාවයේ හා ව්‍යාකූලත්වයේ දී, සලාද කොළ බීජයක් සිටුවීමෙන් පවා බලාපොරොත්තුවේ සමානත්වයක් ලබා දිය හැකිය.
කොවිඩ්-19 වසංගතය ගෝලීය වශයෙන් සහ පුද්ගලිකව කොතරම් දැවැන්ත විනාශයක් ඇති කළත් ඒ තුළින් නිර්මාණය කළ ධනාත්මක දේ ගැනත් දැන් දැන් ලෝකය පුරා කතා වෙනවා. ඒ අතර කෘෂිකර්මාන්තය, විශේෂයෙන් ‘තමන් විසින්ම වවා ගෙන ආහාරයට ගැනීම, එහෙම නැතිනම් ලංකාවේ අපි කියන ‘ගෙවත්ත‘ට ඉහළ වටිනාකමක් මේ වන විට හිමිවෙලා තිබෙනවා.
බී.බී.සීය ඇතුළු බොහෝ ජාත්‍යන්තර මාධ්‍ය මේ තත්ත්වය වාර්තා කරන්නේ ‘විලාසිතාවක්‘ විදිහටයි. අපි කතා කරන ලංකාවේ ගෙවත්තේ ‘ගෝලීය‘ ප්‍රවණතාව ගැන බී.බී.සී ලෝක සේවය විසින් මැයි 25 (අද) දින ප්‍රකාශයට පත් කළ අලුත්ම අලුත් වාර්තාවක් මේ අතර අපට හමු වුණා. මේ ගෙවත්තට පෙම්බදින ඔබ තුළ උත්තේජනයක් ඇති කිරීම අරමුණු කර ගනිමින් එම ලිපියේ සිංහල පරිවර්තනයක්.
එක්සත් රාජධානියේ අගුලු දැමීම ප්‍රථම වරට ප්‍රකාශයට පත් කරන ලද්දේ මාර්තු අග ය. ඒ සමගම, මම බීජ පැළ තැටියක් සහ ‘Cut ‘n’ Come Again‘ පළා කොළ පැකට් දෙකක් ඇණවුම් කළෙමි: arugula, rucola, පෙරදිග අබ, පැක් චෝයි සහ බෝර්කෝල් ඒ අතර විය.
මාස දෙකකට ආසන්න කාලයක් ගතවී ඇතත්, අගුලු දැමීම තවමත් ඉවත් කර නැත, නමුත් මගේ සලාද කොළ වගාව සාර්ථක වී ඇත. ගෝලීය වශයෙන් කෝවිඩ් -19 වසංගතය ගැඹුරු අවිනිශ්චිතතාවයේ හා එකතැන පල්වීමේ කාලපරිච්ඡේදයක් දක්වා ඇත. නමුත් මගේ එළවළු වගාව තුළ දිනපතා සිදුවන මේ පූරු ප්‍රාතිහාර්යයන් දැකීම සැනසිලිදායකය. එසේ සිතන්නේ මා පමණක් නොවේ‘‘
වසංගතයේ මුල් සතිවල ගෝලීය සැපයුම් දාමය අවුල් ජාලයකට ඇද දැමූ අතර තොග ගබඩා කිරීමේ රැල්ලක් ඇති විය. එක්සත් ජනපදයේ වුවත් අපි දුටු විකල්ප කිරි විකුණුම්, ඕස්ට්‍රේලියාවේ සුපිරි වෙළෙදසැල්වල රාක්ක හිස්වීම, ඉතාලියේ ප්‍රධාන ආහාරය වන පැස්ටා හිගවීම, බ්‍රිතාන්‍යයේ බිත්තර හිගය නාගරික ජනතාව අපේක්ෂාභංගත්වයට පත් කළේය.
ටයිම් සඟරාවට අනුව බොහෝ රටවල් නැවුම් එළවළු සහ කොළ වර්ග (සලාද) හිගයක් ගැන බිය පළ වී තිබේ. මේ අනුව ඕනෑම අර්බුදයකදී මෙන්, (බීජ අලෙවිය ඉහළ යාමෙන් ඉස්මතු වන පරිදි) කාරණා තම අතට ගැනීමට ජනතාව ඉක්මන් වී ඇත.
බ්‍රිතාන්‍ය ජාතික සංඛ්‍යා ලේඛන කාර්යාලය (UK’s Office for National Statistics (ONS) විසින් ප්‍රකාශයට පත් කර ඇති නවතම වාර්තාවලට අනුව බ්‍රිතාන්‍ය අගුළු දැමීමෙන් පසු බ්‍රිතාන්‍යෙය් ගෘහ ඒකකවලින් 42%ක් ගෙවතු වගාව ආරම්භ කර ඇති අතර මිලියන තුනක් රාජකීය උද්‍යාන සමාජය වෙබ් අඩවියට (Royal Horticultural Society website) පැමිණ විවිධ බෝග වගා පිළිබඳ උපදෙස් සඳහා සොයා ඇත.
මේ සමග බ්‍රිතාන්‍ය ජනතාව තම ගෙවත්ත තුළ පස් පෙරළමින්, බැල්කනිවල පැළ සිටුවමින්, ජනෙල් මත රැදවිය හැකි වගා පෙට්ටි භාවිත කරමින් ආහාර බෝග වගාව ආරම්භ කර ඇත.
‘ හැකි ඉක්මනින් ඔබේ ආහාර ඔබ විසින් වගා කර ගන්න‘ යන මෙම අදහස මීට පෙර සාර්ථකව ක්‍රියාත්මක වූ ‘ජයග්‍රාහී ගෙවතු වගාව Victory gardening ‘ හා සැසඳීමට හේතු වී තිබේ.
අත්ලාන්තික් සාගරයේ දෙපස පිහිටි උතුරු ඇමරිකාවේ සිට මහා බ්‍රිතාන්‍යය දක්වාත්, ඕස්ට්‍රේලියාවේ තවත් දුර බැහැර ප්‍රදේශවලත් ‘මුළුතැන්ගෙයි උද්‍යාන Kitchen gardens‘ පළමුවන ලෝක සංග්‍රාමයේ හා දෙවන ලෝක සංග්‍රාමයේ දී ජනප්‍රිය විය.
ඊට ප්‍රතිචාර වශයෙන් ආණ්ඩු විසින් යුද ප්‍රයත්නයන්ට සහ රට පෝෂණය කිරීමට පුරවැසියන්ගෙන් සහයෝගය ඉල්ලා සිටින දේශීය ව්‍යාපාර සම්බන්ධීකරණය කරන ලදී. ඒ සමග ‘පස සමග වැඩ කිරීම (වගා කිරීම) දේශප්‍රේමී යුතුකමක් බවට පත්විය.
පළමුවන හා දෙවන ලෝක සංග්‍රාමයේදී මිත්‍ර රටවල සාර්ථකත්වයට “ජයග්‍රාහී උද්‍යාන victory gardens” ණයගැතිය.
එක්සත් රාජධානියේ, වඩාත් පුළුල් ලෙස සිහිපත් කරනු ලබන්නේ 1939 දී බ්‍රිතාන්‍ය කෘෂිකර්ම අමාත්‍යංශය විසින් දියත් කරන ලද “විජයග්‍රහණය සඳහා වූ ඩිග් Dig for Victory ” ව්‍යාපාරයයි. එය කෙතරම් සාර්ථකද යත්, වසර තුනක් තුළ උද්‍යාන මිලියන 1.7 දක්වා වර්ධනය වූ අතර එළවළු නිෂ්පාදන සහිත පෞද්ගලික උද්‍යාන අංක මිලියන පහක් බිහිවිය.
එම කාලය තුළම උද්‍යාන විද්‍යාත්මක සඟරාවක් ‘ඉංග්‍රීසි ජාතිකයන් සාප්පු හිමියන්ගේ ජාතියක් English were a nation of shopkeepers‘ යන නැපෝලියන්ගේ ප්‍රකාශය අර්ථ නිරූපණය කළේය.
ගෙවතු වගාව පිළිබඳ අපගේ ඇල්ම ජාතික විනෝදය ඉක්මවා යයි. එය මුල් බැස ඇත්තේ බ්‍රිතාන්‍ය මනෝභාවයේ ය. බ්‍රිතාන්‍යයන් සඳහා, අපේම නිෂ්පාදන වැඩීම මගින් ප්‍රදේශවාසීන් එකට එකතු කිරීමේ අමතර වටිනාකමක් ඇත‘ එය වැඩි දුරටත් ලිවීය.
වික්ටරි උද්‍යාන යනු ආහාර සඳහා එළවළු වැවීම ම පමණක් නොවේ. පලතුරු සහ එළවළු වගා කිරීම මගින් ජනතාව තුළ චිත්ත ධෛර්යය ඉහළ නැංවීය. වඩා හොඳ යහපැවැත්මෙන් යුත් ප්‍රජාවන් සඳහා සහ නිවසේ සිරවී සිටින අයට කොතරම් කුඩා වුවත් කාර්යභාරයක් ඉටු කිරීමට හැකි බව එමගින් පැහැදිලි කර දුන්නේය.
වික්ටරි උද්‍යානවල උරුමය අපට අදත් දැනෙන්නට ඇත්තේ මේ නිසා විය හැකිය. එය පුනර්ජීවනය කිරීමට අවශ්‍ය ප්‍රජා හැඟීම පිළිබඳ හැඟීමකි. ජයග්‍රාහී උද්‍යානයක් වචනානුසාරයෙන් පවසන්නේ අප මේ තුළ සිටින බවයි.
තම වගාවෙන් ලබා ගන්නා අස්වැන්න නිවසේ පාරිභෝජනයට ගැනීමට අමතරව ඔවුන් තම ඵලදාව අසල්වැසියන් සමඟ නිරන්තරයෙන් බෙදා ගනී. මේ පිළිබදව ඇති සංඛ්‍යා ලේඛන පවසන්නේ ගෙවතු වගාව ආරම්භ කර ඇති 42%ක් වන පිරිසෙන් 10%ක් තම ඵලදාව අසල්වැසියන් සමග බෙදා ගත් බවයි.
අගුලු දැමීම ආරම්භ වී සති තුනකට පසු අසල්වැසියන් ගෙවතු වගා කිරීම නිසා නිර්මාණය වී ඇති අරුමය මම මුලින්ම දුටුවෙමි.
මා දන්නා අසල්වැසි කාන්තාවක් මගේ නිවසේ දොරට තට්ටු කළේය. මම පිළිතුරු දුන් විට, ඇය ගේට්ටුව පිටුපසින් “ඇල්පයින් ස්ට්‍රෝබෙරි” කියා කෑගැසුවාය.
සතියකට පසු, ගම්මිරිස් බීජ පැල තුනක් දර්ශනය විය. (තවත් තෑග්ගක්).
ඇයට තෑග්ගක් ලෙස මම මගේ කිකිළිය දැමූ අලුත්ම බිත්තර ඇයට ලබා දුන්නා. ඇය විස්මයට පත් වූ අතර එදින සිට ඇය සහ ඇගේ සැමියා ද මේ තෑගි හුවමාරුවට එක් වුණා.
මෙවැනි සුහදත්වයක් වර්ධනය කර ගැනීමට අපට අගුළු දැමීම සිදුවන තෙක් බලා සිටීමට සිදු වුණේ ඇයි ?
ඔවුන්ගේ ගේට්ටුවෙන් පිටත ඔවුන් තමන්ට අවශ්‍ය නොවන නිෂ්පාදනවල අතිරිත්තය එල්ලා තබයි. කැමැති කෙනෙකුට ඒවා රැගෙන යා හැකිය.
“කවුරුහරි ඔබේ ගෙවත්තේ යමකට කැමති නම්, ඔබට ඔවුන් වෙනුවෙන් කැපීමක් කළ හැකියි” මගේ අසල්වැසි ජෝන් පැවසීය.
“එයින් ඔබට කිසිවක් වැය නොවේ.”
ගෙවතු වගාව ප්‍රවර්ධනය සදහා බ්‍රිතාන්‍ය රජය සහ ලාබ නොලබන සංවිධාන විසින් ද අනුබල දෙන අතර නොමිලේ බීජ ලබාදීම ද සිදුවේ. ලාභ නොලබන බීජ නිෂ්පාදකයෙකු ඩයෑන් හෝල්නස් පැවසුවේ තමා ගෙවතු හිමියන්ගේ ඉල්ලීම් මහත් සතුටින් ඉටුකළ බවයි.
“අපි 150 දෙනෙකුට පමණ බීජ යැව්වා. ආහාර මිල ඉහළ යන බව සියලු දෙනා දන්නා බවත්, නැවුම් නිෂ්පාදනවල මිල ගණන ඉතා ඉහළ මට්ටමක පවතින බවත් මම දන්නවා. ඒ නිසා ජනතාව වගා කිරීමට කැමතියි. අපි ලාභය ගැන නොතකා ඒවාට සහාය දැක්විය යුතුයි. මේ බීජවලින් ලාබ උපයන අවස්ථාවක් නොවෙයි” ඩයෑන් පැවසුවාය.
ගෙවතු වගාකරුවන් වැඩිපුරම ඉල්ලූ බීජ වූයේ තක්කාලිය. ඒවා පහසුවෙන් අනුවර්තනය කළ හැකි අතර වර්ධනය වීමට ද පහසුය.
“මම හිතන්නේ ඒවා ඉතා කුඩා අවකාශයට, බැල්කනියට පවා ගැලපෙන එක් බෝගයක්” යැයි ඇය පැවසුවාය.
නිරෝධායනයට ප්‍රතිචාරයක් ලෙස නිර්මාණය කරන ලද Bridport Grow Your Own ෆේස්බුක් කණ්ඩායම බිස්ට්‍රල් නගරය හරිතකරණය සඳහා විශාල කාර්යභාරයක් ඉටු කර ඇත. 1930 ගණන්වල ඩිග් ෆෝ වික්ටරි පත්‍රිකා වර්ධනය වන තොරතුරු විකාශනය කළා සේම, සබැඳි කණ්ඩායම් නව වගාකරුවන්ට උපකාර කරයි.
එක්සත් රාජධානියේ ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලයට අනුව, අගුළු දැමීම සමග බ්‍රිතාන්‍යයන්ගෙන් 42% ක්ම ගෙවතු වගාව සඳහා කටයුතු කර ඇත
“නගරයක් වශයෙන්, මම හිතන්නේ අපි සියල්ලෝම එහි සිටිමු,” පරිසරවේදී සහ අධ්‍යාපනඥ Kim Squirrel මට පැවසීය.
“මිනිසුන් තම උද්‍යානවල වගාකර ඇති අතර එවැනි උද්‍යාන නැති අය තමන්ට හැකි ආකාරයේ විවිධ ආකාරයෙන් වගා කර තිබෙනවා. දැන් ඒවා වැඩෙමින් තිබෙනවා” කිම් පැවසුවාය.
ඇය අසල්වැසි රේචල් මිල්සන් ද ඇතුළුව අසල්වැසි කාන්තාවන් සමග ගෙවතු වගාවේ නිරත වෙයි. දෙදෙනාම ඔවුන්ගේ පූර්ණ අවධානය යොමු කර ඇත්තේ සාර්ථක වගාවක් ලබා ගැනිම සඳහා ය. කිම්ගේ පොටෑජර් උද්‍යානයේ බෝංචි සමඟ එළවළු හා කොළ වර්ග රැසක් ඇත. එස්පලියර් ඇපල් ගස් ගිම්හානයේදී පල දරනු ඇති බව ඇය පවසයි.
මිල්සන්ගේ උද්‍යානය ද ඒ හා සමානවම සිත් ඇදගන්නා සුළු ය: බීට්රූට්, ළූණු සහ ලීක්ස් වැනි භෝග විශාල වශයෙන් වගා කර ඇති අතර තවත් කොටසක. ඇස්පරගස් වැනි බහු වාර්ෂික එළවළු වල අත්හදා බැලීමකි.
“ මගේ අරමුණ මුදල් ඉපයීම හෝ මගේ පවුලට අවශ්‍ය දේ වගා කිරීම පමණක් නොවෙයි. මගේ ඇසල් වැසියන් සදහා ද වැඩි ආහාර ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීම මගේ අපේක්ෂාවයි‘ මිල්සන් පැවසුවාය.
ඔබට අවශ්‍ය ආහාර ඔබ විසින්ම වගාකර ගැනීම විනෝදයක් පමණක් නොව “සැබෑ, වැදගත් කාර්යයක්” බව ඇය කියයි. එයට වැඩි පිළිගැනීමක් ලැබෙනු ඇතැයි ඇය ප්‍රාර්ථනා කරයි.
මිල්සන් දැඩි ලෙස විශ්වාස කරන්නේ තම වගාව මගින් තමාට පෞද්ගලික ප්‍රතිලාභ ඇති අතර ප්‍රජා යහපැවැත්මටද එය ඉවහල් වන බවයි. ආහාර අසමානතාවය සෑම විටම ඉහළ මට්ටමක පවතින බව සිතන ඇය දේශීය ආහාර බැංකුවකට පරිත්‍යාග කිරීමේ මනසින් අතිරේක එළවළු භෝග ද සැලසුම් සහගතව වගා කර තිබේ.
ගෙවතු වගාව විනෝදයක් වන්නේ ඔබ මහන්සි වී ලබා ගත් අස්වැන්න අසල්වැසියන් සම මිතුරන් සමග බෙදාගත් විටයි. ඒත් වඩා වැදගත් වන්නේ ඵලදාවෙන් කොටසක් නොව වගා කිරීම සදහා පැළයක් ලබාදීම බව මිල්සන් මහත්මිය පවසයි.
‘එය තමයි සුදුසුම දේ. එවිට ඔබේ ශ්‍රමය ප්‍රජාව පුරාම පැතිර යනවා. හරියට නියමිත පරිදි කළ වගාවක් වාගේ ‘
මාර්තු 23 වන දින එක්සත් රාජධානිය අගුලු දමා යන විට බෘෘනෝ වයිට් Bruno White සොමර්සෙට් හි ඩිචීට් වෙත ගොස් තිබුණි. තම නව අසල්වැසියන්ට තමා හඳුන්වා දී අන්‍යෝන්‍ය ආධාර කණ්ඩායමක් පිහිටුවන ලෙස ඔහු ලිවීය.
ඉතා ඉක්මනින් ඔහුට යහපත් ප්‍රතිචාර ලැබුණු අතර එක් මහත්මයෙක් ඔහුගේ (වයිට්ගේ) දොරකඩ පැලෑටි එකතුවක් තබා ගොස් තිබුණි. තවත් ස්වල්ප කාලයකට පසු තවත් ස්තුතිවන්ත අසල්වැසියෙක් ඔහුට ජෛව විද්‍යාත්මක බීජ (Biodynamic seeds) පැකට් තෑගි කළේය.
වයිට් එතැන් සිට තම වත්ත වගා කළ අතර ඔහු තම අසල්වැසියන් කොතරම් කාරුණිකද යන්න ගැන පුදුමයට පත් වේ.
“අපට දැන් පොදු පදනමක් තිබේ. වසංගතය වටා ඇති බිය හැර වෙනත් දෙයක් ද එය විසින් අපට ලබාදී තිබේ” ඔහු පැවසීය.
කොවිඩ් -19 වසංගතයේ මුල් දිනවල භීතියෙන් පිරී තිබුණද එය අපට අපේ අසල්වැසියන් ගැන මතකය අලුත් කර තිබේ. ඔවුන්ගේ මුහුණු හා හඩ වඩාත් පැහැදිලි කර දී තිබේ. මෙවැනි පහසු සහ විවේකී අවස්ථාවක් කොවිඩ් නොතිබුණා නම් යළි කිසිදා උදා නොවන බව සියලු දෙනාගේ හැගීම වී තිබේ.
‘එය අපේ ගමන මොහොතකට නතර කරලා හුස්ම ගන්න අවස්ථාවක් ලබා දුන්නා. තමා ගැන, තම පවුල ගැන, අසල්වැසියන් ගැන පමණක් නොවෙයි ලෝකය ගැනම කල්පනා කරන්න තරම් ප්‍රමාණවත් නිස්කලංක කාලයක් ලබා දුන්නා. වැඩ …වැඩ… ගමන් බිමන්… සාද… උත්සව… සාකච්ඡා නෑ… අනපේක්ෂිත මොහොතක විශ්‍රාම දිවිය ආරම්භ වුණා වාගේ ‘‘ ජොන් පැවසුවේය.
පළමු වන හා දෙවන ලෝක යුධ සමයේ ක්‍රියාත්මක වූ ජයග්‍රාහී උද්‍යාන ව්‍යාපාරය victory garden movement ප්‍රජාවන් ශක්තිමත් කිරීමට උපකාරී වූවා පමණක් නොව, යුද බිමට නොගිය සිවිල් වැසියන්ට ඉදිරි පෙළේ සටන් කරන සොල්දාදුවන්ට ධෛර්යක් ලබාදීමට ද, මහා යුද්ධය සදහා වෙනත් ආකාරයකින් දායක වීමට අවස්ථාවක් ලබා දුන්නේය.
කොවිඩ් -19 වසංගතය මධ්‍යයේ, ගෙවතු වගාවට vegetable garden ද මීට සමාන ආයාචනයක් ඇත: එය අපේ නිවසේ පුද්ගලික ආහාර සුරක්ෂිතතාවයට තිරසාර විසඳුමක් ලබා දෙනවා පමණක් නොව, අපගේ අසල්වැසියන් ද රැකබලා ගැනීමට ඉඩ සලසයි. අවිනිශ්චිතතාවයේ හා ව්‍යාකූලත්වයේ දී, සලාද කොළ බීජයක් සිටුවීමෙන් පවා බලාපොරොත්තුවේ සමානත්වයක් ලබා දිය හැකිය.
2020 මැයි 25 වැනි දින බී.බී.සී වාර්තාවක් ඇසුරින් කළ සම්පූර්ණ පරිවර්තනයකි – සැකසුම – තුෂාධවි