
කොවිඩ් අගුළු දැමීම හේතුවෙන් බොහෝ දෙනකුට දැඩි ආර්ථික අපහසුතා ඇති වෙලා තිබෙනවා. විශේෂයෙන් මේ තත්ත්වය යොවුන් තරුණ – තරුණියන්ට බලපානවා. මේ තත්ත්වය තුළ තම පෙම්වතා සමග නව ජීවිතයක් ආරම්භ කිරීමට පෙරුම් පුරා ගෙන සිටින තරුණියන් කල්පනා කරන්නේ ‘අඩු වියදමකින් උපරිම සුන්දරත්වයක් ඇති විවාහයක් කරන්නේ කෙසේද? යන්නයි. එහිදී ඇය අඩු වියදමකින් සුන්දර සාරි විලාසිතාවක් තෝරා ගැනීම ගැන වඩාත් උනන්දු විය හැකියි.
ඔබ මුහුණ දෙන මේ ගැටලුවට තිරසර විසදුමක් පසුගිය දා බොලිවුඩ් සුරූපිනියන් විසින් ඉදිරිපත් කළා. ඒ අඩු වියදමකින් නිර්මාණය කරගත හැකි අති සුන්දර සාරි විලාසිතා 12ක් හදුන්වා දෙමින්.
ඉතිං ලෝ ප්‍රකට ෆ්ලිම් ෆෙයාර් සගරාවේ අලුත්ම කලාපයේ පළ වූ ඒ සුන්දර සාරි විලාසිතා එකතුව අපි ඔබ වෙනුවෙන් පළ කිරීමට තීරණය කළා.
බලන්න මේ සුන්දර සාරි විලාසිතා ඔබේ විවාහා මංගල්‍යයට සේම වෙනත් උත්සව අවස්ථාවන්ට කොතරම් අගනේ ද කියලා…












ඡායාරූප – ෆෙමින් සගරාව – සැකසුම – තුෂාධවි