බොලිවුඩය ඒකාලෝක කළ සුපිරි තරුවක් නිවී යයි

Spread the love

කුම්කුම් 1935 දෙසැම්බර් 21 වන දින බිහාර් හි හුසේනාබාද් හි උපත ලැබුවාය. ඇගේ පියා නවාබ් මන්සූර් හසන් ඛාන් පට්නා අසල හුසේනාබාද් හි ඉඩම් හිමියෙකු වුවත් ඔවුන්ගේ මූල්‍ය තත්ත්වය පිරිහීමට පටන් ගත් විට නවාබ් තම පවුල සමග කොල්කටා වෙත සංක‍්‍රමණය වූවේය. මේ අතර යළි විවාහ වූ නවාබ් තම දියණිය කුම්කුම් තරණ වියේදී පාකිස්ථානය වෙත සංක‍්‍රමණය වූවේය. මිය යන තෙක්ම ඔහු පාකිස්ථානයේ ජීවත් වූ බව පැවසේ.

කුම්කුම්, ප්‍රවීණයෙක්

කුම්කුම් ලක්නව් හි ෂම්බු මහරාජ්ගේ රැකවරණය යටතේ ඉන්දියාව තුළ අතිෂය ජනප‍්‍රිය නර්තන ශිල්පයක් වන ‘කතක්’ ඉගෙන ගත් අතර 1952 දී සිය පවුලේ අය සමඟ බොම්බායට සංක්‍රමණය වූවාය. එහිදී ඇය බොලිවුඩයේ ප‍්‍රකට හා බලවත් චරිතයක් වූ නෞෂාඩ් හඳුනා ගත් අතර ඔහු ඇයට බොහෝ උපකාර කළ බවත් ඇයව සිනමාවට හඳුන්වාදීමට පියවර ගත් බවත් පැවසේ.

නෞෂාඞ් තම මිතුරෙකු වූ ප‍්‍රවීන චිත‍්‍රපට නිෂ්පාදන ෂහීඞ් ලතීෆ්ට කුම්කුම් හඳුන්වා දුන් අතර ඒ හඳුන්වාදීම සමග 1952දී ‘ෂීෂා – Sheesha’ හි රගපෑමට කුම්කුම්ට අවස්ථාව උදාවිය.

කුම්කුම්ගේ බොලිවුඩයේ ගමන තහවුරු කරමින් 16 වැනි වියේදී ගුලාම් මොහොමඩ් විසින් රචනා කරන ලද ‘ෂම්ෂාඩ් බෙගම් – Shamshad Begum’ ගීතයට නර්තනයෙන් දායක වීමට අවස්ථාව උදා විය. (එවකට බොලිවුඩයේ සුපිරි තරු වූ නර්ගිස් සහ සජ්ජන් මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළහ) මෙම නර්තනයේදී ඇය තිරය මත පෙනී සිටියේ මිනිත්තු කිහිපයක් පමණක් වුවද ඇය එමගින් නිෂ්පාදකයින්ගේ සහ අධ්‍යක්ෂකවරුන්ගේ අවධානය දිනා ගත්තාය. ඒ සමග ඇය බොලිවුඩය තුළ තම ස්ථාවරත්වය තහවුරු කර ගත්තාය.

කුම්කුම්, ප්‍රවීණයෙක්

බොලිවුඩය තුළ කීර්තිමත් චරිතයක් බවට පත්වීමට ඇයට වැඩි කාලයක් නොගියේය. ප‍්‍රකට සිනමාරු ගුරු දත්ගේ ආර් පාර් – Aar Paar :1954 සඳහා ඇයව තෝරා ගැනීම සමග සියල්ල යහපත් වීමට ආරම්භයක් දෙමින් ඇය රංගනයෙන් දායක වූ ගීතිය අතිශයින් ජනප්‍රිය වූ අතර කුම්කුම් තරුවක් බවට පත්වූවාය.

ඒ සමග මේ සුරූපී නර්තන ශිල්පිනියගේ රංඟන කුසලතාව මනාව වටහා ගත් ගුරු දත් ඇයට මිස්ටර් ඇන්ඩ් මිස් .55 –  Mr and Mrs ’55 (1955) යන උපහාසාත්මක චිත්‍රපටයේ රඟපෑමට අවස්ථාව ලබා දුන්නේය. ඇය ඒ වන විට තරමක් තරුණ වියේ සිටියද දරුවන් පස් දෙනෙකුගේ මව ලෙස රඟපෑවාය.

කුම්කුම්, ප්‍රවීණයෙක්

ඇය වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ මදර් ඉන්දියා (1957), පියසා (1957), කොහිනූර් (1960), සෝන් ඔෆ් ඉන්ඩියා (1962), උජාලා (1959), Mr X in Bombay  (1964), ආන්කෙන් (1968), ලල්කාර් (1972), ගීත් (1970) සහ ඒක් කුන්වාරි ඒක් කුන්වරා Ek Kunwari Ek Kunwara (1973) යන චිත‍්‍රපටවල දැක්වූ අපූර්ව රංගන ප‍්‍රතිභාව හේතුවෙනි.

කුම්කුම්, ප්‍රවීණයෙක්

ඇය භෝජ්පූරි Bhojpuri  සහ ගංගා මයියා ටෝ පියාරී චායිබෝ Ganga maiya tohe piyari chadhaibo (1963) නම් වූ බ්ලොක්බස්ටර් චිත්‍රපටයක රඟපෑවාය. ඇය භෝජ්පූරි චිත්‍රපටවල ගංගා සහ භවුජි වීරවරිය ලෙස පෙනී සිටියාය.

කුම්කුම්, ප්‍රවීණයෙක්

ඇය 1973 වන තෙක් සිනමා කර්මාන්තයේ ක්‍රියාකාරීව සිටියාය. ඇගේ අවසන් චිත්‍රපටවලින් එකක් වූයේ ජල්ටේ බඩාන් Jalte Badan (1973) නම් මත්ද්‍රව්‍ය නාශක චිත්‍රපටයයි. එහිදී කිරාන් කුමාර් ඇගේ වීරයා විය. ඇයගේ අවසන් නිකුතුව බොම්බේ බයි නයිට් Bombay By Nite (1979) යැයි කියනු ලැබේ. කළු සහ සුදු ප්‍රතිකාර ලබා දුන් මෙම චිත්‍රපටයේ සංජීව් කුමාර් ඇගේ වීරයා විය.

කුම්කුම්, ප්‍රවීණයෙක්

කුම්කුම් 1975 දී සජ්ජාඩ් අක්බාර් ඛාන් සමග විවාහ වූවාය. සජ්ජාඩ් සෞදි අරාබියේ සේවය කළ අතර විවාහයෙන් පසු කුම්කුම් ද එහි පදිංචියට ගියාය. මෙම යුවළට අන්දලීබ් ඛාන් නම් දියණියක් සිටී. 

කුම්කුම් වසර විස්සක් පමණ ගල්ෆ් කලාපයේ රැඳී සිටි අතර නැවත පැමිණීමෙන් පසුව පවා සිනමා කර්මාන්තයෙන් ඈත්ව සිටීමට කැමැත්තක් දැක්වූවාය. ඔබට සුබ ගමන්.

Text By Filmfare – සටහන – තුෂාධවී

RSL

Related Posts