
මේ වන විට රුපියල් 23-24 ගණන්වලට අලෙවි වන බිත්තරයක මිල හෙට (07) සිට රුපියල් දෙකකින් අඩුකිරීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ නිලධාරීන් සහ අග්‍රාමාත්‍යවරයා අතර ඊයේ (05) තංගල්ලේ, කාල්ටන් නිවසේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව එකඟ වූ බව සමස්ත ලංකා බිත්තර නිශ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්.එම්. සරත් මහතා පැවසුවා.
අගමැතිවරයා සමග සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ නිලධාරීන් කළ සාකච්ඡාවේදී බිත්තර නිෂ්පාදකයින්ගේ ගැටලු සම්බන්ධයෙන් ද සාකච්ඡා කළ බවයි සරත් මහතා කියා සිටියේ.
හෙට සිට ක්‍රියාත්මක වන මිල සංශෝධනය අනුව බිත්තරයක සිල්ලර මිල රුපියල් 21ක් 22ක් විය විය හැකි බව කී සභාපතිවරයා මේ වන විට වෙළෙදපොළ තුළ බිත්තර හිඟයක් නොමැති බව ද සදහන් කළා.