බැසිල්ගේ බලළා මල්ලෙන් එළියට පනී – දියවන්නා තරණයට සූදානම් !

Spread the love

පොහොට්ටුවෙන් පාර්ලිමේන්තුවට පත් වූ නවක මන්ත්‍රීවරුන්ට නායකත්වය දීම සදහා බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස තමන් ඇතුළු නවක මන්ත්‍රීවරු ආරාධනා කරන බව සහන් ප්‍රදීප් මන්ත්‍රීවරයා කියයි.

අද (28) බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා මේ බව පැවසුවේය.

පොහොට්ටුවේ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් සහන් ප්‍රදීප් මහතා කළ මේ ආරාධනය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් බැසිල් රාජපක්ෂ මහතාගෙන කළ විමසීමේදී එම ආරාධනය ප්‍රතික්ෂේප කරමින් බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ තමන් වඩාත් කැමති එළියේ සිට දේශපාලනය කිරීමට බවත් ජනතාව ආරාධනා කළහොත් ඒ ගැන සලකා බලන බවත්ය.

RSL

Related Posts