බැංකු ණය සහන මාණ්ඩලික නොවන නිලයන්ට පමණයි – ලිසිංවලටත් සීමා

Spread the love

රජයේ හා පෞද්ගලික අංශයේ මාණ්ඩලික නොවන සේවකයන්ගේ වැටුපෙන් ණයවාරික අයකරගැනීම මැයි 30 දක්වා අත්හිටුවීමට රජයේ අනුමැතිය හිමි වූ බව සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (26) රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප‍්‍රවෘත්ති සාකච්ඡුාවේදී සදහන් කළේය.

ඒ අනුව බැංකු සහ මූල්‍ය ආයතනවලින් ලක්ෂ 10ට අඩු පෞද්ගිලික ණය ලබාගත් රජයේ හා පෞද්ගලික අංශයේ මාණ්ඩලික නොවන සේවකයන්ට මෙම සහනය හිමිවන බව අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කළේය.

මෙහිදී අමාත්‍යවරයා කියා සිටියේ විදුලි බිල්පත්, වරිපනම් බදු, බැංකු චෙක්පත් වලංගු කාල සීමාව මැයි 30 වන දින දක්වා දීර්ඝ කිරීමට ද අනුමැතිය හිමි වූ බවයි.

මෙහිදී තවත් සහනයක් ගැන සදහන් කළ ඇමැතිවරයා ත්‍රිරෝද රථ, පාසල් වෑන් රථ, ලොරි රථ, ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කරන කුඩා ප්‍රමාණයේ වාහන, බස් රථ, වෑන් රථ වැනි වාහන කල්බදු ක්‍රමය යටතේ ලබාගත් සියලු වාහන සඳහා ලීසිං වාරික හා පොලී ගෙවීම මාස 6ක කාලයකට අත්හිටුවීමට කැබිනට් අනුමැතිට හිමි වූ බව ද සදහන් කළේය.

RSL

Related Posts