පොහොට්ටුවේ’ජාතික ලැයිස්තු නාම ලේඛනය’ මැතිවරණ කොමිෂමට

Spread the love

මහ මැතිවරණයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර 17ක් දිනා ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (7) දිනම සිය ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර සදහා වන නාම ලේඛනය මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමුකර තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ වෘත්තීයවේදීන් ඇතුළු ප්‍රවීන පුද්ගලයින්ගෙන් සැදුම් ලත් මෙම ලැයිස්තුව තුළ කිසිදු පරාජිත අපේක්ෂකයෙකු ඇතුළත් න‍ොවීම විශේෂත්වයක් බවයි දේශපාලන නිරීක්ෂකයින් කියන්නේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේෙ ජාතික ලයිස්තු මන්ත‍්‍රීවරුන් මෙසේය.

  1. මහාචාර්ය ජී එල් පීරිස් මහතා
  2. නීතීඥ සාගර කාරියවසම් මහතා
  3. හිටපු මහ බෑංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා
  4. ජනාධිපති නීතීඥ මොහොමඩ් අලි සබ්රි මහතා
  5. ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ අහතා
  6. විශ්‍රාමික ගුරු උපදේශිකා මංජුලා දිසානායක මහත්මිය
  7. ජ්‍යේෂ්ඨ මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා
  8. මහාචාර්ය චරිත් හේරත් මහතා
  9. ගෙවිඳු කුමාරතුංග මහතා
  10. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා
  11. මහාචාර්ය තිස්ස විතාරණ මහතා
  12. ඉංජිනේරු යදාමිණි ගුණවර්ධන මහතා
  13. ආචාර්ය සුරේන්ද්‍ර රාඝවන් මහතා
  14. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා
  15. විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය
  16. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතමොහොමඩ් ෆලීල් මර්ජාන් මහතා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාට ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් හිමිවනු ඇතැයි බොහෝ දෙනෙක් අපේක්ෂා කළත් ඔහුගේ නම අදාළ ලේඛනයේ නැහැ.

RSL

Related Posts