පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ පෙරළියකට දකුණේ ජනතාව සූදානම්

Spread the love

ආර්ථික හා සෞඛ්‍ය අර්බුද ඇතුළු දැවැන්ත අභියෝග රැසක් හමුවේ ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළ ශක්තිමත් කරමින් පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ පෙරළියකට දකුණ සූදානම් බවට ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාව සහතික වෙති.  

ගතවූ පස් වසරක පරිහානිය තමන් මනාව තේරුම්ගෙන ඇතැයි පවසන ඕවුහු අනාගත පරපුර වෙනුවෙන් යුතුකම් කොටස ඉටුකිරීමට සියලු පුරවැසියන්ට මෙවර මැතිවරණය තීරණාත්මක බව පෙන්වා දෙති.

පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරග වැද සිටින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරනු පිණිස අද (23) ගාල්ල දිස්‍ත්‍රික්කයේ චාරිකාවක නිරතව සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවේ ජනතාව එසේ ප්‍රකාශ කළහ.

ගාල්ල හිනිදුම ආසනයෙන් සිය චාරිකාව ආරම්භ කළ ජනාධිපතිතුමා අපේක්ෂක සම්පත් අතුකෝරළ මහතා නෙළුව මහජන ක්‍රීඩාංගණයේ සංවිධානය කර තිබූ ජන හමුවට සහභාගී විය.

නෙළුව ජාතික පාසල වෙත ගිය ජනාධිපතිතුමා එහි අඩුපාඩු පිළිබඳව විමසා බැලීය. ප්‍රයෝජනයට ගෙන නැති ඉඩම් ලබාදෙන්නේ නම් ජනාධිපතිතුමා අපේක්ෂා කරන ඉලක්කය සපුරන බව සුළු අපනයනය භෝග වගාකරුවෝ පිරිසක් තමන්ට ඇති ගැටළු ඉදිරිපත් කරමින් කියා සිටියහ.

සුරාබදු නිලධාරීන්ගේ වැටලීම් නිසා ඇණහිට ඇති කිතුල් කර්මාන්තය යළි පණ ගැන්වීමට පසුබිම සකසන බව ජනාධිපතිතුමා කීය.

ප්‍රදේශයේ ගංවතුර පාලනයට විධිමත් වැඩපිළිවෙලක් සැකසීමේ අවශ්‍යතාව ද සාකච්ඡාවට ලක් කෙරිණ. පෙර පාසල් ගුරුවරියන් ප්‍රදේශ රැසකදී ඉදිරිපත් කළ ගැටළු සැලකිල්ලට ගත් ජනාධිපතිතුමා මාසික දීමනාවක් ලබාදීමට අවධානය යොමුවී ඇතැයි පැවසීය.

නව හැවිරිදි කුඩා දරුවකු තම මුදල් කැටය කොවිඩ් අරමුදල වෙනුවෙන් ජනාධිපතිතුමා වෙත පිරිනැමීමද මෙහිදී සිදුකෙරිණ.

අපේක්ෂක ඉසුරු දොඩංගොඩ මහතා වඳුරඹ මහජන ක්‍රීඩාංගණයේ සංවිධාන කර තිබූ ජන හමුවේදී තේ ගොවීන්ගේ ගැටළු පිළිබඳව ජනාධිපතිතුමා දැනුවත් කරනු ලැබීය.

දහම් පාසල් විෂය නිර්දේශයේ කොටස් පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීමෙන් දරුවන් දහම් පාසල් වෙත යොමුකළ හැකි බව හමුවට වැඩම කළ සිටි මහා සංඝරත්නය ජනාධිපතිතුමා සමග පැවසූහ. ධර්මාචාර්ය විභාගය සමත්ව සිටීම දහම් පාසල් ගුරුවරුනට අනිවාර්යය කළයුතු බව ද උන්වහන්සේ සඳහන් කළහ.

පාතාල කල්ලි සහ මත්ද්‍රව්‍ය උවදුර මර්දනයට කාර්ය සාධක බලකායක් පත්කර තිබේ. ග්‍රාමීය ප්‍රදේශවල එවැනි ක්‍රියාකාරකම් නිර්නාමිකව බලකායට දැනුම් දීමෙන් ජනතාව අපේක්ෂා කරන ඉලක්කය කඩිනමින් සපුරා ගත හැකි බව ජනාධිපතිතුමා කීය.

උඩුගම මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකය සහ ශල්‍යාගාරය මෙන්ම මාර්ග කිලෝමීටර් ලක්ෂයේ මාර්ග වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ සියලු මාර්ග සංවර්ධනය කරන බව ජනාධිපතිතුමා පැවසීය.

පූජ්‍ය බද්දේගම සමිත හිමි සහ අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ජන හමුවලට එක්ව සිටියහ.

පෙරට වැඩි උනන්දුවකින් ඡන්දය ප්‍රකාශ කිරීමට ජනතාව පෙළඹවිය යුතු බව අපේක්ෂිකා ගීතා කුමාරසිංහ මහත්මිය බෙන්තර ඇල්පිටිය ගෝනගල සතිපොළ භූමියේ සංවිධාන කර තිබූ ජන හමුවට සහභාගී වෙමින් ජනාධිපතිතුමා සඳහන් කළේය.

ඉඳුරුව ප්‍රදේශයේ නිවාස 40 කට පමණ මෙතෙක් පානීය ජලය නොලැබීමෙන් ජනතාව මුහුණ දී ඇති ගැටළු පිළිබඳව ද ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය. අපේක්ෂක සම්පත් අතුකෝරළ මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියෝය.

අම්බලන්ගොඩ පියසේන ක්‍රීඩාංගණයේ පැවති ජනහමුව

රජ්ගම පොදු ක්‍රීඩාංගණයේ පැවති ජනහමුව

ගාල්ල නගර සභා ක්‍රීඩා මණ්ඩප භූමියේ පැවති ජන හමුව 

හබරාදුව සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ශාලා භූමියේ පැවති ජන හමුව

ඉමදුව සති පොලේ පැවති ජනහමුව

කරාපිටිය රෝහල අසල පැවති ජනහමුව 

RSL

Related Posts