පාත්ෆයින්ඩර් පදනම ‘කොවිඩ්-19 වළක්වාලීම හා පාලනය’ කෘතිය සිංහලට පරිවර්තනය කරයි

Spread the love

‘පාත්ෆයින්ඩර් පදනමට’ අනුබද්ධ චීන ශ්‍රී ලංකා සහයෝගීතා අධ්‍යයන මධ්‍යස්ථානයෙහි තවත් ප්‍රමුඛ පියවරක් වශයෙන් වසංගත රෝග සම්බන්ධ චීන මහාචාර්ය සහ ෂැංහයි හි කොවිඩ්-19 ප්‍රතිකාර අංශයේ විද්වත් මණ්ඩල ප්‍රධානී, වන් හොංග් ජන්ග් මහතා ඇතුළු මණ්ඩලයක් විසින් පළ කරන ලද Prevention and Control of COVID 19 කෘතිය, සිංහල භාෂාවට පරිවර්තනය කර ඇත. එය ලක්ෂමන සපරමාදු මහතා ගේ පරිවර්තනයකි.

චීන තානාපති කාර්යාලයේ දී මෙම කෘතිය නිල වශයෙන් නිකුත් වූ අතර පාත්ෆයින්ඩර් පදනමේ හිටපු විධායක අධ්‍යක්ෂක ලක්ෂමන් සිරිවර්ධන මහතා එම කෘතියේ පළමු පිටපත වැඩ බලන තානාපති හු වෙයි මහතා වෙත භාරදුන් අවස්ථාව ඡායාරූපයේ දැක්වෙයි. 

නිවස, එළිමහන, රාජකාරී ස්ථානය යනා දී වශයෙන් විවිධ තැන් වල දී රෝගය වලක්වා ගැනීම සම්බන්ධයෙන් අනුගමනය කළ හැකි ක්‍රම විස්තරාත්මකව, හා නිතර විමසන ප්‍රශ්න හා උත්තරානුසාරයෙන් මෙහි පළකර ඇති අතර මහජන චීන සමූහාණ්ඩුවේ කොළඹ පිහිටි තානාපති කාර්යාලයේ සහ චින කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාර්යාංශයෙහි ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව කෘතිය පරිවර්තනය කර ප්‍රකාශයට පත් කළේය.  

”කොවිඩ්-19 වලක්වාලීම හා පාලනය” කෘතියෙහි මෘදු පිටපත https://bit.ly/3hCJQIZ දිගුවෙන් සිංහලෙන් කියැවිය හැකිය.

මෙම කෘතියේ පිටපත් සෞඛ්‍ය, අධ්‍යාපන හා විදේශ අමාත්‍යංශවලින් පැමිණ සිටි ජ්‍යෙශ්ඨ නිලධාරීන් වෙතද පිරිනමන ලද අතර එමගින් වලක්වා ගැනීම සම්බනධයෙන් පුලූල් මහජන සංවාදයක් අපේක්ෂා කෙරේ.

RSL

Related Posts