ප්‍රියංකා චොප්රාගෙන් ඉන්දීය රසිකයින්ට ‘ආදරණීය පණිවුඩයක්‘

Spread the love

සුපිරි බොලිවුඩ් නිළියක් වන ප්‍රියංකා චොප්රා ජීවත් වන්නේ ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර. ඒත් ඇය තම මවුබිම සහ තම රසිකයින් ගැන දක්වන උනන්දුවක් කිසිසේත් අඩුවී නැහැ. එනිසාම ඇය ඇගේ මිතුරන්, පවුලේ අය සහ රසිකයන් සමඟ නිරන්තරයෙන් ඇයගේ සමාජ මාධ්‍ය හරහා සම්බන්ධ වෙනවා.

මේ අතර ඉන්දියාවේ පැවැතිර යමින් තිබෙන කොරෝනා වසංගතය ගැනත් ඇය දැඩි උනන්දුවක් දක්වනවා. ඒ වගේම කොරෝනා වෛරසය පාලනයට අගමැති නරේන්ද්‍ර මෝදි ගෙන යන වැඩපිළිවෙළට ප්‍රියංකා සිය සහයෝගය දැක්වීමටත් පියවර ගත්තා. ඒ නිසා ඇය තම සමාජ මාධ්‍ය ගිනුම් හරහා නිරන්තරයෙන් ඉන්දිය රසිකයින් දැනුවත් කිරීමට සහ ඔවුන් තුළ ධනාත්මක හැගීම් ඇති කිරීමට පියවර ගත්තා.

නිවෙස් නිරෝධායන කාලය තුළ ජනතාව තුළ ධනාත්මක ආකල්ප පතුරුවා හැරීම සහ ශක්තිමත්ව සිටීමට මිනිසුන්ව පොළඹවන ප්‍රියංකා අභිප්‍රේරණ පණිවිඩයක් සමඟ තමා ගැනම හිරු-සිපගත් පින්තූරයක් පළ කිරීමට පසුගිය දා පියවර ගත්තා.  ඇය පින්තූරය නම් කළේ, “උමග අවසානයේ සෑම විටම ආලෝකයක් ඇත … ලෝකයේ එහි රැඳී සිටින්න …” කියායි.

ප්‍රියංකා යුනිසෙෆ් සමඟ සහයෝගයෙන් ස්වයං සනීපාරක්ෂාව සක්‍රීයව ප්‍රවර්ධනය කර ඇති අතර ජනතාව වෙනුවෙන් මුදල් රැස් කිරීමේ ලේඩි ගගාගේ ගෝලීය මුලපිරුමේ කොටස්කාරියක් වශයෙන් කටයුතු කරනවා. ඇය මධ්‍යම සහන අරමුදලට ද දායක වූ අතර ලොව පුරා සිදුවන ඕනෑම දෙයක් සමඟ නිරන්තරයෙන් කටයුතු කරමින් සිටිනවා.

Text by Filmfare.com

RSL

Related Posts