පළඟ තරගාවලිය අවසන මුවර්ස් පෙරමුණේ

Spread the love

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයෙවන අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් පළඟ (ප්ලේට්) තරග වටය අවසන් වන විට එහි පෙරමුණ ගැනීමට මුවර්ස් ක්‍රීඩා සමාජය සමත්විය.

එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති පළග තරගාවලියේ අවසාන තරග වටයේදී මුවර්ස් කණ්ඩායම පහසුවෙන්ම ජයග්‍රහණයක් අත්කරගත්තේ ලන්කන් කණ්ඩායම ඉනිමකින් සහ ලකුණු 103කින් පරාජයට කරමිනි. මේ තරගයේදී මුවර්ස් කණ්ඩායම පළමු ඉනිමේදී කඩුලු නවයකට ලබාගත් ලකුණු 599ට පිළිතුරු ලෙස ලන්කන් කණ්ඩායම රැස් කරන ලද්දේ පළමු ඉනිමේදී ලකුණු 320ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 176ක් පමණි.

මුවර්ස් කණ්ඩායමේ සචිත්‍ර සේරසිංහ ලකුණු 151ක්ද (පන්දු 194යි හතරේ 17යි හයේ හතරයි), නිපුන් කරුණානායක ලකුණු 142ක් ද (පන්දු 184යි හතරේ 16යි හයේ හතරයි), රමේෂ් මෙන්ඩිස් ලකුණු 104ක්ද (පන්දු 101යි හතරේ නවයයි හයේ තුනයි), ශතක වාර්තා කරමින් මුවර්ස් ඉනිම වර්ණවත් කළහ. තෙවැනි කඩුල්ලට මොහොමඩ් ෂමාෂ් (81) සහ සචිත්‍ර සේරසිංහ රැස්කළ ලකුණු 192ත් පස්වන කඩුල්ලට නිපුන් කරුණානායක සහ රමේෂ් මෙන්ඩිස් එක්කළ ලකුණු 213ත් ඉනිමේ හොදම සබඳතා විය.

ලන්කන් පළමු ඉනිමේදී මාලිංග අමරසිංහ ලකුණු 117යි (පන්දු 156යි හතරේ 10යි හයේ හතරයි) සහ ප්‍රිමෝෂ් පෙරේරා (ලකුණු 65යි පන්දු 122යි හතරේ 8යි) පළමු විකට්ටුවට එක්කළ ලකුණු සංඛ්‍යාව 164කි. ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 83කට ලන්කන් කඩුලු පහක්ම දවාලීමට සමත්විය. ලන්කන් කණ්ඩායම දෙවැනි ඉනිමේදී ලකුණු 176ක් වැනි අඩු සංඛ්‍යාවකට දැවීයාමෙන් මුවර්ස්ට ඉනිමක පහසු ජයක් අත්විය.

මුවර්ස් – ලන්කන්

එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේදී මුවර්ස්ට ඉනිමක පහසු ජයග්‍රහණයක් අත්වූයේ ඔවුනගේ පළමු ඉනිමේදී සචිත්‍ර සේරසිංහ, නිපුන් කරුණානායක සහ රමේෂ් මෙන්ඩිස් ලබාගත් ශතක තුන සහ ඔවුනගේ දක්ෂ පන්දු යවන්නකු වන ප්‍රවීන් ජයවික්‍රම ඉනිම දෙකේදී දවාලු කඩුලු හතත් මුල්කරගෙනය.

මුවර්ස්පළමුඉනිමපන්දුවාර 122.4 දීකඩුලු 9කට 599යි – (සචිත්‍ර සේරසිංහ 151යි, නිපුන් කරුණානායක 142, රමේෂ් මෙන්ඩිස් 104, මොහොමඩ් ෂමාෂ් 81, නිමන්ත සුබසිංහ 35, අයන සිරිවර්ධන 31යි, දුනිත් වෙල්ලාගේ 143/4, මාලිංග අමරසිංහ 50/2යි)

ලන්කන්පළමුනිම පන්දු වාර 82 ලකුණු 320යි- (මාලිංග අමරසිංහ 117, ප්‍රිමෝෂ් පෙරේරා 65, දමිත සිල්වා 36, කෙවින් පෙරේරා නොදැවී 31, දුනිත් වෙල්ලාලගේ 28, ප්‍රවීන් ජයවික්‍රම 83/5, කවිශ්ක අංජුල 49/2)

ලන්කන්දෙවැනිඉනිමපන්දුවාර 55.3දී සියලු ක්‍රීඩකයන් දැවී 176යි- (ගීත් කුමාර 32, රිසින් උපමාල් 36, කසුන් අබේරත්න 27, දුනිත් වෙල්ලාලගේ 17, කවිශ්ක  අංජුල 39/2, අයන සිරිවර්ධන 7/2, ප්‍රවීන් ජයවික්‍රම 69/2, රමේෂ් මෙන්ඩිස් 29/2)

නොවිසඳුණු තරගයේ ධනංජයගෙන් සුපිරි ඉනිමක්

කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ දෙවැනි ඉනිමේදී ටැමිල් යූනියන් කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා ක්‍රීඩක ධනංජය ද සිල්වා පන්දු 140කදී හයේ අටක් හතරේ 17ක් සමග ලකුණු 167ක් ලැබීය. සිව්වන කඩුල්ලට ඔහු යොහාන් මෙන්ඩිස් සමග ලකුණු 144ක් ද පස්වන කඩුල්ලට මනෝජ් සරත්චන්ද්‍ර සමග ලකුණු 52ක් ද හයවන කඩුල්ලට දක්ෂිත ප්‍රනාන්දු සමඟ ලකුණු 77ක්ද එක්කළහ.

මීගමුව කණ්ඩායමේ නායක දිල්ෂාන් මුනවීර, අෂේන් සිල්වා සහ මාධව වර්ණපුර අර්ධ ශතක ලැබීමෙන් ඔවුනට පළමු ඉනිමේදී ලකුණු 371ක් වැනි විශාල ලකුණු සංඛ්‍යාවකට යාමට අවස්ථාව උදාවිණි.

ටැමිල්යුනියන්පළමුඉනිමපන්දුවාර 49.1කදීලකුණු 184යි – (යොහාස් මෙන්ඩිස් 31, දක්ෂිත ප්‍රනාන්දු 30, දේවේන්ද් පත්මනාදන් 40, මධුක ලියනපතිරගේ 24, රොෂේන් ප්‍රනාන්දු 31/5, උපුල් ඉන්ද්‍රසිරි 70/2, ලක්ෂිත රසාංජන 25/2)

දෙවැනිඉනිමපන්දුවාර 95දීකඩුලු 9ක්දැවී 387යි – (ධනංජය ද සිල්වා 167, යොහාන් මෙන්ඩිස් 116, මනෝජ් සරත්චන්ද්‍ර 25, දක්ෂිත ප්‍රනාන්දු 23. ලක්ෂිත රසාංජන 135/5, උපුල් ඉන්ද්‍රසිරි 106/2)

මීගමුවපළමුඉනිමපන්දුවාර 105දීලකුණු 371යි – (අෂේන් සිල්වා 90, දිල්ෂාන් මුනවීර 85, මාධව වර්ණපුර 84, පසිඳු ලක්ශංඛ 37, ඇන්ජලෝ ජයසිංහ 16, මධුක ලියනපතිරගේ 54/6, ප්‍රමෝද් මධුශංඛ 78/2)

ුන්, දසුන්, දමිත්ගෙන් ශතක

මුවර්ස් ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේදී එස්.එස්.සී.පළමු ඉනිමේදී ලකුණු 583ක් වැනි විශාල ලකුණු ප්‍රමාණයක් ලබාගත්තත් බදුරලිය පිතිකරුවෝ දෙවැනි ඉනිමේදී කඩුලු ආරක්ෂා කරගනිමින් විසඳුමකින් තොරව තරගය නිමකර ගත්හ.

එස්.එස්.සී හොඳම සබඳතාව වූයේ පස්වන කඩුල්ලට නායක දසුන් ශානක  ලකුණු 128 ක් සහ ෂම්මු අෂාන්  ලකුණු 75 ක් එක්කළ ලකුණු 154 වේ.

එස්.එස්.සීපළමුඉනිමපන්දුවාර 115.1කදීලකුණු 583යි – (දසුන් ශානක 128, සදුන් වීරක්කොඩි 101, චරිත් අසලංක 83, ෂම්මු අෂාන් 75, ධනුෂ්ක ගුණතිලක 47, සහන් ආරච්චිගේ නොදැවී 32, බුද්ධික සංජීව 144/3, අසලංක සිල්වා 97/3)

බදුරලියපළමුඉනිමපන්දුවාර 78.5දීලකුණු 280යි – (දමිත් පෙරේරා 113, දුනිත් ජයතුංග 63, දුෂාන් හේමන්ත 29, ජෙෆ්රි වැන්ඩසි 76/3, තරිඳු රත්නායක 73/4, කළණ පෙරේරා 36/2)

දෙවැනිඉනිමපන්දුවාර 64 දීකඩුලු 4ටලකුණු 258යි – (දමිත් පෙරේරා 112*, තිලකරත්න සම්පත් 72, තරිඳු රත්නායක 72/3)

Text by – Sri lanka cricket

RSL

Related Posts