නුවරඑළියෙන් පත් වුණ ක‍්‍රීඩා ඇමැතිවරුන් මෙහි තරුණ ජීවිත එක්ක සෙල්ලම් කළා – නීතිඥ හිරන්‍යා හේරත්

Spread the love

නුවරඑළිය දිස්ත‍්‍රික්කයෙන් ක‍්‍රීඩා අමාත්‍යවරුන් තිදෙනක් බිහි වුණත් මුළු දිස්ත‍්‍රික්කයටම හරිහමං ක‍්‍රීඩාංගණයක් නැතැයි ද ක‍්‍රීඩා අමාත්‍යවරු නුවරඑළියේ තරුණ තරුණියන්ගේ ක‍්‍රීඩා කුසලතා නැංවීම වෙනුවට ඔවුන්ගේ ජීවිත සමග නම් ක‍්‍රීඩා කළ බව නුවරඑළිය දිස්ත‍්‍රික් සමගි ජන බලවේගයේ අපේක්ෂකා නීතිඥ හිරන්‍යා හේරත් මහත්මිය පසුගිය දා රාගල පැවැති ජනහමුවකදී පැවසුවාය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ හිරන්‍යා හේරත් මහත්මිය කියා සිිටියේ එස්.බී. දිසානායක, සී.බී. රත්නායක සහ නවීන් දිසානායකලා ක‍්‍රීඩා අමාත්‍යධුර දැරුවත් තමන්ගේ දිස්ත‍්‍රික්කයේ දරුවන්ගේ ක‍්‍රීඩා කුසලතා සංවර්ධනයට අල්පමාත‍්‍ර සේවයක් නොකළ බවයි.

ඇය මෙසේ ද පැවසුවාය – නුවරඑළියට හැමදාම කැබිනට් අමාත්‍යධූර ලැබුණා. එකක් නෙමේ දෙක තුනක් ලැබුණා. වැවිලි කර්මාන්ත, පශූ සම්පත් වගේම වතු යටිතල පහසුකම් අමාත්‍යාංශ නුවරඑළියට සින්නක්කරවම දීලා තිබුණා. ඒත් ඒ අමාත්‍යධුර දැරූ කිසිම කෙනෙක් නුවරඑළියේ ජනතාවගේ, වතු ජනතාවගේ, ගොවීන්ගේ දියුණුව වෙනුවෙන් කිසිවක් කළේ නැහැ. තරුණ තරුණියන් වෙනුවෙන් එක රජයේ රැුකියාවක් ලබා දුන්නේ නැහැ. අදත් නුවරඑළියේ රජයේ සේවකයෙක් ඉන්නවා නම් ඒ මගේ අම්මා රේණුකා හේරත් මැතිණිය විසින් ලබා දුන්න රජයේ රැුකියා.

හැබැයි මේ හිටපු ඇමැතිවරු නුවරඑළියේ තරුණ – තරුණියන්ට රජයේ රැුකියා ලබා නොදුන්නාට ඒවා සේරම ගත්ත බව අපි දන්නවා. ඒවා මුදලට, ඥාති – මිත‍්‍ර සංග‍්‍රහ විදිහට තමන්ගේ කල්ලිය අතර බෙදා ගත්තා. තවත් ඒවා විවිධ අල්ලස්වලට ලබා දුන්නා. ඒත් නුවරඑළියේ අහිංසක, දුප්පත් තරුණයෙක්ට – තරුණියකට ඒ එක රස්සාවක් ලබා දුන්නේ නැහැ.

අපි මේ යුගය වෙනස් කළ යුතුයි. ඒක කරන්න පුළුවන් ඔබට පමණයි. ඔබගේ ඡුන්ද බලයට පමණයි. ඒ නිසා මම ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නේ පරම්පරා ගාණක් ඔබව සූරාගෙන කෑ, ඔබට වංචා කළ, ඔබට නිගරු කළ ඒ පරම්පරා දේශපාලනයට මේ මහ මැතිවරණයේදී තිත තියන්න. අලූත් දේශපාලන ගමනකට මුල පුරන්න. අලූත්, වැඩක් කළ හැකි කණ්ඩායමක් සමග සිටින දේශපාලන නායකත්වය වන සමගි ජන බලවේගය වටා එක්වන්න.

ඔබට, ඔබේ දරුන්ට යුක්තිය ඉටුකළ හැකි වන්නේ මේ ආණ්ඩුව සමග නුවරඑළියේ ප‍්‍රභූ දේශපාලන පරාජය කිරීමෙන් පමණයි. අගෝස්තු පස් වැනිදා ඒ සඳහා ස්වර්ණමය අවස්ථාව උදා වෙනවා. යළිත් මෙවැනි අවස්ථාවක් උදා වෙන්නේ නැහැ. ඒ නිසා එදාට ඡුන්දපොළට ගිහින් ඒ ඓතිහාසික කාර්යභාරයේ උරුමකරුවන්, කොටස්කරුවන් බවට පත්වෙන්න‘

RSL

Related Posts