පසුගිය යහපාලන ආණ්ඩු සමයේ මේ රටේ ‘සිතමු‘ නම් දැවැන්ත රාජ්‍ය ව්‍යාපෘතිය යටතේ ගෙවතු 25,000,000ක් වවන්න සැලසුම් දියත් වුණ බවත්, ඒ ගැන රාජ්‍ය මුදල් කෝටි ගණනක් වැය කළ බවත් අපි කවුරුත් දන්නා කරුණක්. එදා සැලසුම් කළ සිතමු ගෙවතු 25,000,000 මේ භූමිය මත රෝපණය වී තිබුණා නම් අද ඒ නිලධාරීන්ම ලවා ‘සෞභාග්‍ය ගෙවතු‘ ලක්ෂ 10ක් වවන්න සිදු නොවන බව අපේ අදහසයි.
කොරෝනා වසංගතයත් එක්ක ‘ආහාර සුරක්ෂිතභාවය‘ ගැන දැන් වැඩි වැඩියෙන් කතා කරනවා. ආණ්ඩුව පාර්ශ්වයෙන් ඒකට ඉදිරිපත් කළ එක් විසදුමක් වන්නේ ‘සෞභාග්‍ය ගෙවත්ත‘ වැඩසටහන. ඒකව භාරව සිටින රාජ්‍ය ආයතන සදහන් කරන ආකාරයට ලංකාව පුරා ගෙවතු ලක්ෂ 10ක් වවන්නයි සැලසුම. රාජ්‍ය සේවකයින්, පාසල් ළමුන් ඇතුළු බොහෝ දෙනෙක් ගෙදර ඉන්න නිසා මේ සැලසුම පහසුවෙන් ජයගත හැකි බවයි අදාළ අංශවල අදහස.
අපේ අදහසක් ඒකම තමයි. කොතරම් අඩුපාඩු තිබුණත් ගෙවතු වගාව කියන්නේ ‘හරිම තෘප්තිමත්‘ කටයුත්තක් බව පසුගිය දිනවල ජීවිතේ ප්‍රථම වරට ගෙවතු වගාවේ යෙදුණු බොහෝ දෙනෙක්ගේ අත්දැකීම වී තිබුණා. ඒ නිසා ගෙවතු වගාව ප්‍රවර්ධනය කිරීම සදහා අපි ප්‍රතිපත්තිමය වශයෙන් සන්නිවේදනයේ යෙදෙනවා. ඒක මේ මොහොතට පමණක් සීමා නොවුණ ‘ජාතික වගකීමක්‘ බවයි අපේ අදහස.
මේ සමග අපි ගෙවතු වගාවේ වටිනාකම ගැන ඔබට වඩාත් පැහැදිලි කරදිය හැකි කරුණු සොයා පසුගිය දින කිහිපය පුරා අන්තර්ජාලය පීරුවා. ඒ අතර කෘෂි සන්නිවේදකයෙක් වන සනත් එම් බණ්ඩාර මහතාගේ තොරතුරු මූලාශ්‍රයක් අනුව අපි ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බරක් ඔබාමාගේ බිරිද මිෂෙල් ඔබාමාව සොයා ගත්තා. ඒ මුළු ලෝකයේම අවධානය දිනා ගත් ඇයගේ ගෙවත්ත ගැන කරුණු ඔබ හමුවේ තැබීමට.
මිෂෙල්ගේ ලෝ ප්‍රකට ගෙවතු වගාව
ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමාගේ බිරිද මිෂෙල්ගේ අවධානය ගෙවතු වගාවට යොමු වුණේ ඇය ධවල මන්දිරයේ සිටි 2009 වසරේදී. එවකට ඔබාමා ජනාධිපති වූ නිසා අතිෂය කාර්යබහුල ජීවිතයක් ගත කළ මිෂෙල් ගෙවතු වගාවට යොමු වුණා. ( ඒ කාලේ ආහාර අර්බුදයක් තිබුණේ නැහැ)
මිෂෙල් ගෙවතු වගාවට යොමු වෙමින් සදහන් කළේ එය නීරෝගීමත් දිවිපෙවතකට හේතු වන බව සදහන් කරමින්. ඇගේ මේ ප්‍රාරම්භක ප්‍රවේශය ජාත්‍යන්තර මාධ්‍යවල පවා දැඩි අගයීමකට ලක් වුණා. විශේෂයෙන් ‘ද ගාර්ඩියන් ‘ වැනි ජාත්‍යන්තර මාධ්‍ය මිෂෙල්ගේ උත්හාසය අගය කළා. ඊට හොද උදාහරණයක් වන්නේ 2009 ජූලි 2 දින ද ගාර්ඩියන් පළ කළ වාර්තාව. එහි සදහන් වුණේ මිෂෙල් අසල්වැයි පාසලක ළමුන් පිරිසක් ද සහභාගීකර ගෙන ධවල මන්දිරයේ ගෙවත්ත යළි වගා කිරීම ආරම්භ කළ බවයි.
මිෂෙල් මේ ආකාරයේ ධවල මන්දිරයේ තම සැමියා සමග ජීවත් වූ සම්පූර්ණ කාලය තුළම ගෙවතු වගාවට අවංකව කැප වුණා. (ඒක අපේ දේශපාලනඥයෝ වාගේ ප්‍රදර්ශනකාමී එකක් වුණේ නැහැ) ඒ බව මනාව සනාථ වන්නේ 2016 ඔක්තෝබර් 05 වැනිදා CookingLight වෙබ්අඩවියේ පළ වූ වාර්තාවක් මගිනි.
එහි සදහන් වුණේ ‘2009 දී ජනාධිපති ආර්යාව මිෂෙල් ඔබාමා ධවල මන්දිරයේ ගෙවත්තක් ආරම්භ කළාය. ඔබාමා ධවල මන්දිරයේ පදිංචිව සිටි වසර අටක් තුළ එම ගෙවත්ත වර්ධනය වී තිබේ. මුලින් වර්ග අඩි 1,100 ක් වූ එය අවසානයේ වර්ග අඩි 2,800 දක්වා පුළුල් විය. එහි එළවළු සහ නිෂ්පාදන විශාල ප්‍රමාණයක් ධවල මන්දිර සූපවේදීන් විසින් එදිනෙදා ආහාර සහ රාත්‍රී භෝජන සංග්‍රහ සඳහා යොදා ගනී. ළමා තරබාරුකම වසංගතය විශේෂයෙන් අවසන් කරමින් ආහාර ගැටළු සඳහා ඔබාමාගේ කැපවීමට මෙම උද්‍යානය නිදසුනකි‘ https://www.cookinglight.com/healthy-living/green-living/michelle-obama-honors-white-house-garden
මිෂෙල්ගේ ගෙවත්ත ගැන වැදගත් සදහන් ඇමෙරිකාවේ ‘ජාතික උද්‍යාන සේවය‘ විසින් 2017දී පළ කළා.
‘ධවල මන්දිරයේ ගෙවත්ත White House Kitchen Garden 2009 දී ජනාධිපති ආර්යාව වන මිෂෙල් ඔබාමා විසින් දකුණු උද්‍යානය මත රෝපණය කරන ලදී. වර්ග අඩි 2,800 කින් යුත් මෙම උද්‍යානය පළමු පවුල සහ ධවල මන්දිර අමුත්තන් සඳහා දේශීයව වගා කරන ආහාර සපයයි. එපමණක්ද නොව, ඔබ වැනි අයට නිවසේදී පෝෂ්‍යදායී ආහාර වගා කළ හැකි ආකාරය පිළිබඳ උද්‍යානය ආදර්ශයකි.
ධවල මන්දිරයේ මුළුතැන්ගෙය මෑත කාලීන එකතු කිරීමක් වුවද, ධවල මන්දිරයේ නිෂ්පාදන වැඩීමේ දිගු සම්ප්‍රදායක් ඇත. ජනාධිපති ජෝන් ඇඩම්ස් 1797 දී ධවල මන්දිර භූමියේ පළමු එළවළු උද්‍යානය සැලසුම් කළේය. බොහෝ ජනාධිපතිවරු පලතුරු ගස්, පළතුරු වතු සිටුවීම සහ හරිතාගාර පිහිටුවීම මෙම ක්‍රියාව දිගටම කරගෙන ගියහ. දෙවන ලෝක සංග්‍රාමයේදී ජනාධිපති ආර්යාව වූ එලිනෝර් රූස්වෙල්ට් ධවල මන්දිරයේ වික්ටරි උද්‍යානයක් රෝපණය කළ අතර, යුද්ධයේදී සැපයුම් හිඟය මඟහරවා ගැනීම සඳහා සියළුම ඇමරිකානුවන්ට තමන්ගේම ආහාර වගා කර ගැනීමට දිරිගැන්වීය.
මුළුතැන්ගෙයි උද්‍යානය ආරම්භයේ සිටම, බෝග වගා කිරීමට හා නැඹුරු කිරීමට උපකාර කිරීමෙන් ආහාර වගා කරන ආකාරය ඉගෙන ගැනීමට දරුවන්ට ආරාධනා කර ඇත. ඉගෙන ගත් පාඩම් ළමයින්ට ඔවුන් ගන්නා ආහාර ගැන හොඳ තේරීමක් කිරීමට උපකාරී වේ.
මුළුතැන්ගෙයි උද්‍යානයේ විවිධ පලතුරු, එළවළු සහ ඖෂධ පැළෑටි අඩංගු වේ. අද ධවල මන්දිරය සඳහා සෑම වසරකම රාත්තල් 2,000 ක් පමණ ආහාර සපයයි. ධවල මන්දිරයේ භාවිතා නොකරන ඕනෑම ආහාරයක් වොෂිංටන් ඩී.සී. හි පුණ්‍යායතනයකට පරිත්‍යාග කරනු ලැබේ.
මේ සමග අපි මිෂෙල්ගේ ධවල මන්දිර ගෙවතු වගාවේ ඡායාරූප කිහිපයක් එක්කර තිබෙනවා. අපි මෙහිදී කියන්නේ ‘හුදු ප්‍රදර්ශනකාමය‘ සදහා නොව හදවතින්ම ගෙවතු වගාවට කැපවන අයට මිෂෙල්ව හොදම උදාහරණයක් බවයි.
එසේ නැතිව ‘වදුරෝ ගෙවල් හදන තාලේ ගෙවතු වගා වැඩසටහන් මගින් රටට ලැබෙන දෙයක් නැති බව අපේ අදහසයි. එය මේ දිනවල ඊනියා ගෙවතු වවන ක්‍රිකට් ක්‍රීඩකයින්ට වාගේම දේශපාලන ලොක්කන්ටත් අදාළයි. ඒ වගේම අපි මේ වගකීම දරන අදාළ බලධාරීන්ගෙන් හා නිලධාරීන්ගෙන් ඉල්ලන්නේ ‘සැලසුම්වලට‘ පමණක් සීමා නොවී මේ වැඩේ ‘හදවතින්ම‘ කරන ලෙසයි.
මොකද අවම වශයෙන් පසුගිය යහපාලන ආණ්ඩු සමයේ පවා මේ රටේ ගෙවතු 25,000,000ක් වවන්න සැලසුම් දියත් වුණ බවත්, ඒ ගැන රාජ්‍ය මුදල් කෝටි ගණනක් වැය කළ බවත් අපි කවුරුත් දන්නා නිසයි. උදාහරණයක් ලෙස‘ සිතමු‘ නම් දැවැන්ත රාජ්‍ය ව්‍යාපෘතියට යටතේ බිහිකරනවා යැයි සදහන් කළ ගෙවතු විසිපන් ලක්ෂය පමණක් ගත හැකියි. එදා සැලසුම් කළ සිතමු ගෙවතු 25,000,000 මේ භූමිය මත රෝපණය වී තිබුණා නම් අද ඒ නිලධාරීන්ම ලවා ‘සෞභාග්‍ය ගෙවතු‘ ලක්ෂ 10ක් වවන්න සිදු නොවන බව අපේ අදහසයි.
සැකසුම – තුෂාධවි