දිවයිනේ සියළු දිවාසුරැකුම් මධ්‍යස්ථාන ජුලි මස 02 සිට විවෘත කිරිමට අවසර ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.
මේ පිළිබදව අදහස් දැක්වමින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ පෞද්ගලික හා රාජ්‍ය සේවා ස්ථානවල සේවයට යන දෙමාපියන් තම දරුවන් දිවා සුරැකුම් මධ්‍යස්ථානවල රඳවා තැබීම ප්‍රධාන අවශ්‍යතාවයක් වී ඇති බවත්, කොවිඩ් වෛරසය තත්ත්වය හේතුවෙන් පසුගිය කාලය තුල සෞඛ්‍ය අංශ විසින් දිවාසුරැකුම් මධ්‍යස්ථාන විවෘත කිරිමට අවස්ථාව ලබා නොදුන් බවයි.
නමුත් දෙමාපියන්ගේ ඉල්ලීම් සහ අවශ්‍යතාවය සළකා බලමින් සහ මාස දෙකක් වැනි කාලයක් තුල සමාජය තුලින් කොවිඩ් වෛරසය ආසාදිත රෝගීන් වාර්තා වී නොමැති බැවින් ජුලි මස 02 දින සිට දිවා සුරැකුම් මධ්‍යස්ථාන විවෘත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තීරණය කර ඇති බවයි.