දඹුල්ලේ එළවළු මිල වාර්තාගත ලෙස පහළ ගියත් පාරිභෝගිකයාට වාසියක් නෑ

Spread the love

ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු අද (20) දඹුල්ල නගරය සහ විශේෂ ආර්ථික මධ්‍යස්ථානය යථා තත්ත්වයට පත් වුණා. ඒ සමග විවිධ ප්‍රදේශවලින් විශාල වශයෙන් එළවළු තොග ලැබීම සමග එළවළු මිල විශාල වශයෙන් පහළ ගොස් තිබුණා.

අද දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ‍ෙ බෝංචි කිලෝවක තොග මිල රුපියල් 40-50 ද ගෝවා – රු. 20-30 ද තක්කාලි – රු. 10-20 ද, කැරට් – රු. 50-60, වට්ටක්කා – රු. 35-40 අතර ද වාර්තා වුණා.

මෙහිදී මාධ්‍ය සමග අදහස් දැක්වූ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙදුන් ප්‍රකාශ කළේ වසර ගණනාවකින් එළවළු තොග මිල මේ ආකාරයෙන් පහත වැටී නැති බවයි.

එහෙත් දඹුල්ලෙන් පිට පළාත්වල එළවළු මිල සැලකිය යුතු ඉහළ මට්ටමක පවතින බවට පාරිභෝගිකයින් මැසිවිලි නගනවා. ඔවුන් පෙන්වා දෙන්නේ කැරට්, බෝංචි ඇතුළු එළවළු මිල මිල රුපියල් 150කට වඩා වැඩි අගයක් ගන්නා බවයි.

‘අපි ටී.වී එකෙ දැක්කා දඹුල්ලේ බෝංචි කිලෝ එකක තොග මිල රුපියල් 40-50ට බැහැලා කියලා. ඒත් අපි බෝංචි කිලෝ එකක් ගත්තේ රුපියල් 160කට. කැරට් කිලෝ එක රුපියල් 150යි. ගොවියගෙන් තුට්ටු දෙකට ගන්න එළවළු අතරමැදියෝ ගිනි ගණන්වලට විකුණලා අධික ලාභ ලබනවා. අපි හැමෝටම ආර්ථික අපහසුතා ඇති අවස්ථාවේ ඒ වාසිය පවා ජනතාවට ලබා දෙන්න බලධාරීන් පියවර ගන්නේ නැහැ‘ අප සමග අදහස් දැක්වූ කඩවත සුනිල් පෙරේරා සදහන් කළා.

RSL

Related Posts