තොරතුරු සැඟවීම කොවිඩ් -19 ව්‍යාප්තිය පාලනයට බාධාවක් – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

Spread the love

ඕනෑම පුද්ගලයෙකුට මේ දිනවල තමන්ට කොවිඩ් -19 වැලදී තිබෙන බවට යම් සැකයක් ඇත්නම් හෝ කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව උගුරේ වේදනාව හුස්ම ගැනීමේ අපහසුතා වැනි රෝග ලක්ෂණ තිබේනම්  කෙලින්ම රෝහලකට නොගොස්  1999 හෝ 1390 දුරකතන අංක අමතා උපදෙස් ලබාගන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා  යලි ඉල්ලා සිටී.

මෙම දැනුම්දීමට අනුව බොහෝ දෙනෙක් කටයුතු කලත් සමහර විට එය නොතකා හරින අවස්ථා වාර්තා වන බව පෙනේ. ඊට අමතරව සමහරුන් රෝහල වෙත පැමිණ තමන් පදිංචි ප්‍රදේශය පිලිබඳව පවා කරුණු සඟවා රෝහල් කාර්ය මණ්ඩලයට ලබාදීම කණගාටුවට කරුණකි. මෙසේ වැරදි තොරතුරු ලබා දීමෙන් රෝහල වෙත පැමිණි පුද්ගලයාට ලබා දිය යුතු ප්‍රතිකාර හා සේවා ලබාදීමට පෙර යම්  උත්සහයකින්  කරුණු  රැස්කිරීමට කාර්ය මණ්ඩලයට සිදුවේ. එය ප්‍රධාන වශයෙන් එම පුද්ගලයාටද  ගැටළුවකි. යම් කාල සීමාවකට හෝ පෙර සඳහන් කල ආකාරයේ තොරතුරු වසන් කල පුද්ගලයා රෝහල් කාර්‍ය මණ්ඩලය සහ අනෙක් රෝගීන් සමග අනවශ්‍ය ලෙස සමීප වීම සිදුවුවහොත් විශාල ගැටළුවක් ඇතිවිය හැකි බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පෙන්වා දෙයි.

ද  සොයිසා රෝහල වෙත පැමිණී මරදාන ප්‍රදේශයේ කාන්තාවක තමන් ජීවත් වන ප්‍රදේශය සඟවා ප්‍රකාශ කිරීමේ සිදුවීමක් වාර්තා විය.සැබැවින්ම ඇය ජීවත් වූයේ මරදාන ඉමාවුල් අරුස් මාවත නමැති ප්‍රදේශයේ වුවත් ඇය රෝහල වෙත වැරදි ලිපිනයක් ලබාදී තිබිනි. රෝහල් කාර්‍ය මණ්ඩලයේ දක්ෂතාව නිසා ඇයගේ නියම ලිපිනය හඳුනා ගැනීමට ඔවුන්ට හැකිවිය.

ඊට පෙර දිනයකත් මෙම ප්‍රදෙශයෙන් ආසාදිතයින් වාර්තාවී තිබීම හේතුවෙන් අදාල කාන්තාව කොවිඩ් -19 ආසාදිතයෙකු    විය හැකි බව  මුල සිටම සැකකර නිසි සූදානමකින් , අවශ්‍ය ආරක්ෂක ක්‍රම උපයෝගී කරගෙන  පරීක්ෂාකිරීම සහ PCR පරීක්ෂණ සිදුකිරීම,ඇයව විශේෂයෙන් සූදානම් කොට තිබූ වාට්ටුවකට ඇතුලත් කිරීම ආදිය සිදුවිය.

කොවිඩ් -19 ආසාදනය වීම සමාජ අපවාදයකට ලක් වීමට හේතුවක් නොවන බවත් යම් පුද්ගලයෙකු තොරතුරු සඟවා ප්‍රකාශ කිරීම එවැනි අපවාදයකට හේතුවක් විය හැකි වන අතර එය වරදක් බවද  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවධාරණය කරයි.

RSL

Related Posts