පසුගිය දා තැපැල්පතිවරයාට ලිඛිතව දැනුම් දුන් ආකාරයට හෙට (4) දින තැපැල් කාර්යාල විවෘත නොකිරීමේ තීරණය ඉවත්කර ගත් බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරින්ගේ වෘත්ති සමිති සංගමයේ ප්‍රධාන ලේකම් එච්.කේ කාරියවසම් මහතා සදහන් කළේය.
අද පස්වරු විෂයභාර ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සමග පැවැති සාකච්ඡා සාර්කථ විමත් සමඟ තැපැල් කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරගෙන යාම සඳහා තම සහයෝගය ලබාදෙන බවයි කාරියවසම් මහතා වැඩි දුරටත් සදහන් කළේ.
දිවයින පුරා පිහිටි සියලු තැපැල් කාර්යාලවල සේවා කටයුතු හෙට (04) සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණ ද පසුගිය ඊයේ තැපැල් වෘත්තිය සමිති තැපල්පතිවරයා වෙත ලිපියක් මගින් පෙන්වා දුන්නේ පවතින තත්ත්වය හමුවේ තැපැල් කාර්යාල ආරම්භ කිරීමට හැකියාවක් නොමැති බවයි.
මේ අතර තැපැත් වෘත්තීය සමිති සමග පැවැති සාකච්ඡාව ගැන මාධ්‍ය වෙත අදහස් පළ කළ විෂයභාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා තැපැල් සේවය කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා තැපැල් වෘත්තිය සමිති සමඟ තවදුරටත් සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට නියමිත සදහන් කළා.