තවත් කදුකර කොටියෙක් මන්දකට හසුව මිය යයි

Spread the love

පැන්තරා පාදුස් වර්ගයේ තවත් කදුකර කොටි දේනුවක් මන්දකට හසු වි මියගොස් ඇති බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.

නාවලපිටිය පොලිස් වසමට අයත් මාපකන්ද ප්‍රදේශයේ කෝපි ගසක් මත මන්ද සහිතව කොටි දේනුව මිය ගොස් සිටි බවයි කරුණාතිලක මහතා කියා සිටියේ.

‘මිය ගොස් ඇත්තේ අවුරුදු හතක් පමණ වයස කදුකර කොටි දේනුවක්. මාපකන්ද ප්‍රදේශයේ වගා භුමියක සතුන් දඩයම් කිරිම සදහා දඩයම්කරුවන් විසින් අටවන ලද මන්දකට මේ සතා අසුවී ඇති බව අපි දැනට කළ පරීක්ෂණවලදී අනාවරණය වුණා. මන්දට අසු වූ කොටි දේනුව කොහොම හරි මන්ද කඩාගෙන කෝපි ගසක නැගලා තිබෙනවා. එහිදි කෝපි ගසේ මන්ද සවි කර තිබු මුගුර ගසේ සිරවිම නිසා ඉන් බේරිමට කොටියා උත්සහ කර ඇති අවස්ථාවේ උගුර හිරවෙලා තමයි ඇය මිය ගිහින් තියෙන්නේ. කොටි දේනුවගේ උදරය මන්දට හසු ඇති වුණ විශාල තුවාල රැසක් තිබෙනවා.

RSL

Related Posts