ජූලි අග දක්වා සියලු ජාත්‍යන්තර ක‍්‍රිකට් තරගාවලි කල් යයි

Spread the love

කොවිඩ් 19 වෛරසය ගෝලීය වසංගතයක් වීම හේතුවෙන් ජූනි මස අග දක්වා සියලු තරගාවලි කල් දැමීමට තීරණය කළ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේය.

2021 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග සහ වසර 2023 එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග ද ඊට ඇතුළත් බවයි ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය සදහන් කළේ.

මේ අනුව අප්‍රේල් මස 16 සිට 21 දක්වා පැවැත්වීමට නියමිතව ක්වේට්හි සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබුණු විස්සයි20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ආසියානු කලාපයීය ‘ඒ’ කොටසේ තරගාවලිය, ජූනි මස 26 සිට ජූලි 2 දක්වා මැලේසියාවේ පැවැත්වීමට සූදානම් කළ ආසියානු කලාපයීය ‘බී’ කොටසේ තරගාවලිය, දකුණු අප්‍රිකාවේ සත්කාරකත්වයෙන් අප්‍රේල් මස 27 සිට මැයි මස 3 දක්වා පැවැත්වීමට නියමිතව තිබුණු අප්‍රිකානු කලාපයීය තරගාවලිය සහ ස්පාඤ්ඤයේ සත්කාරකත්වයෙන් මැයි මස 16 සිට 22 දක්වා පැවැත්වීමට නියමිත වූ යුරෝපා කලාපයීය ‘ඒ’ කොටසේ තරගාවලියත්, ජූනි මස 10 සිට 16 දක්වා බෙල්ජියමේ පැවැත්වීමට නියමිත වූ යුරෝපා කලාපයේ ‘සී’ කොටසේ තරගාවලියත්, ෆින්ලන්තයේදී ජූනි මස 24 සිට 30 දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබුණු යුරෝපා කලාපයීය ‘බී’ කොටසේ සුදුසුකම් ලැබිමේ තරගාවලියත් මෙසේ කල් දැමීමට නියමිතය.

මීට අමතරව 2023 එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා අප්‍රේල් මස 20 සිට 27 දක්වාත් පැවැත්වීමට නියමිතව තිබුණු නැමීබියානු කලාපීය තරගාවලිය සහ ජූනි මස 9 සිට 16 දක්වාත් පැවැත්වීමට නියමිතව තිබූ පැපුවා නිව්ගිනියා කලාපයීය තරගාවලි ද කල් දැමීමට ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය තීරණය තර තිබේ.

RSL

Related Posts