ජාඇළ සුදුවැල්ලෙන් කොරෝනා ආසාදිතයින් 06ක්: මුළු ආසාදිතයින් සංඛ්‍යාව 197ට නගී

Spread the love

මෙරටින් වාර්තා වූ කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (10* රාති‍්‍රයේ 197 දක්වා වර්ධනය වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා නිවේදනය කළා. ඒ ඊයේ රාත‍්‍රියේ නව ආසාදිතයින් 07 දෙනකු හදුනා ගැනීම සමගයි.

ඊයේ රාත‍්‍රියේ තහවුරු කරගත් කොවිච් 19 ආසාදිතයින් 07 දෙනාගෙන් 05 දෙනකු ජා-ඇළ සුදුවැල්ල ප‍්‍රදේශයේ පුද්ගලයින් වන අතර ඔවුන්ව පසුගිය දා නාවික හමුදාව විිසින් අත්අඩංගුවට ගෙන ඔලූවිල් නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ පුද්ගලයින් 28 දෙනාගෙන් පස් දෙනකු බවයි ජාඇල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර අබේරත්න මහතා සදහන් කළේ්ය.

මෙහිදී අබේරත්න මහතා වැඩි දුරටත් සදහන් කළේ මෙම කොරෝනා ආසාදිත පුද්ගලයෙකුගේ බිරියකට ද කොරෝනා ආසාදනය වී ඇති බවට ලක්ෂණ පළ කළ බැවින් රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවයි. එහිදී සිදු කළ වෛද්‍ය පරීක්ෂණ වලින් පසු ඇයටද කොරෝනා ආසාදනය වී ඇති බවට ඊයේ (10* රාත්‍රීයේ තහවුරු වූ බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා සදහන් කළා.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජාඇළ පොලිස් ස්ථානාධිපතිවරයා සදහන් කළේ පසුගිය දා අත්අඩංගුවට ගත් සුදුවැල්ල ප‍්‍රදේශයේ පුද්ගලයින් 28 දෙනා මත්ද්‍රව්‍ය වලට ඇබිබැහිවූවන් බවත් මොවුන් තැනින් තැන සැරිසරා ඇති බවත්ය.

ජාඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිතයන් 13 දෙනෙකු වාර්තා වී අතර ඉන් 4 දෙනෙකු කාන්තාවන් බව ජාඇල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර අබේරත්න මහතා සදහන් කළේ්ය.

RSL

Related Posts