ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළ සහ නිරෝධායන රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රය හෙට (10) දිනයේදී නිකුත් කිරීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද (9) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී සදහන් කළේය.
මෙම ගැසට් පත්‍රය මගින් පොදු ප්‍රවාහනය සේවා, ආහාර සපයන ආයතන, අධ්‍යාපන හා සේවා ආයතන මෙන්ම පොදු ස්ථාන සහ වෙළදසැල්වල කටයුතු සිදුකළ යුතු ආකාරය පිළිබඳ රෙගුලාසි නිකුත් කරනු ඇති බව අනිල් ජාසිංහ මහතා වැඩි දුරටත් සදහන් කළේය.
රජයේ මුද්‍රණාලයාධිපතිනී ගංගානි ලියනගේ මහත්මිය සඳහන් කළේ සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කරන අතර, ඒ සඳහා තමන් ඇතුළු කාර්ය මණ්ඩලය සූදානමින් සිටින බවයි.