ගම්පහ දිස්ත්‍රික්කයේ දරුවන්ට එන්නත් ලබා දීම සදහා ක්‍රමවත් වැඩපිළවෙළක්

Spread the love

ඇදිරි නීතිය නිසා නියමිත එන්නත් ලබා ගැනීමට නොහැකිව සිටින ගම්පහ දිස්ත්‍රික්කයේ කුඩා දරුවන්ට අවශ්‍ය එන්නත් ලබා දීම සදහා ක්‍රමවත් වැඩ පිළවෙලක් සකසන්නැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ සෞඛ්‍ය බළධාරීන්ට උපදෙස් දෙයි.

මේ සදහා  ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන වල සහාය ලබා ගන්නා ලෙසද ඇමතිවරයා මෙහිදී අදාල අංශ වෙත උපදෙස් ලබා  දුන්නේය.

අද (24) ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති ගම්පහ දිස්ත්‍රික්කයේ කෝවිඩ් 19 නිවාරණය සදහා අත්‍යශ්‍ය සේවා සැපයීමේ කමිටුවේදී මෙම තීරණයට එළඹිණ.

සෞඛ්‍ය අංශ මෙහිදී පෙන්වා දුන්නේ මේ සම්බන්ධයෙන් ඉහළ සෞඛ්‍ය බළධාරීන්ගෙන් මේ සදහා අවශ්‍ය උපදෙස් ලබා ගතයුතු බවය. අදාල උපදෙස් ලබා ගෙන අවශ්‍ය ක්‍රමවේදය ඉදිරිපත් කරන්නැයි ඇමතිවරයා මෙහිදී ගම්පහ ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරියට උපදෙස් දුන්නේය.

මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු මර්ධන වැඩ සටහනක් කඩිනමින් ආරම්භ කරන ලෙසද ඇමතිවරිය සෞඛ්‍ය අංශ වෙත උපදෙස් දුන්නේය. මේ වන විට ආරම්භවී ඇති වැසි සහිත කාලගුණයත් සමග ඩෙංගු රෝගය පැතිර යාමේ අවධානමක් ඇති බැවින් ඒ පිළිබදව කඩිනම් අවධානය යොමු කල යුතුව ඇතැයිද ඇමතිවරයා මෙහිදී කීවේය.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ රු 5000 දීමනාව ලබා දීමේ ප්‍රගතිය පිළිබදවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ. උද්ගතව ඇති ව්‍යවසනාකාරී තත්ත්වය නිසා ආර්ථික වශයෙන් රුපියල් 5000 දීමනාව පවුල් 4,30,447 කට ලබා දී ඇති බවද මෙහිදී හෙලි විය. තවත් අභියාචනා 95,709 කට ගෙවීම ඉදිරි දිනවලදී සිදු කීරමට නියමිතය.

RSL

Related Posts