කොවිඩ්-19 වසංගත අවදානම හේතුවෙන් පසුගිය අප්‍රේල් මස 01 වැනිදා වසා දමන ලද කොළඹ කොටස් වෙළෙඳපොළ අද (11) උදෑසන 11.00ට සිය දෛනික ගනුදෙනු සඳහා ආරම්භ කළ ද ගනුදෙනු ආරම්භ කර මිනිත්තුවක් යෑමටත් මත්තෙන් වසා දැමීමට සිදු වූ බව කොටස් වෙළෙදපොළ ආරංචි මාර්ග සදහන් කරයි.
කොටස් වෙළෙද පොළ වාර්තා සදහන් කරන ආකාරයට ගනුදෙනු පද්ධතියේ අවසාන ගනුදෙනුව සිදුව ඇති වේලාව ලෙස සටහන් වී ඇත්තේ පෙරවරු 11.00.38යි. මේ සමග කොටස් වෙළෙදපොළ 10.11% කින් පහළ ගිය අතර ඒ සමග කොටස් වෙළෙපොළ වසා දැමීමට බලධාරීන් පියවර ගෙන ඇත.
කොළඹ කොටස් වෙළෙඳපොළේ අවසන් වරට දෛනික ගනුදෙනු සිදුවූයේ මාර්තු 20 වැනිදා වන අතර ‘කොවිඩ්-19’ වසංගතය ව්‍යාප්ත වීම පාලනය කිරීමට රටපුරා ඇඳිරි නීතිය පැනවීමත් සමඟ අප්‍රේල් මස 1 වැනිදා සිට කොළඹ කොටස් වෙළෙඳපොළ වසා දැමීමට පියවර ගෙන තිබුණි.
කොළඹ කොටස් වෙළෙපොළ වාර්තා අනුව ජනවාරි පළමු වැනිදා සිට මේ දක්වා කාලයේදී සියලු කොටස් මිල දර්ශකය 28.34% කින් ද එස් ඇන්ඩ් පී. ශ්‍රී ලංකා 20 දර්ශකය 40.06% කින් ද පහත වැටී ඇත.