කොරෝනා මාරයාට එරෙහි සටනේදී ඉන්දීය වීදි සිතුවම්කරුවෝ පෙරමුණ ගනී !

Spread the love

Covid-19 වසංගතයට ගොදුරු වූ ප්‍රධාන රටක් බවට අප අසල්වැසි ඉන්දියාව පත්ව තිබෙනවා. මේ වන විට ඉන්දියාවෙන් වාර්තාවන ආසාදිතයින් සංඛ්‍යාව මිලියනය ඉක්මවා ඇති අතර මරණ සංඛ්‍යාව 26000කට අධිකයි.

ඉන්දියාව තුළ කොවිඩ් වසංගතය තව දුරටත් අඛණ්ඩව පැතිරෙන අතර එය කොපමණ කාලයක් පවතී ද යන්න ගැන වෛද්‍ය විශේෂඥයින් බියට පත්ව සිටිනවා.

මේ තත්ත්වය තුළ කොවිඩ් වසංගතය ගැන ඉන්දීය ජනතාව දැනුවත් කිරීමට චිත්‍ර ශිල්පීන් ද පෙරමුණ ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තාවලට අනුව ඉන්දියාවේ මාර්ග සහ මාර්ග දෙපස බිත්ති දැන් කොවිඩ් වසංගතය ගැන ජනතාව දැනුවත් කරන චිත්‍රවලින් පිරී යමින් තිබෙනවා.

පහත පළ වන්නේ එවැනි වීදි සිතුවම් අතරින් කිහිපයක්. පාරක් පාරක් ගානේ පසුගිය කාලේ ලංකාවෙත් චිත්‍ර ඇන්ද නිසා මේක අපිට අරුමයක් නොවුණත් බැලිය යුතු චිත්‍ර එකතුවක්.

RSL

Related Posts