රටම කොරෝනා නිසා කොර වෙද්දී ඩෙංගු මාරයාට 22ක් බිලි වෙලා !

Spread the love

වර්ෂාව පැමිණීමත් සමඟ ඩෙංගු රෝගය වැඩිවීමේ අවදානමක් ඇති බැවින් COVID – 19 සමඟ අනෙකුත් රෝග පාලනය ද නිසියාකාරව කළමනාකරණය කරගත යුතු බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

ඒ අනුව COVID – 19 මර්දනය සදහා සියළු දෙනා එක්ව කටයුතු කළා සේම ඩෙංගු රෝගය මැඩලීම සදහා ද සියළු අංශ එක්ව කටයුතු කළ යුතු බව අමාත්‍යතුමීය පවසයි. දැනට සිදු කරනු ලබන ඩෙංගු මදුරු මර්දන වැඩපිළිවෙල සහ ඉදිරියේ දී ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙල පිළිබදව විශේෂ සාකච්ජාවක් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ ජාතික ඩෙංගු මර්දන එකකයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අද (28) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

 2019 වසරේදී ඩෙංගු රෝගීන් 105,049 ක් හමුවූ වී ඇති අතර, මරණ 150 ක් සිදු වී ඇත. 2020 මේ වසරේ මේ දක්වා  ඩෙංගු රෝගීන්  19,474 හමුවී ඇති අතර මරණ 22 ක් සිදු වී ඇති බව බව මෙහිදී අනාවරණය විය.

ඒ අනූව COVID – 19 වෛරසය මැඩලීම සදහා කටයුතු කළ සේම ඩෙංගු මදුරු මර්දනය සදහා ද සැවොම එක්ව කටයුතු කළ යුතු බවත් “COVID – 19 රෝගයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීමට දියත් කළ වැඩපිළිවෙල වගේම ඩෙංගු රෝගයෙන් ජනතාව ආරක්ෂා කිරීමට කටයුතු කිරීම අප සියලු දෙනාගේ වගකීමක් බවද, අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය ඩෙංගු රෝගය මර්දනයට කාර්යසාධක බලකායක් පිහිටුවීමටද කටයුතු කර තිබෙන බවත් අමාත්‍යතුමීය මෙහිදී පවසන ලදී.

COVID – 19 රෝගය මැඩලීමට පළාත් පාලන ආයතන විසින් විශාල කාර්යභාරයක් ඉටු කල බවත්. ඩෙංගු මර්දන වැඩපිළිවෙලේදී ද එම කාර්යභාරය නිසි අයුරින් ඉටුකරන ලෙසට අමාත්‍යතුමීය පලාත් පාලන ආයතන නියෝජිතයන්ගෙන් ඉල්ලීමක්  කලේය.

මේ වන විට ඩෙංගු රෝගය පාලනය සදහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ක්‍රියාකාරී සැලැස්මක් සකස් කොට ඇති අතර ඒ අනුව කඩිනම් වැඩ කටයුතු මාලාවක් දියත් කර ඇති බවත් ඩෙංගු රෝගීන් හට ප්‍රතිකාර කිරීම සදහා ඩෙංගු ප්‍රතිකාර විශේෂ රෝහල් වල පහසුකම් වැඩි කරන ලෙසටත් නව ඩෙංගු ප්‍රතිකාර විශේෂ රෝහල් සකස් කරන ලෙසටත් අමාත්‍යතුමීය නිළධාරීන්ට උපදෙස් දෙන ලදී.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධක්ෂ ජනරාල් වෛද්‍ය පබා පලිහවඩනයන මහත්ම මහත්මීන් විශේෂඥ වෛද්‍යවරුන් ඇතුලුනිළධාරීන් පිරිසක් සහභාගි විය.

RSL

Related Posts