කොන්ත්‍රාත්කරුවන්ගෙන් පහර කෑ පාලිත තෙවරප්පෙරුම රෝහලේ

Spread the love

කොන්ත්‍රාත් සමාගමක නිලධාරීන්ගේ පහර කෑමකට ලක් වූ හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා රෝහල්ගත කර ඇත. හිටපු මන්ත්‍රීවරයා කලුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි ඔහුගේ පවුලේ සමීපතමයෙකු ප්‍රකාශ කළේ.

පාදයකින් සහ අතකින් ලේ ගැලීම් සහිතව රෝහල්ගත කරන ලද ඔහුට සුළු ශල්‍යකර්මයක් කර ඇති බව ද ඔහු වැඩි දුරටත් සදහන් කළා.

‘පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීතුමාට පහරදී තිබෙන්නේ මතුගම ප්‍රදේශයේ ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා ගිය අවස්ථාවේ සිදු වූ බහින්බස් වීමකදීයි. මෙම ජල ව්‍යාපෘතියේ කොන්ත්‍රාත් කටයුතු සිදුකරන සමාගමේ නිලධාරීන් සහ හිටපු මන්ත්‍රීවරයා අතර බහින් බස්වීම සිදුවෙලා තිබෙනවා. එහිදී තමයි මන්ත්‍රීතුමාට පහර දීලා තිබෙන්නේ. අපිට ආරංචි විදිහට මීට පෙර ද මේ ජල ව්‍යාපෘතියේ නිලධාරීන් සහ මන්ත්‍රීතුමා අතර බහින්බස් වීමක් සිදුව තිබෙනවා.

RSL

Related Posts