මැයි 11 වැනිදා රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමත් සමඟ කොණ්ඩය කපන ස්ථාන හා රූපලාවන්‍ය මධ්‍යස්ථානවල කටයුතු නැවත ආරම්භ කිරීමට අදාළව නව මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
කොණ්ඩය කැපීම, හිසකෙස් වර්ණ ගැන්වීම, නිය අලංකරණ කටයුතු සහ අත් සහ පාදවල රෝම ඉවත් කිරීමේ කටයුතු සඳහා පමණක් අවසර හිමි වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ මාර්ගෝපදේශවල සදහන් වන්නේ.
එම මාර්ගෝපදේශවල වැඩි දුරටත් සදහන් වන ආකාරයට අදාළ කොණ්ඩය කපන ස්ථානය හෝ රූපලාවන්‍ය මධ්‍යස්ථාන නැවත විවෘත කිරීමට පෙර එහි හිමිකරු හෝ කළමනාකාරිත්වය විසින් ඒ සඳහා ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගෙන් ඉල්ලීමක් කළ යුතු අතර ඒ අනුව එම නිලධාරීවරයා ඊට අදාළ අයදුම්පතක් මධ්‍යස්ථාන හිමිකරුට ලබා දිය යුතුයි.
එම අයදුම්පත මගින් ලබාගන්නා තොරතුරු අනුව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරියා විසින් රූපලාවන්‍ය මධ්‍යස්ථානයේ පවතින පහසුකම් පරික්ෂා කර ඒ පිළිබඳ නිර්දේශ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට ඉදිරිපත් කිරීමෙන් පසු රූපලාවන්‍ය මධ්‍යස්ථානය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ තාවකාලිකව ලියාපදිංචි කර එහි කටයුතු පවත්වගෙන යාමට සහතිකයක් නිකුත් කිරීමට පියවර ගන්නා බව සදහන්.
මෙම වලංගු ලේඛනගත සහතිකය නොමැති කිසිදු රූපලාවන්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාමට අවසර හිමි නොවන අතර කරණවෑමිවරුන් සහ ඊට අදාළ කටයුතුවල නිරතවල පුද්ගලයින් පාරිභෝගිකයින් සමඟ කටයුතු කිරීමේදී මුඛ ආවරණ හා ඇස් ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබෙනවා.
පාරිභෝගිකයින් සේවා ලබා ගැනීමට පැමිණීමේදී මීටරයක දුර පරතරය පවත්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු අතර පාරිභෝගිකයින් සමඟ මුහුණට මුහුණ සිටින පරිදි කටයුතු කිරීමෙන් වැලකිය යුතුයි.
වායුසමන යන්ත්‍ර සේවා ස්ථාන තුළ භාවිත නොකරන ලෙසට ද නිර්දේශ කර තිබීම ද විශේෂත්වයක්.
- Friday
- September 13th, 2024