කුරුණෑගල දිස්ත්‍රික්කය – ලංකාවෙන්ම 01ක අගමැති මහින්ද
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් මනාප ඡන්ද 527,394ක් ලබා ගනිමින් දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමත්ව තිබේ. මෙය පසුගිය මහ මැතිවරණ ඉතිහාසයේ අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව වශයෙන් ද සැලකේ.
කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 649,965ක් දිනා ගත්තේය.
ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඡන්ද එක් ලක්ෂ 99,203ක් ලබා ගනිමින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ දෙවැනි ස්ථානයට පත්ව තිබේ.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ තුන්වැනි ස්ථානයට තේරී පත්ව ඇත්තේ මහාචාර්ය ගුණපාල රත්නසේකර මහතායි. ඔහු ලබා ගත් ඡන්ද සංඛ්‍යාව එක් ලක්ෂ 41,991කි.
දයාසිරි ජයසේකර මහතා එක් ලක්ෂ 12,452ක් ද, අසංක නවරත්න මහතා 82,779ක් ද වශයෙන් මනාප ඡන්ද හිමිකර ගෙන තිබේ. සමන් ප්‍රිය හේරත් මහතා හිමි කර ගත් මනාප ඡන්ද සංඛ්‍යාව 66,814ක්. ඩී බී හේරත් මහතා ඡන්ද 61,954ක් ලබා ගත්තේය. ජයරත්න හේරත් මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 54,351ක්. ශාන්ත බණ්ඩාර මහතා ඡන්ද 52,086ක් ලබා ගත් අතර, උඩුකුඹුරගේ සුමිත් මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 51,134කි.
මේ අතර සමගි ජනබලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ නලින් බණ්ඩාර මහතා මනාප ඡන්ද 75,631ක් ලබා ගත්තේය. ජේ සී අලවතුවල මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 65,956ක්. ඡන්ද 54512ක් ලබා ගනිමින් අශෝක් අබේසිංහ මහතා එම ලැයිස්තුවේ තුන්වැනි ස්ථානයට පත්ව තිබේ. තුෂාර ඉදුනිල් මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 49,364කි.
කොළඹ දිස්ත්‍රික්කය – විමල් දෙවැනියා කරමින් ප්‍රථම ස්ථානය සරත් වීරසේකරට
කොළඹ දිස්ත‍්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීධුර 12ක් හිමිකර ගත් අතර සමගි ජනබලවේගය මන්ත්‍රීධුර 06ක් සහ ජාතික ජනබලවේගය 01ක් මන්ත්‍රීධුරයක් දිනා ගත්තේය.
වෙමර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මනාප ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය සිවිල් ආරක්ෂ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානියා වූ රියර් අද්මිරල් සරත්වීරසේර මහතා විසින් මනාප ඡන්ද 328,092ක් දිනා ගනිමින් ලබා ගත්තේය. දීර්ඝ කාලයක් කොළඹ මුල් තැන පත් වූ විමල් වීරවංශ මහතා දෙවන ස්ථානයට පත් වූ අතර ඔහු ලබාගත් ඡන්ද සංඛ්‍යාව 266,084කි. එය පසුගිය මහ මැතිවරණයට වඩා මනාප ඡන්ද 46,000කට ආසන් අඩුවීමක් බව ද වාර්තා වේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික්ක ජයග්‍රාහකයින් පහත දැක්වේ.
- සරත් වීරසේකර 328,092
- විමල් වීරවංශ 266,084
- උදය ගම්මන්පිල 136,331
- විජේදාස රාජපක්ෂ 120626
- බන්දුල ගුණවර්ධන 101,646
- ප්‍රදීප් උඳුගොඩ 91,958
- දිනෙශ් ගුනවර්ධන 85,282
- මධුර විතානගේ 70,205
- ප්‍රේමනාත් දොලවත්ත 69,055
- ගාමිණි ලොකුගේ 62,543
- සුසිල් ප්‍රේමජයන්ත 50,322
- ජගත් කුමාර 47,693
කොළඹ දිස්ත්‍රික්කයෙන් සමගි ජනබලවේගය විසින් මන්ත්‍රීධුර 06ක් දිනාගත් අතර එහි මුල් තැන මනාප ඡන්ද 305,744ක් දිනාගත් සජිත් ප්‍රේමදාස මහතා විසින් ද දෙවන ස්ථානය මනාප ඡන්ද 96,916ක් දිනාගත් එස්.එම්. මරික්කාර මහතා විසින් ද දිනාගෙන තිබේ. තෙවන ස්ථානය මනාප ඡන්ද 87,589ක් දිනා ගත් මුජිබර් රහුමාන් මහතා විසින් ද සිවුවන ස්ථානය මනාප ඡන්ද 82,845ක් දිනාගත් ආචාර් හර්ෂ ද සිල්වා විසින් ද පස්වන ස්ථානය මනාප ඡන්ද 65,574ක් දිනාගත් චම්පික රණවක මහතා විසින් ද සයවන ස්ථානය මනාප ඡන්ද 62,091ක් දිනා ගත් මනෝ ගනේෂන් මහතා විසින් ද දිනාගෙන ඇත.
ජාතික ජන බලවේගයට හිමි වූ එකම මන්ත්‍රීධුරය මනාප ඡන්ද 49,814ක් දිනාගත් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් දිනාගෙන තිබේ.
හිටපු ජනපති මෛත්‍රී පොළොන්නරුවෙන් පළමු තැනට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මනාව 111,137ක් දිනා ගනිමින් පළමු තැනට පත්ව ඇත. රොෂාන් රණසිංහ 90,615, සිරිපාල ගම්ලත් 67,917ඒ.අතුකෝරළ 45,795ක් දිනා ගමින් මන්ත්‍රීධුර හිමිකර ගෙන ඇත. පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් සමගි ජනබලවේගයට එක් ආසනයක් හිමි වූ අතර එය දිනාගෙන ඇත්තේ මනාප ඡන්ද 22,392ක් දිනා ගත් කිංස්ලි නෙල්සන් මහතා විසිනි.
ගම්පහ දිස්ත්‍රික්කය – නාලක ගොඩහේවා මුල් තැනට
ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ලැස්තුවේ ප්‍රථම ස්ථානය මනාප ඡන්ද 325,479ක් දිනා ගනිමින් නාලක ගොඩහේවා මහතා විසින් දිනාගෙන තිබේ. දෙවැනි ස්ථානය මානප ඡන්ද 316,544ක් දිනාගත් ප්‍රසන්න රණරතුංග මහතා විසින් ද තෙවන ස්ථානය මනාප ඡන්ද 136,297ක් දිනා ගත් ඉන්දික අනුරුද්ධ මහතා විසින් ද දිනා ගෙන තිබේ.
ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මනාප ලැයිස්තුව පහත දැක්වේ.
- නාලක ගොඩහේවා 325479
- ප්‍රසන්න රණතුංග 316544
- ඉන්දික අනුරුද්ධ 136297
- සිසිර ජයකොඩි 113130
- නිමල් ලන්සා 108945
- ශාන් ප්‍රදීප් විතාන 97494
- සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ 89329
- ප්‍රසන්න රණවීර 83203
- කෝකිලා ගුණවර්ධන 77922
- ලසන්ත අලගියවන්න 73061
- නලින් ප්‍රනාන්දු 69800
- මිලාන් ජයතිලක 68449
- උපුල් මහේන්ද‍්‍ර රාජපක්‍ෂ 67756
ගම්පහ දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගය මන්ත්‍රීධුර 04ක් දිනාගත් අතර ඒ සදහා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, රන්ජන් රාමනායක, වෛද්‍ය කාවින්ද ජයවර්ධන සහ හර්ෂණ රාජකරුණා පත්ව තිබේ.
ජාතික ජන බලවේගය විසින් දිනාගත් එක් මන්ත්‍රීධුරය සදහා විජිත හේරත් මහතා පත්ව තිබේ.
මාතලේ දිස්ත්‍රික්කය – ජනක බණ්ඩාර තෙන්නකොන් මුල්ට
මාතලේ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල අනුව හිටපු අමාත්‍යවරයකු වූ ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මානප 73 296ක් ලබාගෙන ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇති අතර නාලක බණ්ඩාර කොට්ටේගොඩ මනාප ඡන්ද 71,404ක්, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් 67,776ක්, රෝහණ දිසානායක මනාප ඡන්ද 50368ක් දිනා ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත්වී ඇත. මාතලේ දිස්ත්‍රික්කයෙන් සමඟි ජනබලවේගයට එක් ආසනයක් හිමි වූ අතර එය මනාප ඡන්ද 27,587ක් දිනා ගත් රෝහිණී කුමාරි කවිරත්න මහත්මිය විසින් දිනා ගෙන ඇත.
කලුතර දිස්ත්‍රික්කය – පළමු තැන විදුර වික්‍රමනායක
කළුතර දිස්ත්‍රික්කයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීධුර 08ක් දිනා ගත් අතර සමගි ජන බලවේගය විසින් මන්ත්‍රීධුර 02ක් දිනා ගත්තේය.
ඒ අනුව කලුතර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මනාප ලැයිස්තුවේ පළමු ස්ථානය මනාප ඡන්ද 147,958ක් දිනා ගත් විදුර වික්‍රමනායක මහතා විසින් ද දෙවැනි ස්ථානය මනාප ඡන්ද 147,472ක් දිනාගත් රෝහිත අබේගුණවර්ධන මහතා විසින් ද දිනාගෙන තිබේ.
- විදුර වික්‍රමනායක 147,958
- රෝහිත අබේගුණවර්ධන 147,472
- සංජීව එදිරිමාන්න 105,973
- පියල් නිශාන්ත 103,904
- ජයන්ත සමරවීර 100,386
- අනුප පස්කුවල් 97,777
- ලලිත් එල්ලාවල 76,705
- මහින්ද සමරසිංහ 58,514
කලුතර දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගය දිනාගත් මන්ත්‍රීධුර 02ක සදහා මනාප ඡන්ද 77,476ක් දිනා ගත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ මනාප ඡන්ද 77,083ක් දිනා ගත් හිටපු අමාත්‍යවරයෙකු වන කුමාර වෙල්ගම මහතා පත්ව තිබේ.
අනුරාධපුරය දිස්ත්‍රික්කයේ වැඩිම මනාප චන්න ජයසුමනට
අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීධුර 07ක් සහ සමගි ජන බලවේගය මන්ත්‍රීධුර 02ක් දිනාගත් අතර එක්සත් ජාතික පක්ෂයට හෝ ජාතික ජන බලවේගය කිසිම මන්ත්‍රීධුරයක් හිමි නොවීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලයිස්තුවේ පළමු ස්ථානය මනාප ඡන්ද 139,368ක් ලබා ගත් එස්. එම්. චන්ද්‍රෙස්න මහතා විසින්ද දෙවන ස්ථානය මනාප ඡන්ද 133,980ක් ලබාගත් වියත්මග නියෝජනය කරමින් දේශපාලනයට පැමිණි මහාචාර්ය චන්න ජයසුමන මහතා විසින් ද හිමිකර ගෙන ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුරයේ මනාප ලයිස්තුව මෙසේය.ෙ
- එස්. එම්. චන්ද්‍රෙස්න – 139368
- චන්න ජයසුමන – 133980
- උද්දික ප්‍රේමරත්න – 133550
- ශෙහාන් සේමසිංහ – 119878
- දුමින්ද දිසානායක – 75535
- එච් නන්දසේන – 53618
- කේ. පී. එස් කුමාරසිරි – 49030
මෙවර මහ මැතිවරණයේදී සමගි ජනබලවේගයට අනුරධපුර දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීධුර 02ක් හිමි වූ අතර එය මනාප ඡන්ද 49,290ක් දිනා ගත් ඉෂාක් රහුමාන් සහ රෝහණ බණ්ඩාර – 39520 අතර බෙදී ගියේය.