ක්‍රිෂ් – 4 ගැන ‘බොලිවුඩය උණුසුම් කළ’ ඕපාදූප ඇත්තක් වෙයිද ?

Spread the love

බොලිවුඩය කියන්නේ ඕපාදූප පුරයක්. ඇත්ත කතාව කිව්වොත් බොලිවුඩය උණුසුම් වෙන්නෙම ඕපාදූප – කට කතා නිසා. මේ නිසා බොලිවුඩය ගිනිගත් අවස්ථා ද ඕනෑ තරම් තිබෙනවා. ඒත් බොලිවුඩ් විචාරකයින් නම් කියන්නේ බොලිවුඩ් තරු මේ ඕපාදූපවලට කැමැත්තක් දක්වන බවයි. ඒවාට උල්පන්දම් දෙන බවයි.

‘ඔවුන්ගේ ජනප්‍රියභාවය රැදෙන්නේ මේ ඕපාදූප මතයි. ඒ නිසා එළිපිට ඒවා ප්‍රතික්ෂේප කළත් ඔවුන් ඒවාට උල්පන්දම් දෙනවා‘ ප්‍රකට බොලිවුඩ් විචාරක රාජේෂ් මුඛර්ජි පවසනවා.

අපි මේ කතා කියන්න යන්නෙත් පසුගිය දිනවල බොලිවුඩය උණුසුම් කළ තවත් ‘සුපිරි ඕපාදූපයක්‘ ගැන. ඒ තමයි බොලිවුඩය වසග කළ ‘ක්‍රිෂ්‘ චිත්‍රපට මාලාවේ නවතම පිටුව වන ‘ක්‍රිෂ් 4 – Krrish 4 ගැන පැතිරෙන කටකතාව.

බොලිවුඩ් ගොසිප්කරුවන් පවසන්නේ ක්‍රිෂ් වීරයා, රිතික් රොෂාන් මෙවර කිසිදු බොලිවුඩ් නළුවෙකු නොකළ විස්මයක් කරන බවයි. ඒ ක්‍රිස් -4 විත්‍රපටයේ චරිත හතරක් රගපෑමට යන බවයි. මේ කටකතාව මොහොතකින් බොලිවුඩයේ වසංගතයක් වාගේ පැතිරිලා ගියාලු.

ක්‍රිෂ් කියන්නේ බොලිවුඩ් රසිකයින් වසඟ කළ විත්‍රපටයක් බව අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඒක ලංකාවෙත් අතිෂයින් ජනප්‍රිය වුණා. රිතික්ව බොලිවුඩයේ ඉහළටම ඔසවා තිබුවා.

රිතික් රොෂාන්

ක්‍රිෂ් සිනමා රසිකයින්ට වගේම රිතික් ඇතුළු ඔහුගේ පවුලටත් අතිෂයින් වැදගත් චිත්‍රපටයක්. ඒ රිතික්ගේ පියා වන රාකේෂ් රොෂාන් තමයි ක්‍රිෂ් චිත්‍රපට මාලාවේ මෙහෙයුම්කරු වන්නේ. ඒ වගේම ක්‍රිෂ් කියන්නේ බොලිවුඩයේ නූතන වීරයා වන අතර එය ‘තනිකරම ඉන්දීය නිර්මාණයක්‘ බවයි විචාරකයින් කියන්නේ.

ක්‍රිෂ් සහ රිතික් ගැන මේ ආකාරයෙන් ගොසිප් වෛරස් වෙද්දී රිතික්ගේ පියා රාකේෂ් රොෂාන් පසුගිය දා ප්‍රමුඛ මාධ්‍ය ආයතනයක් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ක්‍රිෂ් ගැන පැතිරෙන කටකතා ප්‍රතික්ෂේප කළා. 

‘ මේ දවස්වල ජනමාධ්‍යකරුවන්ට කාර්යාලයීය වැඩ අඩු නිසා ඔවුන් ගෙවල්වල සිටම ප්‍රවෘත්ති නිර්මාණය කරනවා. ඔවුන් දකින සිහින සහ ඔවුන් කැමති දේවල් ප්‍රවෘත්ති, ඕපාදූප බවට පත්කරනවා. ක්‍රිෂ් -4 ගැන පැතිරෙන කටකතාත් ඒ වාගේ එකක්. ක්‍රිෂ් – 4 රිතික් චරිත හතරක් රඟපාන බවට පැතිරෙන කතාවල කිසිම සත්‍යතාවක් නැහැ. අපි තවම තිර රචනය අවසන් කරලත් නැහැ. එය මේ වන විටත් ලියමින් තිබෙනවා. ඒ නිසා මම කියන්නේ අපි අලුත් දෙයක්, සුවිශේෂ දෙයක් කළොත් ඒ තොරතුරු ඔබ සමග බෙදා ගන්නවා‘ රාකේෂ් කිව්වා.
රිතික් රොෂාන් රිතික්

මෙහිදී රාකේෂි කියා සිටියේ ක්‍රිෂ් 4 ලබන වසරේ මැද භාගය වන විට තිරගත කිරීමට සැලසුම් කරමින් සිටින බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් රිතික් රොෂාන් තවමත් කිසිවක් තහවුරු කර නැහැ. ඒ නිසා බොලිවුඩ් ඕපාදූපකරුවන් තවමත් ඉන්නේ තම මතයේම තමයි. එය වෙනස් කර ගැනීමට ඔවුන් සූදානම් නැහැ.

මේ අතර රිතික් ගැන තවත් ඕපාදූපයක් බොලිවුඩයේ වෛරස් සේ පැතිර යමින් තිබෙනවා. ඒ ෙෆාරා ඛාන් විසින් අධ්‍යක්ෂණය කරනු ලබන Satte Pe Satta නව නිෂ්පාදනයේ රිතික් දීපිකා සමග රඟපෑමට නියමිත බවයි.

Satte Pe Satta මුල් නිෂ්පාදනයේ ප්‍රධාන නළුවා ලෙස රඟපෑවේ සුපිරි නළු අමිතාබ් නිසා බොහෝ දෙනෙක් ඒ ගැනත් දැඩි අවධානයෙන් පසු වෙන බවයි බොලිවුඩ් ආරංචි මාර්ග කියන්නේ.

ෆ්ලිම් ෆෙයාර් ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි

RSL

Related Posts