ක්‍රිකට් විනිසුරුවන් 133 කට උසස්වීම් ප්‍රධානය කෙරෙයි

Spread the love

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ සිටින ක්‍රිකට් විනිසුරුවන් වෙනුවෙන් පවත්වන ලද උසස්වීම් විභාගය සමත් ක්‍රිකට් විනිසුරුවන් 133 දෙනෙකුට උසස්වීම් ලිපි ප්‍රදානය කාණ්ඩ 2 ක් යටතේ ඉකුත්දා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ සහ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණ පරිශ්‍රයේ පිහිටුවා ඇති බස්නාහිර පළාත් ක්‍රිකට් සංගම් ශ්‍රවණාගාරයේදී සිදුකෙරිණ.

පළමු ශ්‍රේණියේ සිට තෙවැනි ශ්‍රේණිය දක්වා වූ උසස්වීම් ලිපි 2020 ජුනි මස 19 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා, උප සභාපති රවීන් වික්‍රමරත්න, අන්තර්ජාතික විනිසුරු කමිටුවේ විනිසුරු කුමාර් ධර්මසේන, ක්‍රිකට් විනිසුරු කමිටු සභාපති දීපාල් මදුරප්පෙරුම මහත්වරුන් ඇතුළු විනිසුරු කමිටුවේ සියළුම සාමාජිකයින්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රිකට් මූලස්ථානයේදී පැවැත්විණ. සිව්වැනි ශ්‍රේණිය දක්වා උසස්වීම් ලද විනිසුරුවන් වෙනුවෙන් වූ දෙවැනි අදියරයේ උසස්වීම් ලිපි ජූලි මස 09 වැනිදා කුමාර් ධර්මසේන ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරු කමිටුවේ ප්‍රධානී, එම ලේකම් වසන්තලාල් ප්‍රනාන්දු, සාමාජිකයින් වන මංජුල කාරියප්පෙරුම, දිල්රන් අබේසේකර සහ අබූ සිද්ධික් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා විසින් දෙවැනි ශ්‍රේණියට උසස්වීම් ලද චන්ද්‍රික අමරසිංහ මහතා වෙත ලිපිය ලබා දෙමින්.

ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරු කමිටුවේ පූර්ණ අධීක්ෂණය යටතේ පැවැති උසස්වීම් විභාගය, ලිඛිත සහ සම්මුඛ පරීක්ෂණ වශයෙන් පවත්වනු ලැබීය. එහිදී විනිසුරුවන් සිව් දෙනෙක් පළමු ශ්‍රේණියට උසස්වීම් ලද අතර ඔවුන්ට අමතරව, විනිසුරුවන් 10 දෙනක් දෙවැනි ශ්‍රේණියටත්, විනිසුරුවන් 29 දෙනෙක් තෙවැනි ශ්‍රේණියටත්, විනිසුරුවන් 90 ක් පස්වැනි ශ්‍රේණියේ සිට සිව්වැනි ශ්‍රේණිය දක්වාත් උසස්වීම් ලැබූහ.

ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරු කමිටු සභාපති දීපාල් මදුරප්පෙරුම මහතා විසින් සිව්වැනි ශ්‍රේණියට උසස්වීම් ලද තරංඟ පරණවිතාන මහතාට උසස්වීම් ලිපිය ප්‍රධානය කරමින්.

පළමු ශ්‍රේණියේ සිට 5 වැනි ශ්‍රේණිය දක්වා වූ විනිසුරුවන් වෙනුවෙන් පවත්වන ලද අදාළ ලිඛිත පරීක්ෂණය සඳහා විනිසුරුවන් 370 දෙනෙක් සහභාගිවූහ. ඒ අතරින් දෙවැනි වරට දිස්ත්‍රික් මට්ටමින් පවත්වන ලද සම්මුඛ සාකච්ඡා පරීක්ෂණය සඳහා විනිසුරුවෝ 270 දෙනෙකු සුදුසුකම් ලබා සිටි අතර එම පරීක්ෂණය දිස්ත්‍රික්ක 16 ආවරණය වන පරිදි වූ ස්ථාන 7 ක වෙන් වෙන් වශයෙන් සම්මුඛ පරීක්ෂණය පැවැත්වීමට පියවර ගැනිණ. එම පරීක්ෂණ 2 ට අමතරව සිව්වැනි ශ්‍රේණියට සමත් විනිසුරුවන්ට හැර පළමු, දෙවැනි සහ තෙවැනි ශ්‍රේණිවලට උසස්වීම් ලද විනිසුරුවන් වෙනුවෙන් ඉංග්‍රීසි දැනුම පිළිබඳ වූ පරීක්ෂණයක්ද පැවැත්වීමට පියවර ගනු ලැබීය.

උසස්වීම් ලද අය අතර කාන්තා පාර්ශ්වය නියෝජනය කරමින් තිදෙනකු සිටීම කැපී පෙනිණ. එහිදී හිටපු ක්‍රීඩිකා දේදුනු ද සිල්වා සහ නිල්මිණි පෙරේරා තෙවැනි ශ්‍රේණිය දක්වාත්, සඳුනි ලක්ෂිකා සිව්වැනි ශ්‍රේණිය දක්වාද උසස්වීම් ලැබූහ. 

ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු කුමාර් ධර්මසේන මහතා උසස්වීම්ලාභීන් අමතන අයුරු.

උසස්වීම් ලද ක්‍රිකට් විනිසුරුවරු විනිසුරියන් මෙසේය.

පළමු ශ්‍රේණිය:- මොරිස් ඩිලා සිල්වා, විදුර ප්‍රසාද්, සිසිර පෙරේරා, සුසන්ත දිසානායක

දෙවැනි ශ්‍රේණිය:- සංජීව ප්‍රනාන්දු, බී.එම්.ඒ. මොහාන් ද සිල්වා, ආර්. පී. මස්සලගේ, තිලක් ප්‍රනාන්දු, ධම්මික රාජපක්ෂ, දමිත් සංජීව, චාමර ද සොයිසා, ශාන්ත ෆොන්සේකා, චන්ද්‍රික අමරසිංහ, චතුරන් සංජීව.

තෙවැනි ශ්‍රේණිය:- එස්. එම්. විජේසිරි, ගාමිණී විජේසිංහ, ඒ.එම්. රෆීල්, කසුන් විජේසේකර, කුමාර සිරිවර්ධන, ආර්. එල්. දුල්සිරි, චින්තක ගිරිහාගම, සිසිර ප්‍රබෝද්, චන්දන සිල්වා, ඩී. එස්. පොන්නම්පෙරුම, ශේන් කුරේ, හෙරෝෂ් ජයසේකර, දේදුණු ද සිල්වා, දර්ශන පෙරේරා, අසංක නානායක්කාර, සුපුන් නිර්මල, නිමාලි පෙරේරා, ආර්. කේ. වික්‍රමසිංහ, විශාන්ත ප්‍රනාන්දු, ඒ.පී. ඩිලන්ත, රොෂාන් ධම්මික, ඒ.එම්. ප්‍රියන්ත. ටී. කිරුබාහරන්, සුමේද තිලකරත්න, පී. ගනේෂ්කුමාර්, ඩිලේෂ ජයසූරිය, ප්‍රියාන් විතානාරච්චි, මලික් කීර්ති ප්‍රනාන්දු, සංජීව ඩයස්.

සිව්වැනි ශ්‍රේණිය:- මංජුල කුමාර, අසේල ජයවික්‍රම, ඩිල්ෂාන් සම්පත්, අසංක විරාජ්, තරංග පරණවිතාන, සමන් කුමාර, සී.කේ.බී. වික්‍රමාරච්චි, ඩබ්. පී. සතරසිංහ, අයි. පී. කොළඹආරච්චි, තිලිණ ගයාන්, නන්ද කුමාර, සී.එස්.කේ. රණවක, ජේ. කේ. වීරසිංහ, ජේ. ඒ. තිලකරත්න, ආර්. සී. බණ්ඩාර, නයනජිත් චමින්ද, චමීර මේනුක, රුවන් මුණසිංහ, සුනෙත් ද සිල්වා, විකුම් ද අල්විස්, නන්දන ද සිල්වා, ලසිත් කරුණාතිලක, දිනේෂ් චන්දිමාල්, දිනේෂ් සඳරුවන්, කේ. ඊ. එස්. රංගජීව, අසංක කහටපිටිය, චානක ඉහළහේවා, චමිල කරවිට, කේ. නාදන්, ඒජේ. ජෙකොබ්, කේ. සෙල්වසර, ටී. ජයතීපන්, එන්. සුතේෂ්කුමාර්, වයි. නිතාරෂන්, ඒ. බාලෙන්ද්‍රන්, ජී. ඥානතායලන්, ඒ.පී. ප්‍රනාන්දු, නිලංක පෙරේරා, එන්. එස්. ජයකොඩි, ඩී.ඩී. චින්තක, ආර්. එස්. සතරසිංහ, ඩී.ටී. දසනායක, අමිත් ගමගේ, ප්‍රියංග කුමාර, සී. දලුවත්ත, ධම්මික මුදලිගේ, ඩී. ඩී. සුමනසේකර, ලලිත් කඩවතගෙදර, ප්‍රදීප් කුමාර, ඒ.පී. දසනායක, ඩබ්. පී, පූර්ණික, සී.ජේ. කස්තුරිආරච්චි, ධනංජය නිලමේ, ජේ. ෆස්මීර්, අයි. එන්. නන්දසිරි, කේ. අයි. සමරවීර, ඒ.එම්. රිලාස්, එස්. එම්. අරිෆු, එම්. ඩබ්. ජස්මි, එම්. ඩබ්. අම්හර්, යූ.එල්. නහිෆුඩීන්, අයි. එම්. ෆායිස්, ජී.එස්. කුමාර, එස්. එම්. සිශාන්, ජේ. එම්. ජරීත්, එස්. එම්. සුජාන්, ප්‍රභාත් කුමාර, ඒ. එම්. ටී. සම්පත්, ආර්. එම්. ටී, කුමාරසිංහ, එස්. එන්. රත්නායක, ඒ. එන්. කේ. රත්නායක, ඩී.පී. කාරියවසම්, චතුරංග යාපා, එස්. එල්. උනන්තෙනා, සී. එස්. උමයංගන, චාමර දිල්රුක්ෂ, එම්. එස්. වසන්ත, ඩී. බී. මංගොඩ, එම්. වී. චානක, එම්. ඒ. ද සිල්වා, තරංග ශාන්ත, එච්. එස්. බන්දුසිරි, ඩබ්. ආර්. චාමින්ද, එන්. සී. වික්‍රමසිංහ, සඳුනි ලක්ෂිකා, කේ. ඊ. හර්ශක, එස්. සී, ද සිල්වා, කේ. ටී. ධම්මික, චානක කොමසාරු, අයි. ඩබ්. ජයසේකර.

මාධ්‍ය අංශය – ශ්‍රී ලංකා ක්‍රිකට්

RSL

Related Posts