ක්‍රිකට් පරිපාලනයේ අවුල පුපුරා යයි – උප සභාපති ඉල්ලා අස්වෙයි

Spread the love

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ අර්බුදයේ තීරණාත්මක කඩඉමක් සටහන් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ධූරයෙන් කේ. මතිවානන් මහතා අද (29) ඉල්ලා අස් වුණා. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව දන්වා සිටියා.

තම ඉල්ලා අස්වීමට හේතු වශයෙන් ඔහු සදහන් කළේෙ වත්මන් ක්‍රිකට් පරිපාලනය විනිවිද භාවයෙන් තොරව කටයුතු කිරීම නිසා තමන් ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි.

ජාත්‍යන්තර ක්‍රිකට් හා දේශීය ක‍්‍රිකට් අංශ දෙක මෙහෙයවීම ක්‍රිකට් ව්‍යවස්ථාව අනුව උප සභාපතිවරුන් දෙදෙනාගේ කාර්යයක් වූවද වර්තමානය වන විට තමාට කිසිදු වගකීමක් ලබා නොදීම නිසා පරිපාලනය විසින් තමන් හුදෙකලා කළ බවත් එම තත්ත්වය තුළ ඉල්ලා අස්වීම හැර තමන් හමුවේ වෙනත් විකල්පයක් නොමැති බව ද මතිවානන් මහතා තම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කළා.

RSL

Related Posts