‘කපු සාරියේ වටිනාකම ගැන’ සුපිරි බොලිවුඩ් නිළි ඩියා මිර්සා හෙළි කළ රහස

Spread the love

ඩියා මිර්සා Dia Mirz කියන්නේ රූ රැජිණක් ලෙස ලෝකය දිනා ගෙන බොලිවුඩයට පායා ආ අංශ රැසක දක්ෂතා ප්‍රකට කළ යොවුන් නිළියක්. ඒ වගේම ඇය නිරූපිකාවක්, නිෂ්පාදිකාවක් වගේම සමාජ ක්‍රියාකාරිනියක් ලෙසත් ප්‍රකට නමක් දිනාගෙන තිබෙනවා.

ඇය අතිෂය කාර්ය බහුල නිසා චිත්‍රපටවලට දක්වන දායකත්වය මදක් අඩුයි. ඒත් මෝස්තර නිරූපිකාවක, සමාජ ක්‍රියාකාරිනියක ලෙස ඇයට අති විශාල අනුගාමිකයින් පිරිසක් සිටිනවා.

සමාජ ක්‍රියාකාරිනියක් ලෙස ඇයගේ වැඩි අවධානයක් යොමුව තිබෙන්නේ පරිසරය වෙතයි. ඒ නිසාම බොලිවුඩ් රසිකයින් අතර ඩියා තවත් ජනප්‍රිය වී සිටිනවා.

ඒ අතර ඩියා මෝස්තර නිරූපණය ගැන ද හැකි සෑම අවස්ථාවකම තම අනුගාමිකයින් දැනුවත් කරනවා. මේ ඩියා පසුගිය දා කළ එවැනි සුවිශේෂ ප්‍රකාශයක්.

ඩියා පසුගිය දා තම ඉන්ග්ටග්‍රෑම් ගිනුම හරහා අපූරු ඡායාරූප කිහිපයක් සමාජගත කළා. තද නිල් පැහැති අත්කොට බ්ලවුසයකින් (ocean blue sleeveless blouse) සහ සුදු පසුබිමේ නිල් සහ කලු බෝල සහිත කපු සාරියකින් ඇය සැරසී සිටියා.

ඩියා ඇගේ වේශ නිරූපණය අවම මට්ටමකින් කර ඇති අතර බ්ලවුසයට ගැළපෙන නිල් පැහැල් විශාල කරාඹු යුවලක් පැළද සිටියා.

ඩියා මිර්සා

මෙම කපු සාරිය පිළිබද සටහනක් තබමින් ඩියා කියා සිටියේ කපු සාරිය තරම් පහසු හා තම සිත්ගත් වෙනත් ඇදුමක් නොමැති බවයි.

‘එය ඉතාම සුව පහසු ඇදුමක්. ඒ වගේම සිතලට සැහැල්ලුවක් ගත සිසිලක් එක් කරනවා. අරුමෝසම්වලින් තොරව මේ ආකාරයේ පහසු සහ සැහැල්ලු විලාසිතා ජීවිතය අලුත් කරනවා. දවස ප්‍රබෝධමත් කරනවා‘ ඩියා සටහන් කර තිබුණා.

FILMFARE ඇසුරිණි – සැකසුම – තුෂාධවි

RSL

Related Posts