කන්දකාඩු Covid-19 පොකුර ‘රටපුරා පුපුරා යයි’ – මොබිටෙල් මූලස්ථානයත් වසා දමයි

Spread the love

මොබිටෙල් මූලස්ථානය වසා දමයි

කොරෝනා අවදානමක් හේතුවෙන් කොළඹ මොබිටෙල් ප්‍රධාන කාර්යාලය වසා දැමීමට කටයුතු කර ඇත. කොරෝනා ආසාදිතයෙකු ඇසුරු කල පුද්ගලයෙක් එහි පැමිනීම හේතුවෙන් මෙම ක‍්‍රියාමාර්ගය ගෙන ඇත. නිවසේ සිට රාජකාරි කරන්නැයි එම කාර්යාලයේ සේවකයන්ට දැනුම් දී තිබේ.

ගම්පහ ආසාදිතයින් දෙදෙනා හතර අතේ ගිහින් ගම වනසලා

කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් දෙදෙනකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකයකු සහ ඔහු සමඟ ගමන් ගත් රියදුරෙකුට මෙසේ වෛරසය ආසාදනය වී තිබේ.

රියදුරා වශයෙන් කටයුතු කළ ආසාදිතයා පසුගියදා ගම්පහ අධිකරණයේ පැවති නඩුවකටද සාක්ෂි ලබාදී ඇති බව හෙළිවී තිබේ. පසුව තම බිරිඳ සමඟ මහරගම පිළිකා රෝහලටද ගොස් ඇති අතර ප‍්‍රදේශයේ ස්ථාන කිහිපයක ම සංඛ්‍යා සංචාරය කර ඇති අතර ඔහු සාද කිහිපයකට ද සහභාගි වී ඇතැයි ද හෙළිවී තිබේ.

උපදේශකයෙකු වන අනෙක් ආසාදිතයා ස්ථාන කිහිපයකටම ගොස් ඇති අතර දානමය පිංකමකටද සහභාගී වී ඇත. ඔවුන්ගේ සමීප ආශි‍්‍රතයන් සියළු දෙනා මේ වනවිට ස්වයං නිරොදායනයට යොමු කර තිබේ.

හෝමාගම සහ ගොඩගමිනුත් ආසාදිතයින්

කොරෝනා වෛරසය ආසාදනය වූ යුද හමුදා නිලධාරීන් දෙදෙනකු හෝමාගම සහ ගොඩගම ප්‍රදේශවලින් හඳුනාගෙන තිබේ. ඒ හේතුවෙන් ඔවුන් සමීපව ආශ්‍රය කළ පවුල් 7 කට අයත් පුද්ගලයන් 30 ක ප්‍රමාණයක් ස්වයං නිරෝධායනයට ලක්කර ඇත.

මෙම හමුදා නිලධාරීන් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සේවය කළ දෙදෙනෙකි. ඔවුන් නිවාඩු ලබා නිවසට පැමිණ ගමන් බිමන් ගියේ ස්ථානයන්හි පුද්ගලයන්ද සොයා ස්වයං නිරෝධායනට ලක්කර ඇත.

කැකිරාවේ 30ක් නිරෝධායනයට

අනුරාධපුර කැකිරාව ප්‍රදේශයේ පුද්ගලයන් 30ක් ස්වයං නිරෝධායනට යොමුකර තිබේ. කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වරයා සඳහන් කරන්නේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ‍්‍රිතව හමුවූ ආසාදිතයෙකු සමග ඇසුරු කල නිවාස 07ක පුද්ගලයන් මෙසේ ස්වයං නිරෝධායනයට ලක් කල බවයි. එම ආසාදිතයා කන්දකාඩු මධ්‍යස්ථානයේ සේවයේ යොදා සිටි හමුදා නිලධාරියෙකි.

යාපනය සරසවියේ කිලිනොච්චි මණ්ඩපය වසා දමයි

යාපනය විශ්ව විද්‍යාලයේ කිලිනොච්චිය මණ්ඩපයේ තාක්ෂණික විද්‍යා ඵීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලබන ශිෂාවකගේ සහෝදරයෙකුට කොරෝනා ආසාදනය වීමත් සමග එම පීඨය ඊයේ (13) සවස සිට සියලු අධ්‍යාපනික කටයුතු නවතා දැමීමට පාලනාධිකාරිය විසින් පියවර ගෙන ඇත.

අදාල සිසුවියගේ සහෝදරයා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ ආරක්ෂක අංශ සාමාජිකයෙකු වශයෙන් සේවයේ නිරත වන අතරතුරදී කොරෝණා වයිරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වීමෙන් පසුව අදාල ශිෂ්‍යාව විසින් විශ්වවිද්‍යාල පරිපාලනයට මේ බව දැනුම් දී ඇත.

රාගම පුද්ගලික රෝහලක් වසා දමයි

රාගම පිහිටි බ‍්‍රවුන්ස් මෙල්ස්ටා පෞද්ගලික රෝහල මේ වන විට වසා දමා තිබේ. එහි කළමනාකාරීත්වයේ නිලධාරියකුට කොරෝ්නා වෛරස ආසාදනය වී මෙම ක්‍රියාමාර්ග ගෙන තිබේ. ඔහු මේ වන කොරෝනා පරීක්ෂාව කර ඇතැයිද රෝහල සඳහන් කරයි.

රෝහලේ බාහිර ප‍්‍රතිකාර අංශය මෙන්ම වෛද්‍යවරුන් චැනල් කිරීමද නවතා දමා තිබේ. රෝහලේ ප‍්‍රධාන දුරකතන අංකයෙන් විමසීමේදී මෙම තොරතුරු තහවුරු කලේය.

මොනරාගලින් ආසාදිතයින් 2ක් – 60ක් ස්වයං නිරෝධායනයට

මොනරාගල දිස්ත‍්‍රික්කයේ පදිංචිකරුවන් දෙදෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පී කේ අධිකාරී මහතා සඳහන් කරයි. මෙම දෙදෙනා විලඔය හා උනාවටුන ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු බවද ඔහු පැවසීය.

ඔවුන් කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු බව ද හෙළි වී ඇත. මේ වන විටත් ඔවුන් ඍජුව ඇසුරු කළ පුද්ගලයන් අට දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති අතර තවත් 60 දෙනකු ස්වයංනිරෝධායනයට ලක් කර ඇත.

පිටබැද්දර ආසාදිතයා ඡන්ද රැස්වීමටත් ගිහින්

මාතර පිටබැද්දර ප්‍රදේශයේ පදිංචි හමුදා සෙබළකුට කොරෝන වෛරසය ආසාදනය වී ඇති බව හෙළි වී ඇත. ඔහු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරමින් සිටියෙකි.

නිවාඩු ලබා තම නිවසේ සතියක පමණ කාලයක් ඔහු ගත කර ඇත. එම කාලය තුළ ඔහු පිටබැද්දර නගරය ඇතුළු මහජනයා ගැවසෙන ස්ථාන ගණනාවකට ගොස් ඇති අතර මහ මැතිවරණයට අදාළ දේශපාලන රැස්වීමකට සහභාගී වී ඇතැයි වාර්තා වෙයි. ඔහුට සමීප ආශ්‍රියන් වූ පවුල් පහක් පුද්ගලයන් නිරෝධායනයට ලක් කර ඇත.

පන්නල 07ක් ස්වයං නිරෝධායනයට

පන්නල එකම පවුලේ හත් දෙනෙකු ස්වයං නිරෝධායනය ලක්කල බව පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීයා සඳහන් කරයි. මෙම පිරිස ගිරිඋල්ල නාරංගොඩ දික්හේනවත්තේ පදිංචි එකම පවුලේ සාමාජිකයන් පහක් සහ ඔවුන්ගේ ඥාති පුතෙකු සහ නැන්දනියකි.

ඔවුන් සහභාගි වූ දානමය පින්කමකට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ නිලධාරියකු පැමිණ ඇති ඔහු කොරෝනා ආසාදිත වූ බව තහවුරු වීමත් සමඟ මෙම පිරිස නිරෝධායනයට ලක් කර ඇත.

RSL

Related Posts