කන්දකාඩු කොරෝනා පොකුර පාලනය කළා – අනිල් ජාසිංහ

Spread the love

2020.07.17 දින සවස 5.00 වන විට පවතින කොවිඩ් තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් කරන ලද ප්‍රකාශය

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධව අද දින (2020.07.17) සිදු කරනු ලැබූ ප්‍රකාශය පහත පරිදි වේ.

අද දින, රාජාංගනය ප්‍රදේශයේ දානමය පිංකමකට සහභාගි වූ පිරිස් අළලා කරන ලද පරීක්ෂණ 139 කට අනුව අවුරුදු 12 එක් දරුවකු  කොවිඩ් 19 රෝගියකු ලෙස හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ලංකාවේ අද දින කොවිඩ් 19 රෝගීන් ලෙස වාර්තා වන්නේ එක් රෝගියකු පමණයි. මේ වන විට විවිධ ප්‍රදේශ වල PCR පරීක්ෂණ කරනු ලබනවා. කොළඹ මහනගර සීමාව තුළත් කරනු ලැබූ පරීක්ෂණ 174 කින් කිසිදු රෝගියකු වාර්තා වී නැහැ. මේ අනුව, අපට පෙනී යනවා මේ අවස්ථාව වන විට මෙම කන්දකාඩු මධ්‍යස්ථානය ආශ්‍රිත පොකුර සම්බන්ධයෙන් යම්කිසි පාලනය වූ තත්වයකට පැමිණෙමින් ඇති බව. ඒ අනුව, අප බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මේ තත්ත්වය තවදුරටත් පාලනය වූ තත්ත්වයකට පත් කිරීමට.

RSL

Related Posts