කතානායක සහ නෝර්වේ තානාපති අතර විශේෂ හමුවේ සම්පූර්ණ කතාව

Spread the love

ශ‍්‍රී ලංකාවේ නෝර්වේජියානු තානාපතිනි ටී‍්‍රනා යුරන්ලි එස්කෙඩල් මහත්මිය අද උදෑසන පාර්ලිමේන්තු පරිශ‍්‍රයේදී කතානායක මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා මුණගැසුණාය.

මෙහිදී මෙරට 9 වන පාර්ලිමේන්තුවේ කතානායක ලෙස තේරී පත්වීම සම්බන්ධයෙන් මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත සුබපැතුම් එක් කළ එම මහත්මිය පාර්ලිමේන්තු රාජ්‍යතාන්ත‍්‍රික සබඳතා පවත්වා ගැනීමේ වැදගත්කම පිළිබඳව කතානායකවරයා සමග සාකච්ඡුාවක නිරත වූවාය.

මෙම හමුවෙහිදී දෙරටෙහි පාර්ලිමේන්තු දෙක අතර අනාගතයේදී සිදු කළ හැකි සබඳතා හා සහක‍්‍රියාකාරීත්වයන් පිළිබඳවද එස්කෙඩල් තානාපතිතුමිය හා කතානායකවරයා අතර අදහස් හුවමාරු විය. ඔස්ලෝ මධ්‍යස්ථානය විසින් මීට පෙර දියත් කරන ලද වැඩසටහනක කොටසක් වශයෙන් ශ‍්‍රී ලාංකික පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කණ්ඩායමක් නෝර්වේජියානු පාර්ලිමේන්තුවෙහි සංචාරයක නිරත වෙමින් විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කළ පාර්ලිමේන්තු නියෝජිතයන් මුණගැසුණු බවද ඇය සිහිපත් කළාය. පොදු ඒකමතිකභාවය හා සන්ධානගතවීම් ගොඩනැගීමේදී නෝර්වේජියානු සන්දර්භය තුළින් උගත හැකි වටිනා පාඩම් හඳුනාගැනීම එම සංචාරයේ අරමුණ විය.

විවිධ රටවල් වෙතින් ප‍්‍රායෝගික අත්දැකීම් උකහා ගැනීම තුළින් ඉගෙන ගැනීමේ සහ විවිධ පාර්ලිමේන්තු ආශ‍්‍රිතව මුහුණ පෑමට සිදු විය හැකි අභියෝග හා ගැටළු වෙත සාර්ථකව මුහුණ දීම සඳහා එකී සන්දර්භයන්ට නිරාවරණය වීමේ වැදගත්කම අවධාරණය කළ එතුමිය, නෝර්වේ රාජ්‍යය ස්වකීය පාර්ලිමේන්තු අත්දැකීමෙන් උගත් පාඩම් බෙදාහදා ගැනීමට සූදානමින් සිටින බවද ප‍්‍රකාශ කළාය. මෙම හමුවේදී සාකච්ඡුාවට බඳුන් වූ තවත් මාතෘකා අතර ආර්ථික සංවර්ධනය, සාගරික අංශය, පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය මෙන්ම ශ‍්‍රී ලංකාව හා නෝර්වේ රාජ්‍යය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් තර කර ගත හැකි ආකාරද විය.

නෝර්වේජියානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ¥ත මණ්ඩල ප‍්‍රධානී හිල්ඬේ බර්ග්-හැන්සන් මහත්මිය, පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික බස්නායක මහතා සහ පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද මෙම හමුවට එක්ව සිටියහ.

RSL

Related Posts