‘ඔබතුමා පස්සට යන්න එපා’ – ශ්‍රී රතනපාල රතනජෝති නා හිමියෝ කරුට කියති

Spread the love

එක්සත් ජතික පක්ෂය බේරාගත හැකි එකම නායකයා කරු ජයසූරිය පමණයි” අස්ගිරි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික සුදුහුම්පල රජ මහා විහාරාධිපති මකුරුප්පේ රතනපාල රතනජෝති නා හිමියෝ පවසති. උන් වහන්සේ මෙම අදහස් පළ කලේ හිටපු කථානායක කරු ජයසූරිය මහතා ඊයේ (31) මල්වතු- අස්ගිරි හා රාමඥ්ඥ නිකායන්හි මහානායක හිමිපාණන් වහන්සේලා බැහැ දැකීම සඳහා මහනුවර බලා ගිය අවස්ථාවේ දීය.

කරු ජයසුරිය මහතාට ආශිර්වාද කරමින් ශ්‍රී රතනපාල රතනජෝති නා හිමියෝ මෙසේද පැවසූහ.
පසුගිය කාළයේ ඔබතුමන් සිංහයෙක් වගේ ඉදිරිපත් වෙලානෙ ආණ්ඩුව බේරා ගත්තෙ, නැත්තම් එදා ඕක යනවනෙ ගැස්සිලා ඔබතුමාට මතක ඇති මුලින්ම මම කිව්වෙ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඔබතුමා අනුශාසක වශයෙන් ඉන්න කරු ජයසූරිය මැතිතුමාට නායකකම දෙන්න කියලා.  අපි කැමති නෑ පක්ෂයක් වැළලිලා යනවට දැන් මොකද ඒකෙන් උනේ බලන්නකො පක්ෂයක් නෑ.. අලියෙක් නෑ..

ඇත්තටම ඔබතුමාට දුන්නොත් ඇත්තටම ඔබතුමාට ගොඩගන්නත් පුළුවන් ලංකාවෙ වැඩි පිරිසක් ඔබතුමාව බලාපොරොත්තුවෙන් ඉන්නවා. මගෙත් එක්කනම් මේ නුවර පළාතේකතා කරන කව්රුත් කියන්නෙ ඇයි හාමුදුරුවනේ කරු ජයසූරිය මහත්තයට දෙන්නෑ කියන්නෙ, දෙන්න කියන්නකො ඇරං භාරගෙන කරන්න කියන්නකො, යන හැම තැනකම ඕකනේ කියන්නෙ. ඒ නිසා මේක අනිවාර්යයෙන් විය යුතුම දෙයක්. ඔබතුමා පස්සට යන්න එපා. එච්චරයි කියන්නෙ. පහුගිය දවස්වල භික්ෂුන් වහන්සේලාගේ රැස්වීමක් අපි තිබ්බනේ ඔක්කොම එක හඬින් කිව්වෙ ඔබතුමාට දෙන්න කියලනෙ පක්ෂයේ හොඳ ජේෂ්ඨයො අල්ලාගෙන සාකච්ඡා කරලා කොහොම හරි මේ පක්ෂෙ බේරාගන්න අපි සටන් කළ යුතු වෙනවා.

RSL

Related Posts