‘කොලෙස්ටරෝල්’ කියූ පමණින්ම නොදන්නා කෙනෙකු නැති තරම්. කොලෙස්ටරෝල් කියන්නේ ඇත්තවශයෙන්ම අප ශරීරයට අත්‍යාවශ්‍ය සංඝටකයක්. එනම් අප ශරීරයේ ක්‍රියාකාරිත්වයට අත්‍යාවශ්‍ය හෝමෝන වර්ග නිපදවා ගැනීමට, ඇතැම් විටමින වර්ග (උදා:- විටමින් D) නිපදවා ගැනීමට, ආහාර ජීරණය සදහා අවශ්‍ය වන පිත නිපදවා ගැනීමට ආදී කාර්‍යයන් රාශියක් සදහා ඉතාම වැදගත් සංඝටකයක්.
මෙවන් වැදගත්කමක් සහිත සංඝටකයකට බොහෝ අය බියවන්නේ ඇයි ?
කොලෙස්ටරෝල් වර්ග කීපයක්ම තිබෙනවා. HDL (high density lipoprotien) හෙවත් හොඳ කොලෙස්ටෙරෝල්,Triglyceride (ට්‍රයිග්ලිසරය්ඩ ) සහ LDL (low density lipoprotien ) ප්‍රධාන කාන්ඩයන් වනවා.
මෙහි Tryglycerides සහ LDL ශරීරයේ තිබියයුතු මට්ටමට වඩා වැඩියෙන් කලක් පැවතීම නරක ප්‍රතිඵල අත්කරදීමට හේතු වෙනවා. මේනිසා ඒවා ‘නරක කොලෙස්ටරෝල් ලෙසද හදුන්වනවා. LDL කොලෙස්ටරෝල් මෙහි ප්‍රධානම චරිතය රගදක්වනවා. මේවා රුධිරයේ ඉහල සාන්ද්‍රණයෙන් පවතිනවිට රුධිර නාල තුල ඒවා තැන්පත්වීමේ වැඩි සම්භාවිතාවයක් පවතිනවා. හෘදයේ කිරීටක ධමනි (Coranory arteries )තුල තැන්පත්වීමෙන් හෘද පේෂි වලට ප්‍රමාණවත් තරම් රුධිරය නොලැබීම නිසා මුල් අවස්ථවල පපුවේ කැක්කුම (Angina) ඇතිවී පසුව එම ප්‍රදේශයට සම්පූර්ණයෙන් රුධිර සැපයුම නතරවීම නිසා එය හෘදයාබාධයක් දක්වා වර්ධනය වීමත්,මොලයේ රුධිර නාල තුල තැන්පත්වීමෙන් ආඝාතය(stroke) ඇතිවියහැකි වීමත්, තවත් විව්ධ අවයව වලට රුධිරය සපයන නාල මේවා තැන්පත්වීමෙන් අවහිරවීම නිසා එම අවයව අඩපන වීමත්,මෙහිදී ඇතිවන බහුලම තත්වයන් වෙනවා.
බොහෝදෙනා කොලෙස්ටරෝල් වලට මෙතරම් බියවන්නේ එම හේතූන් නිසයි.
එතකොට මේසදහා භාවිතාවන ඖෂධ මොනවාද?
ඖෂධ ගැන කතා කිරීමේදී ඔබ මුලින්ම මතක තබාගතයුතු කරුණ නම් කිසිදුවිටෙක මෙම ඖෂධ තම අභිමතය පරිදි භාවිතා කල නොහැකිවීමයි. එනම් මේවා යම් කෙනෙකුගේ රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම වැඩිවී තිබූ පමණින් ස්වයංව භාවිතා කල නොහැකි බවයි. එනම් මේවා සියල්ලම වෛද්‍යවරයකු රෝග නිශ්චය කලපසුව ඇත්තටම ඖෂධ අවශ්‍යද? ලබාදිය යුත්තේ කුමන ඖෂධයද? කුමන ප්‍රමාණයකින්ද යන්න නිර්දේශ කල පසුව ඔහු විසින් නිකුත් කරනු ලබන ඖෂධ පත්‍රිකාවකටම පමණි.(එනම් මේවා prescription only medicines වේ.) එසේ වන්නේ සෑම කෙනෙකුටම එකම ඖෂධය හෝ එකම මාත්‍රාව භාවිතාකල නොහැකිවීමයි.
මෙම ඖෂධ වලින් කොලෙස්ටරෝල් දියකරනවාද?
ඔබ දන්නා පරිදි රුධිර නාල තුල කොලෙස්ටරෝල් තැන්පතු (plaque )ඇතිවීම නිසා හෘදයාබාධ ඇතිවීමට එය හේතුවක් වෙනවා.(කැල්සියම් වැනි වෙනත් ද්‍රව්‍ය තැන්පත්වීමෙන් ද හෘදයාබාධ ඇතිවියහැක) මෙහිදී HDL නම් හොඳ කොලෙස්ටරෝල් වර්ගය මගින් කොලෙස්ටරෝල් අක්මාව වෙත ගෙන යනු ලබනවා. එලෙස ඇතැම් ඖෂධ මගින් LDL මට්ටම අවමව තබාගන්නා අතරතුර HDL මට්ටම වැඩිකරනු ලබනවා ඒවා මගින් තැන්පතු මත ඇති කොලෙස්ටරෝල් ද අක්මාව වෙත යැවීම වැඩිකිරීම මගින් තැන්පතුවල ඝනකම අඩුවන බව පර්‍යේෂණ මගින් සොයාගෙන තිබෙනවා. කොලෙස්ටරෝල් දියකරනවා යැයි කියන්නේ මෙයටයි.
කොලෙස්ටරෝල් අඩු කිරීමට භාවිතා කරන ඖෂධ කාණ්ඩ මොනවාද ?
මෙහිදී ප්‍රධාන කාණ්ඩයන් දෙකක් භාවිතාවන අතර තවත් ඖෂධ වර්ග කීපයක් ඊට අමතරව භාවිතා වේ.
️ප්‍රධාන කාණ්ඩ දෙක,
1. ස්ටැටින් කාණ්ඩය (Statins )
2. ෆය්බ්‍රේට් කාණ්ඩය (Fibrates)
️අනිකුත් ඖෂධ
1.එසිටිමය්බ්(ezetimibe)
2.නියැසින් (Niyacin)
3.ඔමෙගා – 3 (omega – 3)
අපි දැන් මේ එක් එක් කාන්ඩයේ ඖෂධ ගැන සොයාබලමු
ස්ටැටින් කාණ්ඩය (Statins)
මෙය ස්ටැටින් කාන්ඩය කියා හදුන්වන්නේ, මෙම කාන්ඩයේ ඇති සියලුම ඖෂධ අවසන් වන්නේ “ස්ටැටින්” යන පොදු නාමයෙන් වන නිසායි.උදා :- ඇටොවාස්ටැටින් (Atorvastatin),රොසුවාස්ටැටින් (Rosuvastatin , සිම්වාස්ටැටින් (Simvastatin) වේ.
මෙම ඖෂධ සියල්ලටම පොදු ක්‍රියාකාරිත්වයක් ඇති අතර ප්‍රභල තාවය එකිනෙකින් වෙනස්වේ.කොලෙස්ටරෝල් යනු කාබනික සංයෝගයකි.එසේම මෙම ඖෂධ ද කාබනික සංයෝගයන් වේ. එවිට කොලෙස්ටරෝල් මෙම ඖෂධ තුල දියවේයැය් කෙනෙකුට එක්වරම හැගී යාහැකිය.නමුත් එය එසේ නොවේ.අප ශරීරය තුල කොලෙස්ටරෝල් නිපදවෙන්නේ අක්මාව තුලය. මෙම ක්‍රියාවලියේ එක් අවස්ථාවකට HmG-CO enzyme A reductase නම් එන්සයිමය අවශ්‍ය වෙනවා.මෙම ඖෂධ මගින් ඉහත එන්සයිමයේ ක්‍රියාකාරිත්වය අඩපන කරනවා.එවිට කොලෙස්ටරෝල් නිපදවීම අඩපන වෙනවා.
ඉහත සදහන් කලේ ඖෂධ වල ඖෂධීය නාමයෙනි(Generic Name)වෙළෙඳ පොලේ එම ඖෂධ බොහෝවිට ඇත්තේ වෙළඳ නාමයෙනි(Brand Name) ඔබ වෙළඳ නාමයක් යටතේ ඖෂධ ලබාගත්තද එම නාමයට යටින් ඖෂධීය නාමයද සදහන් කර තිබෙනවා.
මෙම ඖෂධ බොහෝවිට නිර්දේශ කරනුයේ රාත්‍රියට පමණක් ගන්නා ලෙසයි.මේවායින් වැඩිපුරම භාවිතා වන්නේ Atorvastatin සහ Rosuvastatin වේ. මෙම ඖෂධ නිර්දේශ කිරීමට පෙර අක්මාවේ එන්සයිම පරීක්ශාවක්(SGPT/SGOT) නිර්දේශ කිරීම සාමාන්‍ය ක්‍රමවේදය වන අතර.ඖෂධ ආරම්භ කලපසු මාස හයකට වරක්වත් අක්මා එන්සයිම පරීක්ශා කරගතයුතුය.(මෙම ඖෂධ වලින් අක්මා එන්සයිම වැඩිවීම සිදුවේ)
විශේෂයෙන්ම හෘදයේ කිරීටක ධමනි වල අවහිරතා ඉවත් කිරීමට ස්ටෙන්ට් (Stent) යොදනලද(ස්ටෙන්ට් එකක් යනු කිරීටක ධමනි අවහිරවීම් ඉවත් කිරීමට භාවිතා කරන ලෝහමය තුනී කම්බි දැලක් වැනි ව්‍යුහයකි) රෝගීන්ට මෙම ඖෂධ මුලින්ම ඉහල මාත්‍රාවක් නිර්දේශ කර පසුව එය අඩුකරනු ලැබේ.එසේම ආඝාතයට ගොදුරුවූ රෝගීනටත් මෙම ඖෂධය ලබා දෙනවා.
මෙම ඖෂධ වල අතුරුආබාධ අඩු අතර ඇතැම් රෝගීන්ට ආහාර ජීර්ණ අපහසුතා,බඩ වියලීම,මාංශපේෂි වේදනා ඇතිවියහැකිය.මෙම අපහසුතා උත්සන්නවේනම් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබාගතයුතු වේ.
මෙම ඖෂධ ටික කාලයක් ලබාගන්නාවිට කොලෙස්ටරෝල් මට්ටම සාමාන්‍ය තත්වයට පැමිණේ.මෙවිට බොහෝ රෝගීන් තමන්ට රෝගය සුවවූයේයැය් සිතා ඖෂධ නිසියාකාරව නොගැනීම හෝ නවතා දැමීම කරනවා.ඇත්තෙන්ම මෙම ඖෂධ මගින් කරන්නේ ඔබගේ රෝගීතත්වය පාලනය කිරීම පමණක් වේ.එබැවින් වෛද්‍ය උපදෙස් නොමැතිව ඖෂධ මාත්‍රාව වෙනස් කිරීම, නැවැත්වීම කිසිසේත්ම නොකලයුතු වේ.ආඝාත රෝගීනට ඔවුන්ගේ කොලෙස්ටරෝල් මට්ටම බොහෝ වැඩිනොවූවත් මෙම ඖෂධ දිගටම ලබාගතයුතු ලෙස නිර්දේශ කරන්නේ ඉදිරියේදී නැවත එවන් භයානක තත්වයකට ඔබ ගොදුරුවීම වැලැක්වීමටය.
එසේම ඇතැම් දියවැඩියා රෝගීනටත් ඔවුන්ට දැනට ඉහල කොලෙස්ටරෝල් මට්ටමක් නොතිබුනද මෙම ඖෂධ නිර්දේශ කරන අවස්ථා තිබෙනවා.එසේ වන්නේ දියවැඩියා රෝගීන්ට ඉදිරියේදි හෘදයාබාධ ඇතිවීමේ අවදානම අඩුකිරීමටත් ඇතැම් දියවැඩියා පාලන ඖෂධ නිසා කොලෙස්ටරෝල් මට්ටම ඉහලයාම වැලැක්වීමටත් ය.
2.ෆය්බ්‍රේට් කාණ්ඩය (Fibrates)
මෙය කොලෙස්ටරෝල් වලට ලබාදෙන ඖෂධ යටතේ ඇති දෙවන ඖෂධ කාන්ඩය වේ.
මේ යටතේ,ෆීනොෆය්බ්‍රේට්(Fenofibrate),ජෙම්ෆය්බ්‍රොසිල්(Gemfibrozil)නම් ඖෂධ භාවිතාවේ.
මේවා මගින් ට්‍රයිග්ලිසරය්ඩ(Triglyceride) නම් මේද වර්ගය රුධිරයෙන් ඉවත්කිරීම වැඩිකිරීමත්,VLDL(Very Low Density Lipoprotien)අක්මාව තුල නිපදවීම අඩුකිරීමත් සිදුකෙරෙනවා.
මේවාද විව්ධ වෙළඳ නාමයන් යටතේ වෙළඳ පොලේ පවතිනවා.
මෙම ඖෂධ වලද අතුරු ආබාධ ඇති අතර ඒවා පුද්ගලයා අනුව වෙනස්විය හැක.ඇතැම් කෙනෙකුට අතුරු ආබාධ ඇති නොවියහැක.උදරයේ අපහසුතා ඇතිවීම,වෝෆරින් වැනි ඖෂධ ගන්නා රෝගීන් මෙම ඖෂධ භාවිතා කරනවිට රුධිරය තුනීවීම වැඩිවියහැක.
3.නියැසින් (Niacin)
මෙම ඖෂධ මගින්ද අක්මාව තුල LDL(low density lipoprotien) සහ VLDL( Very Low Density Lipoprotien) නිපදවීම අඩුකරනවා.එසේම මෙම ඖෂධ කාන්ඩය මගින් ස්ටැටින් කාන්ඩයට වඩා උසස් ප්‍රතිඵල ලබාදෙන්නේ නෑ.එසේම අක්මාවට හානිකර තත්වයන් ඇතිවියහැකි නිසාත් මේවා බහුලව භාවිතාවන්නේ නෑ.
4.ඔමෙගා 3 (Omega – 3)
මේවා මේද අම්ල විශේෂයකි.සෝයා බෝංචි වැනි ශාකමය ආහාර වලත් කුඩා මුහුදු මසුන්ගේත් මේවා බහුලවම අඩංගු වේ.ආහාරමය අතිරේක(Diatery suppliment)වශයෙන්ද මේවා ලබාගතහැක.මේවා තුල EPA(Eicosapentaenoic Acid)සහ DHA (Docosahexaenoic Acid)අඩංගු වේ.මේවා මගින් රුධිරගත ට්‍රයිග්ලිසරය්ඩ මට්ටම අඩු කරනු ලබන බව සොයාගෙන ඇති අතර ,ඇමරිකානු හෘද සංගමය (American Heart Association) මගින් හෘද රෝග අවදානම සහිත රෝගීයෙකු සදහා දිනකට EPA සහ DHA මිලිග්‍රෑම් 1000ක්(1000mg) කැප්සියුලයක් නිර්දේශ කරන අතර ඉහල ට්‍රයිග්ලිසරය්ඩ මට්ටමක් සහිත රෝගීන් සදහා දිනකට 2000mg ත් 4000mgත් අතර ප්‍රමාණයක් භාවිතා කලයුතු බව දක්වා තිබෙනවා.තත්වය එසේ උවද මෙම ඖෂධයද වෛද්‍ය නිර්දේශයකින් තොරව භාවිතය නුසුදුසු වේ.
එසේ වන්නේ මේවායේ ඇති රුධිරය තුනීකිරිමේ හැකියාව නිසා සමහර රෝගීන්ට නුසුදුසු වීමයි .එසේම ප්‍රතිකැටිකාරක ඖෂධ (රුධිරය කැටිගැසීම වලක්වන ඖෂධ – Anti platelets),වෝෆරින් (warfarin)වැනි ඖෂධ ලබාගන්නා රෝගීන් මෙම ඖෂධ වෛද්‍ය නිර්දේශය මත පමණක් ලබාගතයුතු වෙනවා.මේවායේ ප්‍රධාන අතුරු ආබාධයන් වනුයේ බඩ බුරුලට යාම,වාතය එක් රැස් වීම වේ.
5.එසිටමය්බ් (Ezitamibe)
මෙම ඖෂධය මගින් සිදුවන්නේ අපගන්නා ආහාර වලින් ශරීරයට අවශෝෂණය වන කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කිරීමයි.මෙය සිදුවන්නේ අන්ත්‍රවලදී කොලෙස්ටරෝල් අවශෝෂණය අඩු කිරීම මගිනි.මෙම ඖෂධය නිතැතින්ම අක්මා එන්සයිම ඉහල මට්ටමකින් පවතින(high SGPT/SGOT levels in blood) රෝගීන්ටත් ,ඉහල කොලෙස්ටරෝල් මට්ටමක් සහිත ස්ටැටින් වලින් පමණක් පාලනය කිරීමට අපහසු රෝගීන්ට ස්ටැටින් කාන්ඩයේ ඖෂධයක් සමගම මෙයද නිර්දේශ කරන අවස්ථා තිබෙනවා.
මෙම ඖෂධයේද ස්ටැටින් වලදී මෙන්ම ආහාර ජීර්ණ අපහසුතා,මාංශපේෂි අපහසුතා ඇතිවියහැකිය.ඒවා ඔබට අපහසු තත්වයට පත්වේනම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගතයුතු වේ.
මෙම ඖෂධයද තම අභිමතය අනුව භාවිතාකල නොහැකි අතර මේ සම්බන්ධව ඔබට ඇතිවන ගැටලු ඔබගේ වෛද්‍යවරයා හෝ ඖෂධවේදී (Pharmacist )නිලධාරියා සමග සාකච්ඡා කරන්න.
️එච්.එම්.අමිල කාංචන හීන්කෙන්ද
B.Pharm(hons)
ඖෂධවේදී ,
බාහිර රෝගී අංශය,
ශ්‍රීලංකා ජාතික රෝහල,කොළඹ.