ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක K.L Rahulගේ උපන් දිනය තිබුණේ ඊයේ (18). ඉන්දියාව වසා දමා තිබීම නිසා කිසිම උත්සවයක් තිබුණේ නැහැ. ඒ නිසා ලෝකයේ සෑම තැනම සිදුවන ආකාරයට සුභ පැතුම් සියල්ල සිදු වුණේ සමාජ මාධ්‍ය හරහා.
රාහුල්ට සුභ පැතුම් එක් කළ අය අතර ක්‍රිකට් ක්‍රීඩකයින්, කීර්තිමත් දේශපාලනඥයින් හා ව්‍යාපාරිකයින් සිටියා. ඒ අතර සුපුරුදු ලෙස බොලිවුඩ් තරු, විශේෂයෙන් බොලිවුඩ් සුරූපිනියන් සිටියා.
ඒ සියලු සුභ පැතුම් අතර විශේෂ සුභ පැතුමක් කෙරෙහි ඉන්දීය ඕපාදූපකරුවන්ගේ, කාරියන්ගේ අවධානය යොමු වුණා. ඒ ආතියා ෂෙට්ටි Athiya Shetty විසින් රාහුල්ට යොමු කළ ඉන්ස්ටග්‍රෑම් සුභ පැතුම. මේක දැකක් බොහෝ දෙනෙක් එහි කිසියම් විශේෂත්වයක්, රහස්‍යභාවයක් දුටුවා. ඒකට හේතුව වුණේ රාහුල් – ආතියා ගැන ඕපාදූප රැසක් පසුගිය කාලය පුරාම බොලිවුඩය පුරා පැතිර යාමයි.
ඒත් ආතියා – රාහුල් ඒ ඕපාදූප ප්‍රතික්ෂේප කරලා තිබුණා. ‘අනේ අපි අතර එහෙම දෙයක් නෑ‘ කියලා ආතියා දිවුර දිවුරා කිව්වා.
මේ තත්ත්වය තුළ තමයි ආතියගේ සුබ පැතුම් පෝස්ට් එක අලුත් ගින්නක් ඇවිලුවේ. ඒ නිසා ඉන්දිය වෙබ්කරුවෝ වගේම බොලිවුඩ් ඕපදූප පත්තර, වෙබ් ගත් කටටම කිව්වේ ‘නෑ මෙන්න ඇත්ත හෙළි වෙලා. ආදරේ හංගන්න බැහැ‘ කියලයි.
‘මේක රාහුල් – ආතියා සම්බන්ධය තහවුරු කරන නිල පොස්ට් එකක්‘ කියලා සුප්‍රකට වෙඩ් අඩවි කිහිපයක්ම කිව්වා.
ආතියා තමා සහ රාහුල් බොහෝ සතුටින් සිනාසෙමින් සිටින රොමැන්ටික් / ප්‍රේමනීය ඡායාරූපයක් තම සුභපැතුමට යොදා ගත්තාය. ඡායාරූපයට වඩා වැදගත් වුණේ, ඕපාදූප සදහා හේතු වුණේ ඇයට ඡායාරූපයට ලබා දුන් ශීර්ෂපාඨයයි.
athiyashetty
Happy birthday, my person @rahulkl.” (සුභ උපන්දිනයක්, මගේ පුද්ගලයා @ රාහුල් කේ.එල්)
දැන් එය කෙතරම් හුරුබුහුටි ද?
ආතියා ෂෙට්ටි – රාහුල් අතර ආදර සම්බන්ධයක් තිබෙන බවට වන කතාවක් ටැබ්ලොයිඩ් පත්තර සහ වෙඩ් අඩවි විසින් මේ වන විට තහවුරු කර තිබෙනවා.
ආතියා – රාහුල් නිතර නිතර ඉන්ස්ටග්‍රෑම් මගින් හමු වෙන බවයි ඕපාදූප මාධ්‍ය කියන්නේ. ඒවා අතර හුවමාරු වන පෝස්ට් ආදරණීය ඒවා බවත් ඔවුන් කියනවා.
කොතරම් ඕපදූප පැතිරුණත් ආතියා – රාහුල් ඒවා තහවුරු කළේ නැති අතර දිගින් දිගටම ඒවා ප්‍රතික්ෂේප කළේය. එහෙත් තව දුරටත් ආතියා – රාහුල් පෙම්පුවත හුදු ඕපාදූපයක් නොවන බව ඉන්දීය මාධ්‍යවල හැගීමයි.
‘ආතියා රාහුල්ගේ උපන් දිනේට යොමු කළ පෝස්ට් එක බැලීමෙන් ඒ බව තහවුරු වෙනවා. ආතියියාට ඇගේ ක්‍රිකට් ක්‍රීඩක-පෙම්වතාට දිය හැකි මිහිරි තෑග්ග මෙය බව අපට හැඟේ‘
Filmfare ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි