පොලිස්පතිවරයා වෙත ලිපියක් යවමින් ඇමතිවරයා අවධාරණය කරන්නේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිළධාරින් ද සමග එක් ව ගෙන ගිය මෙම මහා පරිමාණ කුඩු ජාවාරම හෙළි කර ගත හැකි වුයේ තමන් විසින් පොලිස්පතිවරයාට හා මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමක් අනුව බවයි.
මිනුවන්ගොඩ කුඩු ජාවාරමට තමන්ව ඈදා ගනිමින් සාවද්‍ය ප්‍රකාශ කරන පුද්ගලයන්ට සහ සමාජ මාධ්‍ය වලට එරෙහිව පියවර ගන්න
යහපාලන ආණ්ඩුව සමයේ සිට ක්‍රියාත්මක මිනුවන්ගොඩ කුඩු ජාවාරමට තමන්ව ඈදැගනිමින් සාවද්‍ය ප්‍රකාශ කරනු ලබන පුද්ගලයන්ට හා වෙබ් අවඩි ඇතුළු සමාජ මාධ්‍ය වලට එරෙහිව වහා පියවර ගන්නා ලෙස කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලයි.
පොලිස්පතිවරයා වෙත ලිපියක් යවමින් ඇමතිවරයා අවධාරණය කරන්නේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිළධාරින් ද සමග එක් ව ගෙන ගිය මෙම මහා පරිමාණ කුඩු ජාවාරම හෙළි කර ගත හැකි වුයේ තමන් විසින් පොලිස්පතිවරයාට හා මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමක් අනුව බවයි.
ප්‍රදේශවාසින් තමන්ට ලබාදුන් තොරතුරු පොලිස්පතිවරයාට හා මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාට ලබා දී ඒ පිළිබදව කඩිනම් පියවර ගන්නා ලෙස කරනු ලැබු ඉල්ලීම අනුව මෙම පරීක්ෂණ සිදුකෙරුණු බව ඔහු සදහන් කරයි.
මේ සම්බන්ධයෙන් ඇමතිවරයා පසුගිය (17) වෙනිදා පොලිස්පතිවරයා වෙත යොමු කරන ලද සම්පූර්ණ ලිපිය මෙසේ ය.
2020-07-17
පොලිස්පතිතුමා පොලිස් මූලස්ථානය, කොළඹ.
පොලිස්පතිතුමණි,
මා සම්බන්ධයෙන් සිදු කෙරෙන සාවද්‍ය ප්‍රකාශය නිවැරිදි කිරීම සහ ඒ සදහා පරීක්ෂණයක් ඉල්ලීම
මිනුවන්ගොඩ පොලීසිය මගින් පසුගිය දා අත් අඩංගුවට ගත් ටයිල් චමින්ද නැමැත්තා හරහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයට සම්බන්ධ කීපදෙනෙකු ගෙන ගිය මහ පරිමාණ මත්කුඩු ජාවාරමක් පිළිබද තොරතුරු අනාවරණය කර ගැනීමට හැකියාව ලැබුණි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කුඩු හා පාතාලය මර්දනය කිරීමේ වැඩසටහන ඉතා ඉහළ තලයකට ඔසවා තැබීමට මෙමගින් හැකියාව ලැබුණු බව මුළු රටම පිළිගන්නා කාරණයකි.
මෙම සිද්ධියට සම්බන්ධ ‘ ටයිල් චමින්ද ‘ නැමැත්තා අත්අඩංගුවට ගැණුනේ 2020-06-08 වන දින යටියන විජය මංගල පිරිවෙනේ ධර්ම ශාලාවේ පැවති රැස්වීමකින් අනතුරුවය. යහපාලන ආණ්ඩුව කාලයේ සිටි යටියන ගමේ මත්ද්‍රව්‍ය ජාවාරමක් පවතින බවට ප්‍රදේශවාසීන් විටින් විට මා වෙත පැමිණිලි කර තිබු අතර ඒ අනුව අදාළ රැස්වීම සංවිධානය කරන ලෙස ප්‍රදේශයේ මගේ නියෝජිතයන්ට මා විසින් උපදෙස් ලබා දී තිබිණි. රැස්වීම එදින පැවැත්වූයේ ඒ අනුවය. ඒදින රැස්වීමට මිනුවන්ගොඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා ද කැදවා ගන්නේ මේ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමටය. ඒ අනුව ප්‍රදේශවාසීන් ලබා දුන් තොරතුරු අනුව මෙයට සම්බන්ධ සියලු දෙනාට ඒරෙහිව කඩිනම් පියවර ගන්නා ලෙස මාවිසින් පොලිස් ස්ථානාධිපතිවරයාගේ ඉල්ලා සිටි අතර පොලිස්පතිවරයාට ද දුරකථනයෙන් අමතා මේ පිළිබද පියවර ගන්නා ලෙස දැනුම් දුනිමි.
පහුගිය යහපාලන රජය කාලයේ සිට ඉතා රහසිගත ව ක්‍රියාත්මක වූ මෙම ජාවාරම හෙළිදරව් වුයේ එම රැස්වීමෙන් පසුව ක්‍රියාත්මක වු පරීක්ෂණ වලට අනුවය. මෙම පරීක්ෂණ වලට මගේ තනතුර හෝ නාමය භාවිතා කරමින් අබමල් රේණුවක හෝ බාධාවක් නොවනු පිණිස අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග මා විසින් ගත් බව ඔබතුමා සහ පොලීසියේ සියලු නිළධාරීන් හොදින් දන්නා කරුණකි. එබැවින් මේ සිද්ධියට මා ඇඳෑ ගැනීමට පාරාජිත දේශපලනඥයින් කටයුතු කිරීම පිළිකුල් සහගතය.
ප්‍රසිද්ධ මාධ්‍ය, වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය ඔස්සේ මේ පිරිස මෙම කුඩු ජාවාරම පිටුපස මා සිටින බවට ජනතාව අතර මතයක් ඇති කිරීමට කටයුතු කරමින් සිටී. ඊට අදාළව මාධ්‍ය ඔස්සේ පළ වූ වාර්තා කීපයක් මේ සමග ඔබ වෙත එවමි. ඔවුන් මේ සියල්ල සිදු කරන්නේ ඔවුන්ට හා ඔවුන් නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂ වලට වාසි ලබා ගැනිමේ අරමුණිනි. ජනාධිපතිවරයා ගෙන යන පාතාළය හා කුඩු මර්දනය කිරීමේ මෙහෙයුම අඩාල කිරීම මොවුන්ගේ අරමුණ බව පෙනේ. මේ නිසා මේ සිද්ධිය සිදු වූ ආකාරය පිළිබද පැහැදිලි කීරිමක් රටට සිදු කරන ලෙසත් මේ සදහා මා සම්බන්ධ කර ගනිමින් මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රකාශ කරනු ලබන පුද්ගලයන්ට හා ඒවා පළ කරන අයට එරෙහිව විමර්ශනයක් සිදු කර ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලා සිටිමි.
මෙවැනි බොරු අවලාද නැගීමෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ පමණක් නොව රටේම ජනතාව පොහොට්ටුව හා මා කෙරෙහි තබා ඇති විශ්වාසය පලුදු නොවන බව මා දනිත්ත හෘද සාක්ෂියක් සහිත දේශපාලනඥයෙකු ලෙස මෙම ඉල්ලීම සිදු කරනු ලබන බවද අවධාරණය කරමි.
ස්තූතියි. මෙයට – විශ්වාසි, ප්‍රසන්න රණතුංග