කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය පාලනය කීමෙන් පසු සංචාරක, ආයෝජන ප්‍රවර්ධන, කාර්මික අපනයන හා ගුවන්සේවා ක්ෂේත්‍ර යලි නංවාලීමට අදාල යෝජනා හා සැලසුම් ලබා දෙන්නැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අදාල ආයතන ප්‍රධානීන්ට උපදෙස් දෙයි.
අදාල සැලසුම් හා යෝජනා සතියක් තුල ලබා දෙන ලෙසද ඇමතිවරයා එම ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.
කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ ලේකම් වරයාට හා සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම්වරි මගින් ඇමතිවරයා අදාල ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇත්තේ ඒ ඒ ආයතන වලට අදාල යෝජනා හා සැලසුම් වෙන් වෙන් වශයෙන් ඉදිරිපත් කල යුතු බවයි.
කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන හා සංචාරක හා ගුවන්සේවා අමාත්‍යංශයට සංචාරක සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ගුවන්තොටුපොල හා ගුවන්සේවා සමාගම, ගුවන් සේවා අධිකාරිය, අපනයන සංවර්ධන මණ්ඩලය හා ආයෝජන මණ්ඩලයද අයත් වේ.
සෘජුවම මෙරට ආර්ථිකය හා සම්බන්ධ මෙම ආයතන කෝවිඩ් 19 වසංගතය ලොව පුරා පැතිර යාමත් සමග විවිධ ආර්බුධවලට මුහුණ පා තිබේ. විශේෂයෙන්ම සංචාරක ක්ෂේත්රය සම්පූර්ණයෙන්ම බිද වැටී ඇත. ආයෝජන ප්‍රවර්ධන, අපනයන සංවර්ධනය මෙන්ම ශ්‍රී ලංකන් සමාගමද මේ තත්ත්වය බලපා තිබේ.
රට තුල කෝවිඩ් 19 වසංගතය පාලනය කිරීමට රජය ගත හැකි උපරිමයෙන් කටයුතු කරමින් සිටී. ඒ අනුව වසංගත තත්ත්වය පාලනය කිරීමත් සමග මෙම ආයතන නැවත සක්‍රිය කර බිද වැටී ඇති සංචාරක, ආයෝජන ප්‍රවර්ධන, අපනයන සංවර්ධන වැනි විෂයන් නැවත යථා තත්ත්වයට පත් කර ගැනීම සදහා කෙටි කාලීන හා දිගු කාලීන වැඩ පිලිවෙලක් සැකසීම මෙම වැඩ පිළවෙලේ අරමුණ බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
අදාල ආයතන සිය යෝජනා හා සැලසුම් ඉදිරිපත් කල විට ඒ පිලිබද රජය සමගද සාකච්ඡා කර එම යෝජනා හා සැලසුම් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවද ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩි දුරටත් සදහන් කලේය. ආයතන මට්ටමින් වෙන් වෙන් වැඩ සටහන් මෙන්ම ඒකාබද්ධ වැඩ සටහන් ද ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවද ඔහු කියා සිටියේය.