ශ්‍රී ලංකා වේ, පෞද්ගලික රෝහල් සමූහයක් එක්සත් රාජධානියේ ඇබර්ඩින් වෛද්‍ය පීඨය සමග එක්ව පුද්ගලික වෛද්‍ය උපාධියක් ලබා දීමට සැලසුම් කරමින් සිටින බවට පසුගිය 15 වැනිදා වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය විසින් ඉදිරිපත් කළ චෝදනාවට ප්‍රතිචාර වශයෙන් රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (18) නිකුත් කළ මාධ්‍ය නිවේදනයට වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය ප්‍රතිචාර දක්වමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
එහි මාධ්‍ය ප්‍රකාශක වසන්ත අල්විස් මහතාගේ අත්සනින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන්ම පහත පළ වේ.
පසු ගිය දිනවල ආන්දෝලනයට ලක් වූ ඉහත කාරණය සම්බන්ධයෙන් ප්රවෘත්ති අධ්‍යක්ෂක විසින් ඊයේ (18) නිකුත් කරන ලද නිවේදනයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීමට රජය තීරණයක් ගෙන නොමැති බවත් ශ්‍රී ලංකා වේ, පෞද්ගලික රෝහල් සමූහයක් එක්සත් රාජධානියේ ඇබර්ඩින් වෛද්‍ය පීඨය සමග සාමාන්‍ය පටිපාටිය අනුව අදාල පෞද්ගලික රෝහල්වල සායනික පුහුණුව ලබා දීම සිදුවන බව සඳහන් කර ඇත.
එසේ ම ඇබර්ඞීන් විශ්ව විද්‍යාලයෙන් කරන ලද විමසීමකට අනුව මෙම පෞද්ගලික වෛද්‍ය උපාධිය සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය ලැබී ඇති බව සඳහන් කර ඇති බව වාර්තා වේ .
උසස් අධ්‍යාපන විෂය භාර ඇමති බන්දුල ගුණවර්ධන මහතා විසින් පසුගිය දා ප්‍රකාශ කරන ලද්දේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් පිහිටුවීම පිළිබඳව රජය කවර හෝ තීරණයක් ගෙන නොමැති බවත් ය.
මෙ ම කරුණු එකිනෙකට පරස්පර විරෝධී වෙන අතර විදේශික සිසුන් ට ශ්‍රී ලංකාවේ රෝගීන් පරික්ෂා කිරීමට නම් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය ලබා ගත යුතු අතර මෙතෙක් අප දන්නා පරිදි ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එබඳු අවසරයක් අදාළ ආයතන වෙත ලබා දී නොමැත.
එවන් පසුබිමක මෙම ආන්දෝලනාත්මක ගැටලුව විසඳීම සඳහා අතිගරු ජනාධිපති තුමා, ගරු අගමැති තුමා හෝ රජයේ පාර්ශවයෙන් ඉතා පැහැදිලි ප්‍රකාශයක් කරලා ලෙස ඉල්ලා සිටිමු.
මුදල් මත යැපෙන ව්‍යාපාරිකයන් රට රවටා හෝ තමන්ගේ අභිමතාර්ථ මුදුන් පත් කර ගැනීම වෙනුවෙන් සදාචාරාත්මකව කිසිදු වෙකුට පෙනී සිටිය නොහැකි බව හා රට තවදුරටත් විනාශ මුඛයට රැගෙන යාමට ඉඩ දිය නොහැකි බව දන්වන අතර covid 19 අර්බුදයේ දී මේ කිසිදු ව්‍යාපාරිකයෙක් රට වෙනුවෙන් ඉදිරිපත් වූයේ නැත.
මේ අයුරින්ම ඉහත කරුණු උපයෝගී කර ගෙන පූර්වාදර්ශයක් කර ගනිමින් ත්‍රස්තවාදී හෝ අන්තවාදී කණ්ඩායම් වලට විශ්ව විද්‍යාල හෝ වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස් අධ්‍යපන අමාත්‍යංශයේ සහ වෛද්‍ය සභාවේ අවසරයකින් තොරව කටයුතු කිරීමට හැකියාවක් ලැබෙන අතර එයට විරුද්ධ විය නො හැකිය.
එසේම මෙම ඇබර්ඩීන් ආසිරි පෞද්ගලික වෛද්‍ය උපාධිය සඳහා රුපියල් කෝටි හතරක් පමණ වැය වන බව දැන ගන්නට ලැබී ඇති අතර වෛද්‍ය උපාධිය මුදල් මත පමණක් පදනම්ව ලබා දීමට අප විරුද්ධ වන බව හා එම මුදල් වියදම් කිරීමට මේ රටේ කී දෙනෙකුට හැකියාවක් ඇත්තේ ද යන්න හා ත්රස්තවාදීන් අන්තවාදීන් හා මේ රටේ මහජන දේපල සොරා කන අයවලුන්ට හැර මේ මුදල් වෙන කිසිවකුට ගෙවීමට හැකියාවක් ඇත්තේ ද ගැඹුරින් සිතා බැලිය යුතු බව කාරුණිකව දන්වමු
වසන්ත අල්විස්, මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය ශිෂ්‍ය දෙමාපිය සංගමය
වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය විසින් පසුගිය 15 වැනිදා නිකුත් කළ නිවේදනය පහත පළ වේ.