ඇදිරි නීති සමයේ බෙදා ප‍්‍රමිතියෙන් තොර අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදුවොත් වැඩ වරදී – ඇමති ප‍්‍රසන්න

Spread the love

ඇදිරි නීතිය පවතින කාලය අතර තුර නිවෙස් වලට අත්‍යවශ්‍ය භාණ්ඩ නිසි ප්‍රමිතියෙන් හා නිසි මිලට අලෙවි කරන්නේ දැයි රජය අවධානයෙන් සිටින බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ සෑම ප්‍රාදේශිය ලේකම්වරයෙකුටම ඊට අදාල උපදෙස් මේ වන විට ලබා දී ඇති බවයි.

ඇදිරි නීතිය පවතින කාලය තුල අත්‍යවශ්‍ය භාණ්ඩ නිවෙස්වලටම යැවීම මේ වන විට දිවයින පුරා ක්‍රියාත්මකයි. සමූපකාර, සතොස, ප්‍රාදේශිය ලේකම් කාර්යාල මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතරම පෞද්ගලික අංශයේ වෙළද සැල් පවත්වාගෙන යනු ලබන ආයතනද ඊට එක්ව තිබේ. ඊට අමතරව මාලු , එළවළු ව්‍යාපාරිකයන්ද මේ සදහා දායක වී ඇත.

ඇදිර නීතිය ක්‍රියාත්මක වුවද සමෘද්ධි ප්‍රතිලාභීන්ට අත්‍යවශ්‍ය බඩු මල්ලක් ලබා දීම මේ වන විටත් ගම්පහ දිස්ත්‍රික්කය පුරා ආරම්භ කර තිබේ. ඊට අමතරව ග්‍රාම සේවා වසම් මට්ටමින් හදුනාගත් අඩු ආදායම් ලාභී පුද්ගලයන්ටද නොමිලේ අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීමේ වැඩ සටහනක්  ක්‍රියාත්මකයි. රජයේ හා පෞද්ගලික අංශයේ දායකත්වයෙන් එය ක්‍රියාත්මක වේ. ජනතාවට අවශ්‍ය ‍ඖෂධ  ලාබ ගැනීම සදහා වෙලද සැල් විවෘත්තව පවතියි.

මීට අමතරව කඩින් කඩ ඇදිරි නීතිය ඉවත් කෙරෙන ප්‍රදේශ වල තදබදයකින් තොරව ජනතාවට අත්‍යවශ්‍ය  භාණ්ඩ  මිලදී ගැනීමට හැකි වන පරිදි ක්‍රමවේදයක් සැකසීම කෙරෙහිද රජයේ අවධානය යොමුව තිබේ. ඇදිරි නීතිය ඉවත් කළ විට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සදහා නගරවලට හා වෙළද සැල් වලට රොක් වන ජනතාව අවම කිරීමේ අරමුණින් අත්‍යවශ්‍ය භාණ්ඩ ඇදිරි නීති කාලය තුල නිවස් වලට යැවීමේ වැඩ සටහන ආරම්භ කල බව රණතුංග මහතා පෙන්වා දෙයි.

කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය පැතිර යාම පාලනය කිරීම සදහා ජනතාව ඒක රාශී වීම නතර කළ යුතු බවත් රටේම ජනතාව නිවෙස්වලම ස්වයං නිරෝධානයකට  ලක් කිරීම සදහා ඇදිරි නීතිය පනවන බවත් පෙන්වා දෙන ඇමති ප්‍රසන්න රණතුංග මහතා ජනතා සහාය ලැබෙන්නේ නම් මෙම වසංගතය පැතිරීම පාලනය කිරීමට හැකි බවද පෙන්වා දෙයි.

මේ නිසා සෞඛ්‍ය අංශ වල හා ආරක්ෂක අංශ වල උපදෙස් නිසි ලෙස පිළිපදින ලෙසත් මේ මොහොතේ  පක්ෂ පාට බේද නොසලකා රජයට සහාය පල කරන ලෙසත් රණතුංග මහතා සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටියි.

RSL

Related Posts