ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට රැස්වේ
- RSL
- June 23, 2020
- උණුසුම් පුවත්
- featured
- 0 Comments
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීමක් එහි සභාපති හා අටවන පාර්ලිමේන්තුවේ හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (24) පස්වරු 06 ට කථානායක නිල නිවසේදී පැවැත්වේ.
එම රැස්වීමට අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් සහභාගී වීමට නියමිත බව එහි ලේකම් හා පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ පුරප්පාඩුව පවතින සාමාජිකයන් දෙදෙනා සඳහා ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එවා ඇති නාමයෝජනා මෙහිදී සාකච්ඡාවට ලක් වීමට නියමිතය.

