පසුගිය පැය 24 තුළ (ජූනි 06වැනි දින) ඉන්දියාවේ කොවිඩ් -19 රෝගීන් 10,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා කර ඇති අතර මේ වන විට ඉන්දියාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 237,788ක් බවට පත්ව තිබෙනවා. ඒ අනුව ඉන්දියාව ඉතාලිය (234,531) අභිබවා ගොස් ඇති අතර ආසාදිතයින් 240,978ක් වාර්තා වන ස්පාඤ්ඤයට පිටුපසින් සිටිනවා.
මේ අතර ඉන්දීය මාධ්‍ය වාර්තා කියන්නේ කොවිඩ්-19 ආසාදිතයින්ගේ ඉහළ වර්ධනය සමග මුම්බායි හි සෞඛ්‍ය පද්ධතිය කඩා වැටෙමින් පවතින අතර අගනුවර වන දිල්ලියේ රෝහල්වල දැඩි තදබදයක් වාර්තා වන බවයි.
මේ අතර, සාප්පු මධ්‍යස්ථාන, පූජනීය ස්ථාන, අවන්හල් සහ කාර්යාල සඳුදා සිට නැවත විවෘත කිරීමට ඉන්දීය රජය අවසර දී තිබෙනවා.
මේ අතර ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සංඛ්‍යා ලේඛන අනුව ඉන්දියාව ආසාදිතයින් සංඛ්‍යාෙවන් 06 වැනි ස්ථානයේ පසු වුවද මරණ සංඛ්‍යාව අතින් 12 වැනි ස්ථානයේ පසුවන බව සදහන් වෙනවා.
ඉන්දියාව තුළ සිදුවන අඩු පරීක්ෂණ ගැන දැඩි විවේචන පැවතුණ ද මරණ සංඛ්‍යාව පහළ අගයක පැවතීම ඉන්දියාව යළි යථා තත්ත්වයට පත් කිරීමට රජය ඉදිරිපත් වීමට හේතු වී තිබෙනවා. ඉන්දීය සෞඛ්‍ය විශේෂඥයින් පවසන්නේ ෙඉන්දියාවේ හඳුනා නොගත් ආසාදන බොහොමයක් රෝහල් ගත කිරීමට තරම් දරුණු නොවන ඒ බවයි.
මේ අතර වෛද්‍ය සේවා ලබා ගැනීමට වෙහෙසෙන රෝගීන් ගැන කතා කිරීම සඳහා බොහෝ ඉන්දියානුවන් සමාජ මාධ්‍ය වෙත යොමු වී ඇති අතර සමහර රෝහල් පවසන්නේ පරීක්ෂණ කට්ටල පවා නොමැති බවයි.
විචාරකයින් පවසන්නේ මෑතදී සිදුවූ සිදුවීම්වල ඉහළ යාම පෙන්නුම් කරන්නේ වෛද්‍ය පහසුකම් ඉහළ නැංවීමට සහ විශාල ආර්ථික පිරිවැයකින් රජයට කාලය ලබා දීම සඳහා වූ අගුලු දැමීම ක්‍රියාත්මක වී නොමැති බවයි.
බෝවන රෝග පිළිබඳ මහාචාර්යවරයකු හා පර්යේෂකයෙකු වන ගෞතම් මෙනන් මීට පෙර බීබීසීයට කියා සිටියේ රටට වෙනත් විකල්පයක් නොමැති බවයි.
“කාරණයකින් ඔබ්බට, ආර්ථික, සමාජීය හා මානසික වශයෙන් මෙතරම් කාලයක් තිස්සේ පැවතුන අගුළු දැමීම ගැනීම දුෂ්කර යි” ඔහු පැවසීය.
බී.බී.සී ඇසුරිණි