පෞද්ගලික රෝහල්වලට ඇමති රාජිතගෙන් නියෝගයක්

Spread the love

බෝවන රෝග වැළඳුණු රෝගීන් පිළිබඳ දත්ත සෞඛ්‍ය අමාත්‍යංශයට ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පෞද්ගලික රෝහල්වලට දැනුම් දී තිබේ.

පෞද්ගලික රෝහල් නියාමන සභාව හරහා සියලුම පෞද්ගලික රෝහල් දැනුම්වත්කරන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බවත්, එවැනි රෝගීන් පිළිබඳ තොරතුරු ලබා ගැනීමේදී නව වෛරස් හඳුනා ගැනීම, ප්‍රතිකාර ක්‍රමවේද ආරම්භ කිරීම හා පැතිරයාම වැලැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට හැකියාව ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ආයතන ප්‍රධානීන්ගේ රැස්වීමේ දී අමාත්‍යවරයා විසින් නිලධාරීන්ට එම උපදෙස් ලබාදී ඇත.

RSL

Related Posts