බදු ඉහළට!

Spread the love

Tax-Burden

යහපාලන ආණ්ඩුවේ පළමු අය-වැය වූ 2016 අය-වැයෙන් ඉදිරිපත් කර තිබූ බදු යෝජනා සංශෝධනය කර තිබේ. අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව පාර්ලිමේන්තුවේ දී දැනුම් දුන්නේ ය. රටේ ආර්ථික උන්නතිය වෙනුවෙන් කිසිදු සාධනීය යෝජනාවක් හඳුන්වා දී නොතිබුණු 2016 අය-වැය අර්බුදයට ලක් වනු ඇති බව මැදහත් විචාරකයන් එදා ප්‍රකාශ කළේ, ආදයම් උපයන කිසිදු මඟක් එහි නැති බවත් ජනතාව මත වසර මැද දී බදු පැටවීම හැර වෙනත් විකල්පයක් නැතැ යි කියමිනි.

වැට් බද්ද 15% කින් ඉහළ දමා ඇත. ප්‍රාග්ධන බද්ද සහ සමාගම් ආදායම් බදු තවදුරටත් ඉහළ දමා ඇති අතර විදුලි සංදේශ, පෞද්ගලික අධ්‍යාපන සහ පෞද්ගලික සෞඛ්‍ය සේවා මත ලබා දුන් වැට්‌ බදු සහන ඉවත් කර තිබේ. දැනටත් බොහෝ අපහසුවෙන් ජීවිතය සරි කරගන්නා ජනතාවගෙන් සාතිශය බහුතරයකට ඉදිරියේ දී තවත් අමාරුකම්වලට මුහුණ පෑමට සිදුවන බව නිසැක ය.

RSL

Related Posts