අලුතින් ලියාපදිංචි කෙරෙන නව දේශපාලන පක්ෂ මැයි 31දා ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසමේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ.
ජාතික මැතිවරණ කොමිසම පෙබරවාරි 28දා ට පෙර නව දේශපාලන පක්ෂ ලියාපදිංචියට ඉල්ලුම් කරන ලෙස දන්වා තිබිණි. ඒ අනුව එවැනි ඉල්ලුම්පත් 95ක් කොමිසම වෙත ලැබී තිබේ.
ඒවා පිළිබඳ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් මඟින් මේ දිනවල පරීක්ෂණ කටයුතු සිදු වෙමින් පවතී. මේ වන විට ලියාපදිංචි දේශපාලන පක්ෂ සංඛ්‍යාව 64කි.
Loading...