රාජ්‍ය විරෝධී උද්ඝෝෂකයින්ට අවශ්‍ය පහසුකම් රජයෙන්ම

Spread the love

රාජ්‍ය විරෝධී උදේඝෝෂණ සහ විරෝධතා පවත්වනන්ට අවශ්‍ය පහසුකම් රජය විසින්ම ලබාදීමට රජය විසින් කටයුතු කරමින් සිටී. ඒ අනුව රජයට එරෙහිව සිදු කෙරෙන උද්ඝෝෂණය සහ විරෝධතා පෙළපාලි පැවැත්වීමට කොළඹ නගරයේ විශේෂ ස්‌ථාන තුනක්‌ ලබන සැප්තැම්බර් මාසයේ සිට වෙන් කර දීමට රජය තීරණය කර ඇත.

ජන ජීවිතයට බලපෑමක්‌ නොවන ආකාරයට මෙම ස්‌ථාන වෙන්කර දීම නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයට පවරා ඇති අතර ඒ අනුව එම අමාත්‍යාංශය මගින් ස්‌ථාන හඳුනා ගෙන තිබේ.

උද්ඝෝෂණ, විරෝධතා සඳහා පැමිණෙන ජනතාව වෙනුවෙන් එම ස්‌ථානවල වැසිකිළි, කැසිකිළි ආදී පහසුකම් ද සැපයීමට කටයුතු කරන ලෙසට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයට උපදෙස්‌ දී තිබේ.

RSL

Related Posts